සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1326
රන්සංක්රමණය
(පාරිභා.) නා. අන්තර් ජාතික වෙළෙඳාම නිසා ණය ගැති රටක් ණය හිමි රටට රන් යැවීම ; රන් ඇදී යෑම.
රන්සත
නා. රනින් කළ කුඩය ; රන්මුවා කුඩය.
රන්සම්මතය
(පාරිභා.) නා. විනිමය අනුපාතයේ ස්ථාවර භාවය වෙනස් නොවන අයුරින් පවත්වාගෙන යෑම පිණිස රත්රන්හි ඇති මුදල් අගය ; රන් මිනුම.
රන්සැත්
නා.ප්‍ර. ඇතුන් හෝ අසුන් පිට යොදන රනින් විසිතුරු කළ පලස් විශේෂය ; ස්වර්ණ කම්බලය.
රන්සිවිගෙය
1. නා. රන් සිවිකාව ; පූජනීය වස්තු තැන්පත් කිරිම සඳහා රනින් සාදන ලද කූඩුව ; ස්වර්ණ පඤ්ජරය.
2. ප්‍රභූවරයන්ගේ මෘත දේහය ගෙන යෑමට රන්කම් ආදියෙන් යුක්තව සාදන දෝලාව හෝ යානය.
රන්හිඳ
(කථා.) නා.ප්‍ර. රනින් සෑදූ පන්හිඳ ; රන් පන්හිඳ.
රනැකිලි
රනැඟිල්ල
1. නා. මැදැඟිල්ලත් සුළැඟිල්ලත් අතර පවතින ඇඟිල්ල ; වෙදැඟිල්ල.
2. රන් මුද්ද.
රනිල
නා. තනි බීජ පේළියකින් යුත් කරල් සහිත ශාක වර්ගය ; ලෙගුම්නොසේ ශාක කුලයේ ඵලය.
රනිස
නා.ප්‍ර. වැද්දා.
රනිහිවෙනවා
ක්‍රි. පලතුරු, ධාන්‍ය ආදිය පැසීමට/ඉදීමට ළංවෙනවා ; රන්වන් පැහැගන්නවා.
රනෝවිලි
[රන් + ඕවිලි]
නා.ප්‍ර. රනින් කළ ඔන්චිල්ලාව ; රන් උන්සිල්ලාව.
රඳන
1. වි. සිත්කලු ; ප්‍රිය ; ශෝභන ; සොඳුරු.
2. නවතින ; රඳා සිටින.
3. පාට කරන ; පඬු පොවන.
නා.ප්‍ර. සායම ; පඬු ; පාට.
රඳනවා
1. ක්‍රි. නතර වෙනවා ; රැඳී සිටිනවා ; රැඳී පවතිනවා.
2. නියුක්ත වෙනවා ; යෙදෙනවා.
3. පඬු පොවනවා ; සායම් ගන්වනවා ; පැහැගන්වනවා.
4. බැබළෙනවා ; විරාජමාන වෙනවා.
5. පිනවනවා ; සතුටු කරවනවා.
රපෝර්තුව
නා. වගකීමක් පැවරුණු කෙනකු හෝ නිලධරයකු යම් කරුණක් පිළිබඳ ව සකස් කරන වාර්තාව.
රබන් පදය
නා. රබන් වැයීම සඳහා රිද්මය දෙන අනුප්‍රාසයෙන් යුත් පාඨය.
රබන්කුකුළා
නා. දේශීය පක්ෂියකු වන හබන් කුකුළා.
රබර්
1. නා.ප්‍ර. අත්‍යවශ්‍ය කාර්මික අමුද්‍රව්‍යයක් වශයෙන් යෙදිය හැකි කිරි වර්ගයක් කඳෙහි පොත්තෙන් ලබාදෙන උස් ඝර්ම කලාපික ගසක්.
2. එම ගසෙහි කිරි.
රබර්රොටි
නා.ප්‍ර. රබර් කිරි මුදවා ගැනීමෙන් පසු තුනී කොට වියළා සකස් කරගනු ලබන දෙය ; රබර් ෂීට්.
රබස්
නා.ප්‍ර. ආලෝකය ; දීප්තිය.
රබහ
1. නා.ප්‍ර. මඳ රතු පැහැති මැණික් ගල් විශේෂයක්.
2. ඡායාව ; සේයාව.
රබ්බඩ
වි. පැසී රතුපාට වූ ; පැසුණා වූ ; පැසීගෙන එන.
නා.ප්‍ර. පැසී රතුපාට වූ පුවක්.
රබාන
නා.ප්‍ර. ලී රවුමක මතුපිට සමක් සවි කිරීමෙන් සාදාගත් වාද්‍ය භාණ්ඩයක්.
රබාව
නා. ආලෝකය ; ප්‍රභාව.