සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1393
ලාසු වඩුවා
නා. ලියන වඩුවා ; ලාසු සාදන වඩුවා.
ලාසුරුව
නා. හුණු බුසල් 56ක ප්රමාණය.
ලාහෙළා
පූර්ව.ක්රි. පරීක්ෂා නොකොට ; විමසීමකින් තොරව ; වහා ; කලබලෙන්.
ලැක්කිය
නා. ඊයෙන් විදීමට හෝ වෙඩි තැබීමට යොදාගන්නා ඉලක්කය ; කුරුමානම ; එල්ලය.
ලැක්ටික් අම්ලය
(පාරිභා.) නා. ඇඹුල් කිරිවල තිබෙන වර්ණ රහිත ස්ඵටිකරූපී කාබනික අම්ල විශේෂය.
ලැක්ටික් ඩිහයිඩ්රජනේස්
නා.ප්ර. ලැක්ටික් අම්ලය ඔක්සිහරණය වීමේ දී පයිරුවික් අම්ලයට පරිවර්තනය වීමට උපකාරී වන එන්සයිමයක්.
ලැක්ටේස්
(පාරිභා.) නා.ප්ර. ලැක්ටෝස් ග්ලූකෝස් බවට පරිවර්තනය කිරීම පහසු කරන්නා වූ ද සතුන්ගේ ජීර්ණ යුෂයෙහි පවතිමින් ආහාර ජීර්ණ ක්රියාවලියට උපකාරිවන්නා වූ ද එන්සයිමයක්.
ලැක්ටොප්ලේවින්
(පාරිභා.) නා.ප්ර. බී2 විටමිනයේ අඩංගු සක්රිය ධාතු දෙකෙන් එකක් ; රයිබොප්ලේවින්.
ලැක්ටෝමීටරය
නා. කිරිවල පිරිසිදු බව මනින උපකරණය ; ක්ෂීරමාපකය.
ලැක්ටෝස්
(පාරිභා.) නා.ප්ර. කිරෙහි අඩංගු සීනි වර්ගයක්.
ලැක්ම
1. නා. නැවතී විවේක ගැන්ම ; විශ්රාමය ; නිදාගැනීම ; ලැගීම.
2. දුර ප්රමාණයක් ; ගවුවෙන් අර්ධය ; අඩ ගවුව.
3. කුරුල්ලන් ලගින ස්ථානය.
ලැකි
නා.ප්ර. ලියන තැනැත්තා ; ලියන්නා ; ලේඛකයා.
වි. ලකෙහි හෙවත් ලංකාවෙහි වූ ; ලාංකික.
ලැකිය
1. නා. පොත පතෙන් හෝ ව්යවහාරයෙන් ගෙන හැර දක්වන උදාහරණය.
2. ඉලක්කය ; එල්ලය ; කුරුමානම.
ලැකියනුසරින්
ක්රි.වි. උදාහරණය අනුව යාමෙන් ; ලක්ෂ්යානුසාරයෙන්.
ලැකියුනාව
නා. ශරීරයෙහි පිහිටි අස්ථිවල තහඩු තට්ටු අතර පිහිටි කුඩා විවර විශේෂය.
ලැග්යුමින්
නා.ප්ර. මෑ කරල් ආදි එළවළුවල තිබෙන මාංශජනක ධාතු විශේෂය.
ලැගි
1. වි. ලග්න වූ ; ඇලුණු.
2. සමීප වූ ; ළං වූ.
3. සුදුසු ; යෝග්ය.
4. නවාතැන් ගත්.
ලැගීනාව
(පාරිභා.) නා. උසස් පෘෂ්ඨවංශීන්ගේ කර්ණසංඛ්යයේ කාණුව බවට පත්වන සංවේදී අපිච්ඡදයෙන් ඇතිරුණු මඩියක්.
ලැගුම
1. නා. විවේකය හෝ විශ්රාමය සඳහා නවාතැන් ස්ථානය ; ලැගුම් ගන්නා තැන ; ලැගුම්පල.
2. කුකුළු ආදී පක්ෂීන් ලගින තැන.
ලැගුම් ගන්නවා
ක්රි. වෙහෙස නිවා ගැනීම සඳහා නවාතැන් ගන්නවා ; විශ්රාමය පිණිස නවතිනවා රාත්රියේ නවතිනවා ; සැතපෙනවා.
ලැගුම්ගේ
නා. විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා වාසයකරන කොටස ; ආවාසය ; භික්ෂූන්ගේ සැතපෙන ගෙය.
ලැගුම්පල
නා. නවාතැන ; විවේකය උදෙසා නවතින තැන.
ලැගුල්ලනවා
ක්රි. (විශේෂයෙන් හීලෑ සතුන්) ලැගුම් ලනවා ; ලැගුම් ගන්නවා ; නිදියනවා.
ලැජරය
නා. ගනුදෙනු පැහැදිලිව හා අයවැය නිවැරදි ව තබා ගැනීමට ඉවහල් වන පොත.