සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1328
රඹරණ
රඹල
(කථා.) නා. කුහරය ; බිලය.
රඹුක්
නා.ප්‍ර. අඩි හයකට වඩා උසට වැවෙන තණ විශේෂයක්.
රඹුස්
නා.ප්‍ර. මේඝ ගර්ජනාව.
රය
(පාරිභා.) නා.ප්‍ර. වස්තුවක් ගමන් කරන දුර සහ ඊට ගත වන කාලය අතර අනුපාතය.
රය ඇණය
(පාරිභා.) නා. මෝටර් වාහනයක ඉදිරිපස රෝද ඇක්සලයට සවි වන කූඤ්ඤය.
රයි
නා.ප්‍ර. ආහාරයට ද, මත්පැන් පෙරීමට ද ගත හැකි ධාන්‍ය උපදවන සමශීතෝෂ්ණ පැළෑටිය.
රයින්ගල
නා. කෘත්‍රිම දියමන්ති සෑදීමට ගන්නා වීදුරු වැනි ස්ඵටික විශේෂයක්.
රයිනෝසරයා
නා. අප්‍රිකාවේත්, දකුණු හා ගිනිකොන ආසියාවේත් වාසය කරන විශාල ක්ෂීරපායි සත්ත්වයෙක්.
රයිබෝප්ලේවින්
(පාරිභා.) නා.ප්‍ර. විටමින් බී 2 සංකීර්ණයේ අඩංගු රසායනික ද්‍රව්‍යයක්.
රයිසෝමය
(පාරිභා.) නා. ඉඟුරු, කහ ආදියෙහි මෙන් පුරුක් සහ අංකුර සහිත ව සිරස් අතට වැවෙන භූගත කඳන් විශේෂයක්.
රයිෆලය
නා. අත් තුවක්කු විශේෂයක්.
රල
1. නා. කෙන්ද ; රොද ; තන්තුව.
2. ඉතා ස්වල්පය ; කුඩා ප්‍රමාණය ; ඇබිත්ත.
රල්ලක්කය
(කථා.) නා. ඇස් පිහාටුව ; ඇසිපිය ; අක්ෂි පක්ෂිමය.
රල්ලුව
නා. රංචුව ; රැළ.
රව
1. නා.ප්‍ර. රාවය ; ඝෝෂාව.
2. (කථා.) මූනිස්සම.
3. වනචාරී මනුෂ්‍ය වර්ගයක්.
රවටනවා
1. ක්‍රි. බොරුවෙන් මුළා කරනවා ; වංචා කරනවා.
2. විහිළු කරනවා ; සරදම් කරනවා.
රවණය
නා. හඬ නැගීම ; නාද කිරීම ; ශබ්ද පැවැත්වීම ; නාදය ; ශබ්දය.
රවනවා
1. ක්‍රි. හඬක් නඟනවා ; නාද කරනවා.
2. බලනවා ; ඔරවනවා.
රවය
නා. නාදය ; ශබ්දය ; හඬ.
රවල්
නා.ප්‍ර. දිගු කෙස් කලඹ ; කේශ කලාපය.
රවි
1. නා.ප්‍ර. හිරු ; සූර්යයා.
2. එක් රාශියක සූර්යයා ගමන් කරතැයි සලකනු ලබන කාලසීමාව ; සූර්ය මාසය.
3. රවි දිනය ; ඉරිදා.
4. වරා ගස.
5. ඉන්දියානු සංගීත තාලයක්.
රවි මණ්ඩලය
නා. වෙදඟිල්ල මුල අත්ලෙහි උස් ව මතු වී ඇති මස් පිඬුව ; රවි පර්වතය.