සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1356

රික්ත

1. වි. කිසිවක් නැති ; හිස් ; ශූන්‍ය.
2. බලය පිරිහුණු ; දුබල ; බලහීන.

රික්ත ආමානය

(පාරිභා.) නා. රික්තය මැනීමේ උපකරණයක්.

රික්ත නළය

(පාරිභා.) නා. රික්තයක පිහිටෙන් ක්‍රියා කරන පොම්පයක් ; වැකුම් පොම්පය.

රික්ත ප්ලාස්කුව

(පාරිභා.) නා. රික්තය නිසා ද්‍රවයේ ඇති සිසිල හෝ උෂ්ණය නොවෙනස් ව තබාගත හැකි භාජනය.

රික්ත පොම්පය

(පාරිභා.) නා. රික්තයක් ඇති කිරීමට හෙවත් වාතය ඉවත් කිරීමට භාවිත කරන පොම්පය.

රික්ත මුස්නය

(පාරිභා.) නා. චූෂණයේ හෙවත් උරා ගැන්මේ පිහිටෙන් දූලි ඉවත් කිරීමේ උපකරණයක්.

රික්ත වරණය

(පාරිභා.) නා. 1. අන්තිම කැමැත්තෙන් නිශ්චල දේපළ පැවරිම.
2. අන්තිම කැමැත්තෙන් චංචල දේපළ පැවරීම.

රික්තකය

(පාරිභා.) නා. සෛල ප්ලාස්මය තුළ සාමාන්‍යයෙන් ද්‍රවයකින් පිරී පවතින හිදෑසක්/කුහරයක්.

රික්තය

(පාරිභා.) නා. සම්පූර්ණයෙන් හෝ බොහෝ දුරට හෝ හිස් වූ අවකාශය ; වැකුමය.

රික්තශෝධකය

නා. චූෂණයේ හෙවත් උරා ගැන්මේ පිහිටෙන් දූවිලි, කුණු ආදිය ඉවත් කොට බිම පිරිසිදු කරන උපකරණයක්.

රික්තාව

නා. පුර පක්ෂයේ හෝ අව පක්ෂයේ 4, 9 සහ 14 වැනි තිථි හඳුන්වන නාමය ; රිට්ටාව.

රික්වෙස්ට් උසාවිය

නා. සුළු නඩු විභාග කිරීමේ උසාවි වර්ගයක්.

රික්ෂෝව

නා. මිනිසකු විසින් වේගයෙන් ඇදගෙන යනු ලබන සැහැල්ලු උස් වූ රෝද දෙකකින් යුත් වාහනයක්.

රික්ස් ඩොලරය

නා. ලංකාවේ භාවිත වූ ලන්දේසි මුදල් විශේෂයක්.

රිකිල්ල

1. නා. කුඩා අත්ත ; දළුව.
2. කරත්තයක දෙ පස රෝද අමුණන යකඩ දණ්ඩ.

රිකිලි බද්ධය

නා. රිකිල්ලක් තවත් ශාකයකට බද්ධ කිරීමේ ක්‍රමය.

රිජිස්ට්‍රාර්

1. නා.ප්‍ර. උප්පැන්න, විවාහ, මරණ ආදිය ලියාපදිංචි කරන නිලධාරියා.
2. ආයතනයක ලේඛකාධිකාරිවරයා.

රිට

නා. දිග සිහින් ලීය.

රිටි ආඥාව

නා. අධිකරණ නියෝගය ; අධිකරණ ආඥා පත්‍රය.

රිටි පැනීම

නා. දිග සිහින් ලීයක ආධාරයෙන් උස පැනීමේ ක්‍රීඩාව.

රිටු

වි. අසුබ ; අයහපත් ; අරිෂ්ට.
1. නා.ප්‍ර. කපුටා.
2. සුබ දෙය ; යහපත.
3. (ජ්‍යෝති.) අභාග්‍යය ; අපලය.
4. කොහොඹ ගස.

රිටෝටය

(පාරිභා.) නා. රසායන ද්‍රව්‍ය පෙරීමට භාවිත කරන වීදුරු භාජනයක් ; හංසපාතිකය.

රිඩ්

නා.ප්‍ර. රෙදි වියන යන්ත්‍රයේ නූල් පීරිමට හා හරස් නූල් තද කිරීමට ගැනෙන කොටස ; පනාවක් වැනි උපකරණය.

රිත්ත

1. නා.ප්‍ර. තෙත් බව ; තෙතමනය.
2. ගොඩ ; රාශිය.

රිත්මය

නා. සම කාල පරතරයක් ඇති ව හට ගැනෙන ධ්වනි ස්පන්දනය ; නාද චලන ආදියේ පවත්නා රටාව ; තාලය.