සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1358
රිල්
නා.ප්‍ර. ඇසින් පිට වන අපිරිසිදු දෑ ; කබ.
රිවි
නා.ප්‍ර. හිරු ; සූර්යයා ; රවි.
රිවි කිරණ
නා.ප්‍ර. සූර්යයාගේ රශ්මිය ; හිරු රැස්.
රිවි තෙන
නා.ප්‍ර. රිවි පුත්‍රයා ; සෙනසුරු ග්‍රහයා ; ශනි.
රිවි දා
නා.ප්‍ර. ඉරිදා ; රිවිදින.
රිවිනි
නා.ප්‍ර. වවන ලද පලා වර්ග ආදිය.
රිෂ්ටය
1. නා. යහපත් හෝ අයහපත් තත්ත්වය.
2. (පාරිභා.) තුවාලය.
රිස්කය
(කථා.) නා. උගුල ; කපටිකම ; උපාය.
රිස්ස
1. නා. රිසිය ; කැමැත්ත.
2. ශක්තිය ; බලය.
රිස්සුම
1. නා. ඉවසීම.
2. ලෝභය ; ආශාව ;කැමැත්ත.
රිසි
වි. කැමති ; ආශා කරන ; ප්‍රියමනාප ; ඇලුම් කරන.
නා.ප්‍ර. ඍෂිවරයා.
රිසිට්ටුව
නා. මුදලක් ගෙවීමේදී හෝ භාණ්ඩයක් මිලදී ගැනීම හෝ වෙනුවෙන් නිකුත් කරන සහතික කළ පත්‍රිකාව ; බිල්පත ; කුවිතාන්සිය ; තුණ්ඩුව ; ලදුපත.
රිසියනවා
ක්‍රි. කැමති වෙනවා ; ආශා කරනවා ; ඇලුම් කරනවා.
රිසිල
නා.ප්‍ර. පණිවිඩකරු; දූතයා.
රිසීවරය
1. නා. දුරකථනයේ කන වෙත යොමු කරන කොටස.
2. (පාරිභා.) රසායන පරීක්ෂණවල දී ද්‍රව එකතු වන භාජනය ; ආදායකය.
රිසෝපුස්
නා.ප්‍ර. දිලීර විශේෂයක්.
රිහිරි
නා.ප්‍ර. රුහිරු ; රුධිර ; ලේ.
රිහිරි යකා
නා. ලේ බී ජීවත් වන බව පැවසෙන ඉතා රුදුරු යක්ෂයෙක්.
රිළු
නා.ප්‍ර. සමූහය ; රාශිය ; රංචුව.
රීති ප්රශ්නය
නා. ව්‍යවස්ථාපිත මණ්ඩල රැස්වීම් ආදියේ දී යම් කරුණක් අදාළ රීතිය හා එකඟ දැයි විමසීම.
රීතිය
1. නා. නීතියෙන් හෝ සිරිත්වලින් හෝ පාලිත ව්‍යවහාර මාර්ගය ; අනුනීතිය ; පිළිවෙළ ; සම්ප්රදායය.
2. ගද්‍ය සහ පද්‍ය ප්‍රබන්ධ සඳහා උපයෝගී කරගන්නා භාෂා විලාසය.
3. (පාරිභා.) අධිකරණයක් මඟින් කරන ලද නියෝගය.
රීප්ප
නා.බහු. වහලේ සෙවිලි ද්‍රව්‍ය රඳවා තැබීමට පරාල මත සවි කරන හරස් ලී පටි.
රීරි
නා.ප්‍ර. පිත්තල නම් ලෝහය.
රීසස්
නා.ප්‍ර. රීසස් සාධක ලක්ෂණයෙන් යුත් ලෙයින් යුක්ත වන හෙයින් වෛද්‍ය පර්යේෂණ සඳහා ගැනෙන වඳුරු වර්ගයක්.