සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1300

යුරික් අම්ලය

(පාරිභා.) නා. ක්ෂීරපායි සතුන්ගේ මුත්‍රා හා ලේවල ඇති අම්ලයක්.

යුරිඩොබීජාණුව

(පාරිභා.) නා. දුඹුලු දිලීරවල ක්‍රියා විරහිත බීජාණුවක් ; දාහ බීජාණුව.

යුරිතේන්

(පාරිභා.) නා.ප්‍ර. යූරිය හා එතිල් ඇල්කොහොල් රසායනික සංයෝගය.

යුරිප්ටෙරිඩාවා

(පාරිභා.) නා. පාෂාණීභූත කවචයන්ගේ ගෝත්‍රයක නාමය.

යුරිමියාව

(පාරිභා.) නා. යූරියා සහ වෙනත් නයිට්‍රජනීය නිෂ්ඵල ද්‍රව්‍ය.

යුරියා

(පාරිභා.) නා.ප්‍ර. ක්ෂීරපායී සතුන් ගේ මුත්‍රවල අඩංගු වූ ද, රසායනික මිශ්‍රණයකින් පසු ව පොහොර වශයෙන් භාවිත කළ හැකි වූ ද ද්‍රව්‍යයක්.

යුරු

නා.ප්‍ර. ආකාරය ; අන්දම ; සමානකම ; සාදෘශ්‍යය.

යුරේකා කම්බි

(පාරිභා.) නා.ප්‍ර. තඹ හා නිකල් මිශ්‍ර ලෝහවලින් සාදන ලද කම්බිවර්ගයක්.

යුරේකා බඳුන

(පාරිභා.) නා. විෂමාකාර හැඩය ඇති ඝන වස්තුවකින් විස්ථාපනය කෙරෙන ද්‍රව පරිමාව මැනගෙන වස්තුවේ පරිමාව නිශ්චය කිරීමට යොදාගන්නා උපකරණයක්.

යුරේනස්

(පාරිභා.) නා.ප්‍ර. සූර්යයාට සැතපුම් කෝටි 178ක් ඈතින් පිහිටි ග්‍රහයෙක්.

යුරේනියම්

(පාරිභා.) නා.ප්‍ර. විකිරණශීලී ලෝහමය මූල ද්‍රව්‍යයක්.

යුරෝපය

නා. ආසියා මහද්වීපයට බටහිරින් යාබද ව යුරල් කඳුවැටියත් අත්ලන්තික් සාගරයත් අතර පිහිටා ඇති මහාද්වීපය.

යුරෝපා පොදු වෙලෙඳ පොළ

නා. යුරෝපා රටවල් නමයක සාමාජිකත්වය ඇති ව සාදාගත් පොදු වෙළෙඳ හවුල.

යුරෝපියම්

(පාරිභා.) නා.ප්‍ර. විරල පාංශු කාණ්ඩයේ ලෝහමය මූල ද්‍රව්‍යයක්.

යුරෝබයිලීන්

(පාරිභා.) නා.ප්‍ර. මුත්‍රවල සාමාන්‍යයෙන් අල්ප වසයෙන් ඇති වර්ණකයක්.

යුරෝසිලෙක්ටෑන්

(පාරිභා.) නා.ප්‍ර. අයොඩයිඩ් සංයෝගයක නාමය.

යුව

1. වි. දෙවැනි ; උප.
2. තරුණ ; යෞවන ; උතුම්.

යුව ගණ්ඩය

නා. (විශේෂයෙන් තරුණ අයගේ) මුහුණේ මතුවන කුඩා ගඩු වර්ගයක්.

යුවතිජන

නා.ප්‍ර. තරුණ ස්ත්‍රීහු ; තරුණ ස්ත්‍රී සමූහය.

යුවතිපති

නා.ප්‍ර. (තරුණ) අඹු සැමි යුවල ; මනාලයා සහ මනාලිය.

යුවතිය

නා. තරුණ ස්ත්‍රිය ; තරුණ කාන්තාව ; යොවුන් කත.

යුවතිරැස

නා. කන්‍යා රාශිය.

යුවරජ

නා.ප්‍ර. දෙවන රජ ; රජකමට අනුප්‍රාප්තික තත්ත්වයක් දරන පාලකයා ; ඔටුන් හිමි කුමරු ; උපරජ.

යුවල

නා.ප්‍ර. දෙක ; යුගල ; දෙදෙනා.

යුවලත

නා. අත්දෙක ; දෙඅත ; දෑත ; හස්ත යුග්මය.