සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1327
රභස
(පාරිභා.) නා.ප්‍ර. 1. පිස්සු බලු රෝගය ; අලර්කය ; ජලභීතිකා රෝගය.
2. දරුණු ස්වභාවය ; නපුරුකම.
රම
නා.ප්‍ර. ප්‍රියයා ; ප්‍රේමවන්තයා ; මිත්‍රයා ; යහළුවා.
1. වි. ප්‍රේමවන්ත.
2. මනෝහර ; චිත්තාකර්ෂණීය.
රමකයා
(පාරිභා.) නා. විනෝද ක්‍රීඩාවල යෙදෙන ආධුනිකයා.
රමණ
වි. සිත්ගන්නා-සුලු ; චිත්තාකර්ෂණීය.
රමණය
1. නා. සිත් ඇලවීම ; චිත්තාකර්ෂණය.
2. ක්‍රීඩාව.
3. රති ක්‍රීඩාව ; රතිකෙළිය.
රමණිය
1. නා.ප්‍ර. ශෝභන ස්ත්‍රිය ; සිත් පිනවන කත.
2. යහපත් දෙය.
රමණී
වි. සිත් අලවනසුලු ; සිත් ඇදගන්නා වූ ; රමණීය වූ.
1. නා.ප්‍ර. රමණය කරන්නිය ; ප්‍රියාව ; භාර්යාව.
2. ස්ත්‍රිය; කාන්තාව.
රමනවා
ක්‍රි. සිත පිනවනවා ; සිත සතුටු කරනවා.
රමඹු
නා.ප්‍ර. විෂ්ණුගේ භාර්යාව; ශ්රීකාන්තාව.
රම්
1. නා.ප්‍ර. රාම කුමාරයා ; ශ්‍රී රාම ; රාමචන්ද්‍ර.
2. දෙවියකු න වන බලභද්‍ර.
3. විෂ්ණු දෙවි.
4. ලක්ෂ්මි හෙවත් ශ්‍රී කාන්තා දෙවඟන.
5. උක්වලින් සාදා ගන්නා මද්‍යසාර විශේෂයක්.
6. සිත් අලවන ස්ථානය.
රම්බර
වි. අතිශයින් සිත් ගන්නා ; ප්‍රියමනාප ; ආදරණීය.
රම්බා
නා.ප්‍ර. නලකුබේර දෙවියාගේ භාර්යාව.
රම්බාපති
නා.ප්‍ර. රම්බා නම් දෙවඟනගේ සැමියා ; නලකුබේරයා.
රම්බාරණ
රම්භය
(පාරිභා.) නා. සිලින්ඩරය.
රම්භාවිහාරය
නා. වලවේ ගංගා නිම්නයෙහි පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක්.
රම්රද
1. නා.ප්‍ර. විෂ්ණු දෙවි.
2. රාම නම් රජ.
රම්සැර
නා.ප්‍ර. රාම රජුගේ හී තලය ; රාමසැරය.
රම්හා
1. නා.ප්‍ර. කෙසෙල්; කදලි; රඹ.
2. රූමත් දෙවඟනකගේ නාමය ; නලකුබේරයාගේ බිරිඳ.
රම්‍ය
වි. සිත් ඇද ගන්නා-සුලු ; සිත්කලු වූ ; චිත්තාකර්ෂණීය ; මන බඳනා වූ.
නා.ප්‍ර. සිදුහත් කුමරුන්ගේ මාළිගා තුනෙන් එකක්.
රම්යස්ථානය
නා. සිත් ගන්නා තැන ; චිත්තාකර්ෂණීය ස්ථානය.
රඹ
1. නා.ප්‍ර. කෙහෙල්.
2. වියැළී ගිය දඬු කොළ ආදිය.
3. පැරණි ව කැඩී බිඳී ගිය දෙය.
4. රන් පැහැය.
රඹකැන
නා. කෙසෙල් කැන ; වතුකැන.
රඹටැන්
නා.ප්‍ර. පලතුරු වර්ගයක නාමය ; මිහිරි රසැති මාංසල කොටසකින් යුත් කුඩා වටකුරු ගෙඩි විශේෂයක්.
රඹමුව
නා. කෙහෙල් ගසෙහි මල ; කෙසෙල් මුහය.