සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1296
යැපීම
භා.නා. නඩත්තුව ; දිවි පැවැත්ම ; යාපනය.
යැපීම් කෘෂිකර්මය
නා. වගා කරන්නන්ගේ ම පරිභෝජනය පිණිස ආහාර බෝග ආදිය වගා කිරීම.
යැපීම් දීමනාව
නා. කිසියම් සේවාවක් සඳහා විශේෂයෙන් කැඳවා ගනු ලබන්නකුට වේතනයට අමතරව ජීවනය සඳහා ගෙවනු ලබන තාවකාලික දීමනාව.
යැපුම් න්‍යාය
නා.ප්‍ර. මනුෂ්‍යයන්ගේ යැපීම් විධි පිළිබඳව හදාරා ගොඩනගාගෙන ඇති විධිමත් නියමය.
යැපුම් භෝග
නා.ප්‍ර. පරිභෝජනයට ගන්නා ආහාර බෝග ; පරිභෝගික බෝග.
යැපුම් මට්ටම
නා. දිවි පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික සීමාව ; වියදම පිළිබඳ ආර්ථික සීමාව.
යැපෙනවා
ක්‍රි. ජීවිකාව ගෙන යනවා ; පෝෂණය වෙනවා ; නඩත්තු වෙනවා ; අවශ්‍ය ආහාර පානාදිය සොයා ගැන්මෙන් දිවි පෙවෙත රැක ගන්නවා.
යැපෙන්නා
නා. වෙනත් කෙනකු ගේ ආධාරයෙන් පෝෂණය වන්නා ; අන්‍යයකු නිසා නඩත්තු වෙන්නා ; බාලවයස්කාරයා.
යැසුව
(පාරිභා.) නා. ප්‍රදාන ගංගාවට එක් වී ගත නොහී එය හා සමාන්තර ව බොහෝ දුරට පහළට ගලා යන අතු ගංගාව.
යි
නි. වාක්‍ය පරිසමාප්තියෙහි, වාර්තා කථනයෙහි සහ කැටි කිරීම් අර්ථයෙහි යෙදෙන නිපාත පදයක්.
යිට්ඨ
නා.ප්‍ර. මහත් පලදායි මහාදාන ; මංගල කටයුතු ආරම්භයට පෙරාතුව දෙනු ලබන මහාදාන ; මංගල දාන.
යීස්ට්
නා.ප්‍ර. කාබොහයිඩ්රේට්වල මද්‍යසාරීය පැසවීම ඇති කරන ක්ෂුද්‍ර දිලීරයක්.
යුකලිප්ටස්
නා.ප්‍ර. තෙල්, මැලියම්, සුවඳ හා ඖෂධ සපයන විශාල ඕස්ට්‍රේලියානු ගස් වර්ගය.
යුක්ත
වි. සුදුසු ; යෝග්‍ය ; සහිත ; යෙදුණු ; යුතු වූ ; නියුක්ත වූ.
යුක්තාණුව
(පාරිභා.) නා. ජන්මාණු දෙකක් එකතු වීමෙන් ලැබෙන දේහය ; සංසේචිත ඩිම්බය.
යුක්තායුක්ති
[යුක්ත + අයුක්ති]
නා.ප්‍ර. යුක්තිය හා අයුක්තිය ; සුදුසුබව හා නුසුදුසුබව ; යෝග්‍යත්වය හා අයෝග්යත්වය.
යුක්ති විචාරන්නා
නා. විනිශ්චයකාරයා ; නඩු විසඳන්නා.
යුක්ති විනිශ්චය
නා. නඩු ඇසීම.
යුක්ති ශාලාව
නා. විනිශ්චය ශාලාව ; අධිකරණ මණ්ඩපය.
යුක්ති ශාස්ත්‍රය
නා. නීති ශාස්ත්‍රය ; නීතිය පැහැදිලි කෙරෙන ශාස්ත්‍රය.
යුක්ති සහගත
වි. හේතු සහිත වූ ; සාධාරණ ; යුක්තියුක්ත වූ.
යුක්ති සහගත අනුමිතිය
(පාරිභා.) නා. හේතු සහගත වූ අනුමානය ; සාධාරණ විනිශ්චය.
යුක්ති සහගත සැකය
(පාරිභා.) නා. සාධාරණ සැකය ; හේතු සාධක ඇති ව සැක කිරීම.
යුක්තිය
1. නා. සාධාරණත්වය ; සුදුස්ස.
2. නීතිය.