සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1357
රිද්දි
1. නා.ප්ර. ඍද්ධිය.
2. දේශීය යක් නැටුමට අයත් යාගයක්.
රිදි
නා.ප්ර. ඍද්ධිය.
රිදී
1. නා.ප්ර. ආභරණ ආදිය සඳහා ගැනෙන වටිනා ලෝහ විශේෂයක් ; රජත.
2. රජක ස්ත්රිය ; රිදී නැන්දා.
වි. රිදීයෙන් කළ ; රිදීයෙන් සෑදූ ; රිදීමුවා ; රජතමය.
රිදී තුතු
නා.ප්ර. ඖෂධ සඳහා ගැනෙන සුදුපාට ඛනිජ විශේෂයක් ; රිදී තුත්තම්.
රිදී දෝලිය
නා. මහනුවර රජ කළ රජකුගේ බිසෝවරු තිදෙනාගෙන් එක් බිසවක් හැඳින්වූ නාමය ; දෙවන බිසව.
රිදුම
නා. වේදනාව ; දුක්බර හැඟීම ; දුක්බර ශාරීරික අත්දැකීම.
රිපිඩියම
(පාරිභා.) නා. අවානක් වැනි බහු අක්ෂ පුෂ්ප මඤ්ජරිය.
රිපු
නා.ප්ර. සතුරා ; පසමිතුරා.
රිමය
නා. කඩදාසි කොළ 480ක මිටිය හෝ දුසිම් හතලිහක (40) ප්රමාණය.
රිය
නා.ප්ර. රථය ; වාහනය ; ගැල ; කරත්තය.
රිය අකුර
නා. රථයක අලවංගුව ; අක්ෂ දණ්ඩ.
රිය පඳුර
නා. රථ පඤ්ජරය ; රිය කූඩුව ; රිය මැදිරිය.
රිය පොළ
නා. වාහන නවත්වන ස්ථානය.
රිය හල
නා. රිය නවතා තැබීම සඳහා ගැනෙන මඩුව ; රථ ශාලාව.
රියදුර
නා. රියක් අදින සතා ගේ කරට බදින දණ්ඩ ; වියගහ ; රථ ධූරය.
රියදුරා
නා. රථය · පදවන්නා ; රථාචාර්යයා.
රියන
නා. වියත් දෙකක මිනුම් ප්රමාණයක් ; වැලමිටේ සිට මැදැඟිලි තුඩ තෙක් දිග ප්රමාණය ; අගල් 18ක දිග.
රියවර
නා.ප්ර. වෛජයන්ත රථය.
රියවිය
නා.ප්ර. රථයේ වියගහ.
රියසැරි
1. නා.ප්ර. රියැදුරා ; රථාචාර්යයා.
2. රියෙන් ගමන් යන්නා.
රියසෙන්
නා.ප්ර. රථසේනාව.
රියාව
නා. පුනීලාකාර වූ පුළුල් වන ගංගා මෝයක් ; ජලයෙන් යටවන ස්වාභාවික නිම්නය.
රිලවා
නා. දුඹුරු පැහැගත් ලෝමවලින් යුත් කුඩා වානර වර්ගයක්.