සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1325

රන්පගෝදි

නා.ප්‍ර. රත්රන්වල බර කිරීමේ දී ව්‍යවහාර වන මිණුම් ඒකකයක්; පැරණි රන් කාසියක මංචාඩි දොළහක බර.

රන්පට

1. නා.ප්‍ර. රජවරුන්ගේ සූසැට ආභරණවලින් එකක්.
2. පුරාණයේ දී ගෞරව පළ කිරීමක් වශයෙන් කෙනකුගේ බඳ වටා බඳනා රන් පටිය.
3. රන් නූලින් කළ වස්ත්‍රය.

රන්පත

1. නා. යම් කිසිවක් ලියා තැබීම සඳහා සකස් කළ තුනී ස්වර්ණ පත්‍රය ; ලිවීමට භාවිත කළ රන් තහඩුව.
2. පුවරු සේ යොදාගත් ඝන රන් තහඩුව.
4. රන් පිහාටුව.

රන්පතැස

නා. ජලය රැස් කර තැබීම සඳහා රනින් සෑදූ ලොකු භාජන විශේෂයක්.

රන්පමුව

නා. රනින් කළ හවඬිය; රන් හවඩිය.

රන්පවුම

1. නා. එංගලන්තයේ ව්‍යවහාර වූ රන් කාසිය.
2. පවුමේ වටිනාකම ඇති රන් කාසිය.

රන්පස

නා.ප්‍ර. රනින් කළ පාශය ; රන් මළ පුඩුව.

රන්පසඇට

නා.ප්‍ර. රනින් කළ දාදු කැටය.

රන්පළු

නා.ප්‍ර. රනින් කළ තහඩු ; ස්වර්ණ ඵලක.

රන්පියල්ල

නා. රන් පොදිය ; රෙදි කඩක දමා බැඳි රත්රන් පොට්ටනිය.

රන්පුඬු සේසත

නා. රනින් කළ මිටක් ඇති සේසත හෙවත් සුදු කුඩය.

රන්පොරොදු

නා.ප්‍ර. ආභරණයක් වශයෙන් ඇත් බඳ වටා බඳින රන් මුවා රැහැන.

රන්බාව

නා. රනින් විසිතුරු කළ උළුවස්ස.

රන්මය

වි. රත්තරනින් කරන ලද ; රනින් නිම වුණු; රන්මුවා ; ස්වර්ණමය.

රන්මස්ස

නා. පුරාණ කාලයේ ලක්දිව භාවිත වූ රන් කාසියක් ; මසුරම.

රන්මිණ

නා.ප්‍ර. පද්මරාග මාණික්‍යය ; රතුකැටය.

රන්මිල

නා.ප්‍ර. සම්මත මුදල් වර්ගයකින් නියම කරනු ලබන රත්රන්වල අගය.

රන්රස

1. නා.ප්‍ර. රත්රන් හා රසදිය ; රන් හා එක් වූ රසදිය.
2. රන් උණුවීමෙන් ලැබෙන ද්‍රව්‍ය ; රන්දියර.
3. ස්වර්ණ කාන්තිය.

රන්රසු දැල

නා. රනින් සෑදූ රහුගෙඩිවැල් එකට ගොතා සාදන ලද ජාලාව ; රන් ගෙජ්ජි වැල් එකතුව.

රන්ලට්

නා.ප්‍ර. වයින් මැනීමේ දී යොදා ගනු ලබන මිනුමක් ; වයින් ගැලුම් 18ක ප්‍රමාණය.

රන්වට

නා.ප්‍ර. රත්රන් ගුලිය ; රන්තැටිය.

රන්වන්

වි. රනෙහි බඳු පැහැය ඇති ; රත්රන් පාටින් යුත් ; ස්වර්ණ වර්ණ වූ.

රන්වැට

නා.ප්‍ර. ශ්‍රී මහා බෝරදුන් සහ ඇතැම් බෝරදුන් වටා තනවා ඇති රන් ආලේප කළ ලෝහ වැට.

රන්වැඩුඹුලීය

නා. රාජත්වය පිළිබඳ අධිකාර බලයේ සංකේතයක් ලෙස රජු විසින් අතේ තබාගෙන යන ස්වර්ණමය යෂ්ටිය; රන්සෝළු ලීය.