සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1360
රුචිකත්වය
නා. ඇලුම් කරන ගතිය ; ළැදියාවක් ඇති බව.
රුචිය
1. නා. කැමැත්ත ; ආශාව ; රිසිය.
2. කැමති දෙය.
3. කාන්තිය ; දීප්තිය.
රුචිර
වි. සිත්කලු ; මනෝඥ; සුන්දර ; කාන්තිමත්.
රුචිරානනිය
නා. මනෝඥ කාන්තාව ; සුන්දර ස්ත්‍රිය.
රුජ
1. නා.ප්‍ර. වේදනාව ; කැක්කුම ; රිදුම ; රුදාව.
2. රෝගය.
3. බඩරුජාව ; ප්‍රසව වේදනාව.
රුජකය
නා. වේදනා ඇති කරන දෙය ; රෝගය ; ව්‍යාධිය.
රුජන
වි. වේදනා ඇති කරන.
රුත
නා.ප්‍ර. මියුරු හඬ.
රුත්
නා.ප්‍ර. අරුත් ; අර්ථ.
රුති
1. නා.ප්‍ර. රුචි ; ආශා.
2. රතිය ; කාමය.
3. රතුපාට.
වි. කැමති ; රිසි.
රුතු
1. නා.ප්‍ර. සෘතුව ; රිතුව.
2. ඔසප් ලෙය.
රුතේනියම්
(පාරිභා.) නා.ප්‍ර. සුදු, තද ලෝහමය මූලද්‍රව්‍යයක්.
රුදන
නා.ප්‍ර. හැඬීම.
රුද්ධ
1. වි. වැසූ ; ආවරණය කළ; නිරර්ථක.
2. ව්‍යර්ථ.
3. අවහිර කරන ලද ; ඇවිරූ.
රුද්රජ
නා.ප්‍ර. රසදිය.
රුද්‍රාණි
නා.ප්‍ර. රුද්‍ර දෙවියාගේ දේවිය ; ශිව පතිනිය ; පාර්වතිය.
රුදාව
1. නා. රිදීම ; කැක්කුම ; රුජාව.
2. රෝගය.
3. පීඩාව ; හිරිහැරය.
4. දාංගලය ; දඟකාරකම.
රුදු
1. වි. භයානක ; බියකරු ; රෞද්‍ර.
2. මහත් ; විශාල.
3. දැඩි ; තද.
1. නා.ප්‍ර. දෙවියකුගේ නාමය ; ඊශ්වර ; ශිව.
2. වෙසමුණි රජ ; කුවේර.
රුදුරු
නා.ප්‍ර. ශිව හෙවත් ඊශ්වර දෙවි.
1. වි. භයානක ; බියකරු ; රෞද්‍ර ; රුදු.
2. උග්‍ර ; බලවත් ; දරුණු.
3. දැඩි ; තද.
4. මහත් ; විශාල.
රුධිර
රුධිරය බ.
රුධිර ගණ
නා.ප්‍ර. වර්ගීකරණය කරනු ලබන රුධිර කාණ්ඩ.
රුධිර ග්‍රාහිය
(පාරිභා.) නා. ඇස ආරක්ෂා කරන තන්තුමය ප්‍රතානයක්.
රුධිර ගූටිකාරෝධය
(පාරිභා.) නා. රුධිර නාල තුළ ලේ කැටිගැසීමේ රෝගය.
රුධිර දායකයා
(පාරිභා.) නා. ලේ දන් දෙන තැනැත්තා.