සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1209
මල මාර්ගය
නා. මලමග ; ගුදය ; ගුද මාර්ගය ; අධෝමග.
මලකඩ
1. නා. යකඩ මත සෑදෙන රතට හුරු දුඹුරු පැහැති ද්රව්යය ; යකඩ මල.
2. ඉටි ගැල්වූ රෙද්ද.
මලකඩ රෝගය
නා. ශාක රෝගයක්.
මලකැඳ
නා. ඌරන්ට දීම සඳහා පිළියෙල කරන කැඳ වර්ගයක්.
මලකිස
නා. මලපහ කිරීමේ කාර්යය ; මලපහ කිරීම; ශරීර කෘත්යය.
මලඟ
1. නා.ප්ර. ස්ත්රිය ; කාන්තාව.
2. අනංගයා.
3. ඉඟටිය.
මලඟන
නා. වැදි ස්ත්රිය ; ව්යාධංගනාව.
මලදම්
නා.ප්ර. මාලා දාමය ; මල් මාලාව.
මලදරු
නා.ප්ර. වැද්දා ; ව්යාධයා.
මලද්වාරය
නා. මල පිටවෙන මඟ ; ගුද මඟ.
මලපත
නා. (සතුන් ඇල්ලීමට ලන) තොණ්ඩුව ; පාශය ; මල පුඩුව.
මලබද්ධය
නා. මල වියළී, පහ නොවී පැවතීම ; බඩ වේලීම.
මලභේදය
නා. මල බිඳීම ; මල පහවීම ; අතීසාරය.
මලමඩුලු
1. නා.ප්ර. ඉතා උස ඳු හෙල් ආදිය සහිත පළාත.
2. ශ්රී ලංකාවේ මධ්යම කඳුකරය.
මලමු
නා. මලමුත්ර.
මලය දනවුව
නා. කඳුකර ප්රදේශය.- විශේෂයෙන් ශ්රී ලංකාවේ මධ්යම කඳුකර ජනපද ප්රදේශය ; මලය දේශය ; මලය රට.
මලය මණ්ඩලය
නා. ශ්රී ලංකාවේ කඳුකරය අයත් වූ පාලන ප්රදේශය.
මලයාලම්
නා.ප්ර. දකුණු ඉන්දියානු කේරළ ප්රාන්තයේ භාවිත වන ද්රවිඩ භාෂා ගණයට අයත් භාෂාවක්.
මලල ක්රීඩා
නා.ප්ර. දිවීම්, පැනීම් ආදිය ඇතුළත් ක්රීඩා ; දේහ ශක්තිය විදහා පෑමටත් වර්ධනය කර ගැනීමටත් කරන කෙළි සෙල්ලම් ; ශාරීරික අභ්යාස ආදිය.
මලවනවා
ක්රි. ආහාරය සඳහා පලා කොළ ආදිය සිහින් වෙන්නට ලියා ගෑ පොල් මිශ්රකර උයා පිළියෙල කරනවා ; මැල්ලුම් සකස් කරනවා.
මලවියා
[මල් + අවියා]
නා. මලෙවියා ; අනංගයා.
මලසම
නා. ශරීරයේ මතුපිට ඇති සියුම් චර්මය ; හෝහම.
මලසුන
නා. දාගැබ් පිළිම ආදියට මල් පිදීම සඳහා පිළියෙල කර තිබෙන ආසන විශේෂය ; මල් ආසනය ; පුෂ්පාසනය.
මල්
1. නා.ප්ර. කුසුම් ; පුෂ්ප.
2. මල්දම්.
3. බාලයා ; බාල සහෝදරයා ; මල්ලී ; කනිෂ්ඨයා.
4. භාජනය මලාව ; අප්පල්ලය ; පූකිරිය.
5. (වන) පංක්තිය ; පෙළ.
6. මල්ලයා.
7. ඇසෙහි සෑදෙන සුදු ලප.
8. පැණි.
9. කිල්ල ; ඔසප්වීම.
10. මානය ; අහංකාරය.
11. අඟුරු කබල.
12. මාතලී දිව්යපුත්රයා.
13. සිනිඳු කපු නූලෙන් වියනු ලැබූ රෙදි විශේෂයක්.
14. හියුමස් නම් සියුම් පොහොර පස් විශේෂය.
15. තට්ටු ගොඩනැගිල්ලක එක් තට්ටුවක්.