සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1231

මාළු රිල්ල

(ධීව.) නා. දිය මතුපිටට මාළු මතු වී පෙනීම.

මාළුපිනි

නා.ප්‍ර. බත් සමග ආහාරයට ගැනෙන ව්‍යඤ්ජනාදිය.

මැංගනීන්

(පාරිභා.) නා.ප්‍ර. ප්‍රධාන වශයෙන් වානේ හා වෙනත් මිශ්‍ර ලෝහ සෑදීමේ දී ගනු ලබන ලෝහයක මූල ද්‍රව්‍යයක්.

මැංගනීස් වානේ

(පාරිභා.) නා.ප්‍ර. ගෙවීමටත්, කම්පනයටත් ඔරොත්තු දෙන තද වානේ වර්ගයක්.

මැක්කා

නා. බල්ලන් ආදි සතුන්ගේ, පක්ෂීන්ගේ හෝ මිනිසුන්ගේ ඇඟෙහි ඇලී ලේ උරා බොමින් ජීවත් වන පරපෝෂිත කෘමි විශේෂයක්.

මැකියුලාව

(පාරිභා.) නා. පෘෂ්ඨ වංශීන්ගේ ඇතුළු කනේ වූ තුම්බිකාවේ හා මඩිච්චියේ ප්‍රතිග්‍රාහක ලපය.

මැකිලිය

(පාරිභා.) එන්ජිමක බෙයාරිං සවිකර ඇති කොටස.

මැකෝ

(පරිග.) නා.ප්‍ර. පරිගණකයේ ඇතිවන්නා වූ වෛරසයක නාමය.

මැග්නීසියම්

(පාරිභා.) නා.ප්‍ර. සුදුපාට සැහැල්ලු ලෝහමය මූල ද්‍රව්‍යයක්.

මැග්මා

(පාරිභා.) නා.ප්‍ර. ගිනිකඳු පිපිරීමෙන් පිටවන ලාවා සෑදෙන පෘථිවිය අභ්‍යන්තරයේ ඇති ද්‍රව්‍යය.

මැට්‍රික් ක්‍රමය

නා. දශම මිනුම් ක්‍රමය ; මීටර් ක්‍රමය.

මැටි

නා.ප්‍ර. ඉතා සියුම් කණිකාවලින් සෑදුණු අවසාදිත නිධියක් ; ස්වාභාවික හේතු නිසා පර්වත කොටස් දිරායාමෙන් පොළොවේ ඇති අපද්‍රව්‍ය හා මිශ්‍රවීමෙන් සෑදෙන පස් විශේෂයක්.

මැටි අයිරුව

නා. වළං මැටි ලබාගන්නා ස්ථානය ; මැටි ආකරය.

මැටි අහු

නා.ප්‍ර. මැටිවලින් තබන මුද්‍රා විශේෂයක නාමය.

මැටි ඔරුව

(පාරිභා.) නා. පදම්වීම සඳහා මැටි රත්කර තබන විශාල පෙට්ටියක් වැනි උපකරණය.

මැටි ගසනවා

ක්‍රි. යමක සිදුරු වැසීයන සේ මැටි ආලේප කරනවා.

මැටි පන්දම

නා. පෙරහැර වල ගෙන යෑම සඳහා මැටි බඳුනක් තුළ වැටි දල්වා සාදා ගැනෙන පන්දම.

මැටිකට්ටය

1. නා. පාගා සකස් කර ගත් මැටි පිඩ.
2. (කථා.) මල්වෙඩිවල හා රතිඤ්ඤාවල පතුලෙහි හිරකර තිබෙන මැටි ගුලිය.
3. ගෑස් ලාම්පුවල මැන්ටලය බඳින මැටියෙන් සෑදූ කොටස.

මැටිකරුව

1. නා. මැටිවලින් සාදා සිදුරක් සහිතව පුළුස්සා ගන්නා අච්චුව.
2. වාත්තු අච්චුව ; ලෝහ බඩු වාත්තු කිරීමට මැටියෙන් සාදන පුළුස්සා ගත් අච්චුව.

මැටිපත්ත

(පාරිභා.) නා. මැටි පතුර.

මැටිපය

නා.ප්‍ර. මැටි පාත්‍රය.

මැටිපලා

නා. බුලත් වැල්වල මුල හටගන්නා ළපටි කොළ.

මැටිපා

1. නා.ප්‍ර. මැටිපස.
2. වරිච්චි බිත්තියක මැටි හිරවීමට සිටුවන කණු හා ඒ අතරට බඳින ලී.

මැටිපේ කිරීම

(කථා.) නා. අපල දුරුවීම සඳහා කරන ශාන්ති කර්මය.