සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1359
රීසස් සාධකය
(පාරිභා.) නා. මිනිසාගේ රතු රුධිරාණු සෛලවල පවත්නා ස්වල්ප වශයෙන් ප්‍රතිදේහජනක වූ ඇග්ලුටිනෝජන් කාණ්ඩයකින් කවර හෝ එකක්.
රුං ගානවා
1. ක්‍රි. ‛රූං’ යන ශබ්දය නගනවා.- (වාහනාදිය) හඬ නඟාගෙන වේගයෙන් යනවා.
රුං පෙත්ත
නා. හුළං වැදුණු විට ‛රූං’ යන හඬ නංවමින් කරකැවෙන ළමා ක්‍රීඩා භාණ්ඩයක් ; හුළං පෙත්ත.
රුක
1. නා. ගස ; වෘක්ෂය.
2. දුක ; ශෝකය.
3. රූක්ෂ බව ; දළ බව ; ගොරෝසු බව.
රුක් අත්තන
1. නා.ප්‍ර. ගස් වර්ගයක්.
2. කහපැහැති මල් හටගැනෙන කුඩා පඳුරු විශේෂයක්.
රුක් ඉම
නා. කඳුකර ප්‍රදේශයක මුහුදු මට්ටමේ සිට උස අනුව ගස් වැවෙන සහ නොවැවෙන සීමාව.
රුක් දෙවියා
නා. ගසෙහි වසන දේවතාවා ; වෘක්ෂයට අධිගෘහිත දෙවියා.
රුක් මිණි
1. නා.ප්‍ර. ශ්‍රී කාන්තාව ; ලක්ෂ්මී.
2. ඖෂධීය ගස් විශේෂයක්.
රුක් ලේනා
නා. දඬු ලේනා.
රුක් වඩුවා
නා. ලී වැඩ කරන්නා ; දැව වඩුවා ; ලී වඩුවා.
රුක්ඛමූලිකාඞ්ගය
නා. තුදුස් ධුතාංග අතරින් ගස්මුල්හි පමණක් වාසය කිරීමේ පිළිවෙත.
රුක්ම
1. නා.ප්‍ර. රත්රන්.
2. යකඩ.
3. නාමල් රේණු.
රුක්ෂ
1. වි. රළු ; කර්කශ.
2. තද ; දැඩි.
3. රුදුරු ; රෞද්‍ර.
රුක්ය
නා.ප්‍ර. රත්රන්.
රුකුබිල
නා. ගස් කඳෙහි ඇති වන සිදුර ; රුක් බෙනය.
රුකුරනවා
1. ක්‍රි. කරනවා.
2. අරඹනවා ; පටන් ගන්නවා.
රුකුල
1. නා. අනුබලය ; පෙලඹවීම ; උදව්ව.
2. කරුව ; මුක්කුව ; ආධාරකය.
3. අගින් නැමුණු හෝ කරුවක් ඇති ලීය ; දැතිගොයියා.
4. දුනු මුඩාව හෙවත් කොන.
5. අත්තක් කඳ හා සම්බන්ධ වන තැන.
රුකුල් කම්බිය
නා. විදුලි රැහැන් ආදිය උසුලා සිටින කණු ඇලවීම වැළැක්වීම සඳහා මුදුනේ සිට බිමට ඇද ඇති කම්බිය.
රුකුල් පතුර
(පාරිභා.) නා. කැඩී බිඳීගිය අතක ඇට ඇදවීම වැළැක්වීමට බඳින ලෝහ හෝ ලී පතුර.
රුකුල් පිනුම
නා. පොල්ලක් උදව්වට ගෙන කරන පිම්ම.
රුකුළ ඇළ
නා. කුඹුරට පිටින් ගොඩ අද්දර දිගේ තැනූ ඇළ.
රුග්න
1. වි. ඇල වුණු.
2. වකුටු ; ඇද ගැසුණු.
3. කැඩුණු-බිඳුණු.
4. රෝගාතුර.
රුචක
1. නා.ප්‍ර. දන්තාස්ථි ; දත්.
2. ජ්‍යෝතිෂයේ දැක්වෙන රාජ යෝගයක්.
3. ඖෂධ වර්ගයක් වන ගෝරෝචන.
4. (පාරිභා.) ලෝහමය මූල ද්‍රව්‍යයක් වන සෝඩියම්.
5. (පාරිභා.) පුස්කර නම් ඖෂධ විශේෂය.
6. මදටිය ඇට විස්සක බර ; කළඳ.
1. වි. ප්‍රසන්න ; ප්‍රිය වඩන ; රුචිය ඇති කරන.
2. ශක්තිය ලබාදෙන.
රුචික
වි. ආසා කරන ; කැමති ; ප්‍රියමනාප.