සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1210
මල් ඇතිරිය
(කථා.) නා. පුදන තැන ; ඇතිරිල්ලක් මෙන් සෑදූ මල් රැස ; පුෂ්පාස්තරණය.
මල් පැස
නා. මල් බහාලු විවෘත භාජනය ; මල් කූඩ.
මල් වර්ෂාව
1. නා. අහසින් මල් ඉසීම ; මල් වැස්ස.
2. සිහින් පොද වැස්ස.
මල් සුඹුළුව
නා. හිසේ පැලඳීම පිණිස දරණු ආකාරයෙන් කළ පුෂ්ප රචනාව ; මල්වලින් සකස් කළ හිස් පලඳනාව ; මල් ඔටුන්න.
මල්කඩ
1. නා. මල්දම ; මාලාදාමය ; මල්වැටිය.
2. මල් සටහන් ඇති වස්ත්‍රය.
මල්කම
නා. මල්වලින් කරන සැරසිලි ; මාලාකර්මය.
මල්කරුවා
නා. මල්කම් කරන්නා ; මාලාකාරයා ; මල් වෙළඳාමෙන් ජීවත්වෙන්නා.
මල්තුහින
නා.ප්‍ර. සුදු පැහැති මිදුණු පිනි ; ඝන වූ තුෂාර.
මල්නැබ
නා.ප්‍ර. විෂ්ණු දෙවි.
මල්පල
නා. මල් හා ගෙඩි.
මල්පලු
නා.ප්‍ර. මල් හා දලු ; පුෂ්ප පල්ලව.
මල්පාවර
නා.ප්‍ර. මිනිසුන් පයින් ගොයම් පාගන විට පළමු මැඩවුම හඳුන්වන නාමය.
මල්පැණියා
(කථා.) නා. මල් පැණි බී ජීවත් වන කුඩා කුරුලු විශේෂයක්.
මල්පැල
1. නා. (මගීන් සඳහා කළ) ගිමන් හල.
2. ගෙවල් සමීපයේ පහන් දැල්වීම සඳහා තනා ඇති කුඩා ගෙය ; (මන්ත්‍ර ගුරුකම් කිරීම සඳහා ගේ සමීපයේ එළිමහනේ ගොක් කොළ ආදියෙන් තනන තාවකාලික) කුඩා මණ්ඩපය.
මල්පිහිය
(කථා.) නා. කිතුල් මල් කපන ආයුධය ; ගස් බඳින පිහිය.
මල්පොල
නා. ඇස තුළ කුඩා මලක් වැනි පොලක් ඇතිවීමේ රෝගය.
මල්බෑයා
නා. කනිටු සහෝදරයා ; මල්ලී.
මල්බෙරි
නා.ප්‍ර. දම් පැහැති කුඩා ගෙඩි හටගන්නා වූ ද, පට පණුවන් වෙත පෝෂණය සපයන්නා වූ ද ශාකය.
මල්මද
වි. ලඳ බොළඳ ; ළාබාල.
නා.ප්‍ර. අනංගයා.
මල්යහන
1. නා. මලින් කළ ඇඳ ; මල් ඇතුරූ යහන ; පුෂ්පාසනය.
2. තොවිල්වල දී පූජා ද්‍රව්‍ය තැබීම සඳහා පිළියෙල කරන (තාවකාලික) මැස්ස.
මල්රද
නා.ප්‍ර. මලක පරාග ධානියෙහි සෑදෙන කුඩු හෝ ඇලෙන සුලු ද්‍රව්‍යය ; මල්වල ඇති සියුම් ධූලිය ; මල් රොන් ; පුෂ්ප පරාග ; මල් රේණු ; මල් රොන්.
මල්රසය
නා. පුෂ්ප මධුව ; මල් මී.
මල්ල
නා. යමක් බහාලීම සඳහා පාන් කෙඳි ආදියෙන් වියූ පැස.
මල්ලයා
නා. පොර බදින්නා ; බාහු යුද්ධකාරයා.