සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1302

යූපදාරු

නා.ප්‍ර. යාගස්තම්භය හෝ ජයස්තම්භය සඳහා ගන්නා දැව කොටස.

යූපය

නා. කණුව ; ටැඹ ; ජයස්තම්භය ; ස්තූපවල ගර්භය තුළ සිට වූ කුලුන ; වෛදික සාහිත්‍යයට අනුව බිලි දෙන සතුන් බඳින කණුව.

යූරිත්‍රා

(පාරිභා.) නා.ප්‍ර. මුත්‍රාශයෙන් මුත්‍ර පහ කරන නාළයක්.

යූසෝල්

(පාරිභා.) නා.ප්‍ර. හයිපොක්ලොරස් අම්ලය අන්තර්ගත ප්‍රති-නාශකයක්.

යූහනය

නා.ප්‍ර. රැස් කිරීම ; එකතු කිරීම.

යෙදුම

1. නා. යොදන ලද දෙය ; ඉදිරිපත් කළ දෙය.
2. යම් කටයුත්තක යෙදීම.

යෙදුම් ලීවරය

(පාරිභා.) නා. මහන මැසිමේ කොටසක්.

යෙදෙනවා

1. ක්‍රි. ව්‍යාවෘත වෙනවා ; නියැළෙනවා ; නියුක්ත වෙනවා.
2. සුදුසු වෙනවා ; යෝග්‍ය වෙනවා.

යෙහෙඹි

නා.ප්‍ර. ළදරු ස්ත්‍රිය ; ළදැරිය.

යෙහෙය

නා. යහපත ; හොඳ දෙය.

යෙහෙළණි

නා.ප්‍ර. පුත්‍රයාගේ භාර්යාව ; සොහොයුරියගේ දුව ; ලේලිය.

යෙහෙළිය

1. නා. යහළු ස්ත්‍රිය ; මිතුරිය.
2. ලේලිය ; යෙහෙළණි.

යෙළ

1. නා.ප්‍ර. එකහමාර ; එකක් හා ඉන් අර්ධය.
2. අඩ ; අර්ධය ; භාගය.

යෙළ සියය

නා. එකසිය පණහ.

යේසු

නා.ප්‍ර. ක්‍රිස්තියානි ධර්මයේ නිර්මාතෘවරයා ; ක්‍රිස්තු භක්තිකයන්ගේ ශාස්තෘවරයා ; යේසුස් ක්‍රිස්තුස් වහන්සේ.

යොත

1. නා. ලණුව ; රෑන ; කඹය.
2. මසුන් ඇල්ලීමට බිලිකටු අමුණන හීන් දිග රැහැන.

යොදනවා

1. ක්‍රි. නියුක්ත කරනවා ; යෝජිත කරනවා.
2. (යමක් කිරීමට) උපාය සලසනවා; මඟක් සොයා යොමු ගන්නවා ; සැලැස්මක් තනනවා.
3. මිශ්‍ර කරනවා, කළවම් කරනවා.
4. ව්‍යඤ්ජනයක් පිසීම සඳහා පිළියෙළ කරනවා ; ඒදනවා.

යොදය

නා. උණු කළ කිරි නිවුන පසු සිවියක් වැනි ව මතුපිට මිදෙන මේද පටලය.

යොදුන

නා. පුරාණ දුර මැනීමේ ප්‍රමාණයක් ; ගවු සතරක දුර ; යෝජනය.

යොන

1. නා. උත්පත්තිය ; ජන්මය ; ජාතිය.
2. යෝනිය ; ස්ත්‍රී නිමිත්ත.
3. යොවුන් බව ; තරුණකම ; තාරුණ්‍යය.
4. තරුණිය ; යුවතිය.

යොන්

වි. යවන දේශයට අයත් ; යෝජනක.

යොන් ගී

නා. සිංහල ගී විරිතක්.

යොබළ

නා.ප්‍ර. සෙබළා ; යුද්ධ භටයා ; යෝධයා.

යොබ්බන

වි. තරුණ ; යොවුන් ; යෞවන.