සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1232
මැටියැදීම
නා. ශාන්ති කර්මයක්; මැටි ගුලි නවයක් උපයෝගී කරගෙන දෙවියන්ගෙන් ශාන්තිය යැදීම.
මැටිසක
නා. කුඹල් සක.
මැඩ
1. නා.ප්‍ර. මණ්ඩලය ; ප්‍රදේශය.
2. අංග ජනපදයේ විසූ සිටුවරයෙක්.
3. ඖෂධීය ගස් වර්ගයක්.
මැඩ පවත්වනවා
1. ක්‍රි. මර්දනය කරනවා ; යටපත් කරනවා.
2. පාගනවා.
මැඩ පියනවා
1. ක්‍රි. අභිභවනය කරනවා ; යටත් කරනවා.
2. පාගනවා ; හිරිහැරයට පත් කරනවා.
3. මිරිකනවා.
මැඩකම්
නා.ප්‍ර. කර ඇඹීම.
මැඩගන්නවා
ක්‍රි. යටපත් කරනවා ; පයට යට කරනවා.
මැඩම
1. නා. (ඇඟ) මිරිකීම : සම්බාහනය.
2. අභිභවනය.
මැඩලනවා
1. ක්‍රි. මිරිකනවා ; තද කරනවා.
2. පාගනවා.
මැඩවනවා
ක්‍රි. පාගනවා.
මැඩවීම
(පාරිභා.) නා. වාත බුබුලු පහකොට මැටි පිළියෙළ කිරීම.
මැඩියා
නා. ඉස්ගෙඩියාගෙන් විකාශනය වී දිය ගොඩ දෙකෙහිම වාසය කරන කුඩා සතෙක් ; ගෙම්බා.
මැඩිල්ල
1. නා. මණ්ඩලය ; රවුම ; මූණත.
2. මිටිය ; පොදිය ; කොපුව.
3. සිවුරේ කොටසක් ; සිවුරු ගැබ ; සිවුරේ අත්ත.
4. කුඩා රෙදි කැබැල්ල.
5. පිට්ටනිය ; මිදුල.
6. තැලීම ; පෑගීම.
7. වළංකෑල්ල ; කැබිලිත්ත.
8. හේන්වල කුරහන්වේලා ගැනීමටත් පාගා ගැනීමටත් යොදාගත් තැන ; කමත.
මැඩුවන්
නා.ප්‍ර. පිදුරු ; ගොයම් පාගා ඉවතලන රොඩු.
මැණ
නා.ප්‍ර. මැණික ; මිණ ; මාණික්‍යය.
මැණික
නා. අගනා රත්න විශේෂයක් ; මාණික්‍යය ; විවිධ නම්වලින් හඳුන්වන දීප්තිමත් වර්ණයෙන් යුත් වටිනා ගල් වර්ගය.
මැණික් ආකරය
(කථා.) නා. මැණික් උපදින ස්ථානය ; මැණික් පතල.
මැණික් ඉල්ලම
නා. මැණික් ගැරීමේ දී මැණික් ඇද්දැයි සෝදා බලන පස් තට්ටුව.
මැණික් දැල
නා. මැණික් යොදා කළ දැල ; හස්ති ආභරණයක්.
මැණික් සැට්ටරා
නා.ප්‍ර. මැණික් කපන්නා ; මැණික් වැඩ කරන්නා.
මැණික්කටුව
නා. අත්කර ; මණිබන්ධය.
මැඬියා
නා. මැඩියා බ.
මැත
නා.ප්‍ර. වහසිබස් ; පුරසාරම.
මැත දොඩනවා
ක්‍රි. වහසිබස් කියනවා ; පුරසාරම් කියනවා.