සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1301

යුවලැස

[යුවල + ඇස]
නා. ඇස් දෙක ; නෙත් යුවළ.

යුවළ දොර

නා. දොර පියන් දෙක ; දොර පලු දෙක.

යුවානක

(පාරිභා.) වි. සතකුගේ තරුණ කාලය පිළිබඳ වූ.

යුෂ

1. නා.ප්‍ර. ඇතැම් පලතුරු, කොළ, කඳන් ආදිය කොටා මිරිකා ගත් ඉස්ම.
2. සූපයක බොර හෝ හොදි.
3. ශාඛ හා සත්ව ශරීර තුළ ස්වභාවයෙන් පවතින ද්‍රවය.

යුෂ්මතා

සර්ව. ත ශබ්දකාරක සර්ව නාමයක් ; තෝ ; ඔබ ; නුඹ.

යුස්ටේකීය නාළය

(පාරිභා.) නා. ගොඩබිම වසන පෘෂ්ඨවංශීන්ගේ කර්ණ පටහ කුටීරයත් ග්‍රසනිකාවත් යා කරන කුඩා නළයක්.

යුහු

නි. ඉක්මන් ; වහා ; ශීඝ්‍ර.
1. වි. යෝග්‍ය ; නිසි ; සෑහෙන ; සුදුසු.
2. දක්ෂ ; සමත්.

යුහු ව

ක්‍රි.වි. ඉක්මන් ව ; වහවහා.

යුහුසුලු

වි. ඉක්මන් බවින් යුතු ; ඉක්මන් ; නොලස් වූ ; ශීඝ්‍රශීලි.

යුෆිලින්

(පාරිභා.) නා.ප්‍ර. බටහිර වෛද්‍ය ක්‍රමයේ භාවිත කරන ඖෂධ සංයෝගයක්.

යූ

වි. කියන ලද ; කියූ.
නා.ප්‍ර. සෘතුව.

යූ නළය

(පාරිභා.) නා. බෙහෙවින් රසායනික පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂණාගාරවල භාවිත කෙරෙන (ඉංග්‍රීසි) යූ අකුරේ හැඩය ගත් වීදුරු නළ විශේෂයක්.

යූගුව

(කථා.) නා. ප්‍රයෝගය ; උගුල.

යූඩියොමිතිය

(පාරිභා.) නා. වායුමානය භාවිත කොට කරන විශ්ලේෂණයක්.

යූඩියෝ මීටරය

(පාරිභා.) නා. වායු අතර සිදුවන ප්‍රතික්‍රියාවල පරිමාවේ සිදුවන වෙනස්කම් මැනීමට භාවිත කරන වීදුරු නළය ; වායුමානය.

යූඩොගොනියම්

(පාරිභා.) නා.ප්‍ර. ජලජ පැළෑටි වර්ගයක් ; දියසෙවෙල්.

යූථපති

නා.ප්‍ර. රැලෙහි නායකයා ; සමූහයක ප්‍රධානයා.

යූථය

නා. ඇත්, අස්, ගව ආදි රළ ; මුළ ; සමූහය ; රංචුව.

යූන

වි. තරුණ ; යෞවන.
නා.ප්‍ර. තරුණයා.

යූනික

(පාරිභා.) වි. යූනියට සම්බන්ධ ; යූනියට අදාළ.

යූනික අස්ථියෝගය

(පාරිභා.) නා. යූනික ඇට ද්වයේ සම්බන්ධතාව.

යූනික ඇටය

(පාරිභා.) නා. ශ්‍රෝණි මේඛලාවට අදාළ ඇටය.

යූනිය

(පාරිභා.) නා. ශ්‍රෝණි මේඛලාවේ ඉදිරි කොටස.