සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1392
ලාම්පු උඩැස්සි කුලිය
නා. මසුන් බිලීබෑමේදී ඇම සඳහා අවශ්‍ය වන මසුන් සැපයීම වෙනුවෙන් කරන ගෙවීම.
ලාම්පුව
නා. ආලෝකය ලබාගැනීම සඳහා තිර හා තෙල් දමා සකසා ඇති පහන.
ලාමා
නා.ප්‍ර. විශේෂයෙන් හිමාලය හා මධ්‍යම ආසියානු ප්‍රදේශවල වසන මහායාන ආගමික පූජකවරුන් හඳුන්වන නාමය.
ලාමාගම
නා. ලාමාවරුන්ගේ නායකත්වයෙන් යුත් මහායාන බෞද්ධ ආගම.
ලායන මානය
(පාරිභා.) නා. සායම් කළ ද්‍රව්‍යයක් ආලෝකයට ඔරොත්තු දෙන ප්‍රමාණය මැනීමේ උපකරණයක්.
ලාරස
නා.ප්‍ර. ලතුදිය ; ලාක්ෂා ජලය ; ලාකඩ වතුර.
ලාලනය
1. නා. නැළවීම; සුරතල් කිරීම.
2. ලාලිත්‍යය.
3. ආදරයෙන් පිරුණු බව.
4. ආදරයෙන් පාලනය කිරීම.
ලාලස
වි. අධික ආශාවෙන් යුතු වූ ; බලවත් ඇල්මෙන් යුතු ; තදින් ඇලුම් කරන.
ලාලා
නා.ප්‍ර. මුඛයෙන් ශ්‍රාවය වන ඛේටය ; කෙළ හා සෙම.
ලාලාවිෂයා
නා. විස සහිත කෙළ ඇති සතා.
ලාලිත
1. වි. සුරතල් ; මන පිනවන ; සිත නළවන.
2. සෘජු නොව, කවාකාර ලක්ෂණයෙන් යුත්.
ලාලිත්‍යය
1. නා. සිත නළවන බව ; ලලිතභාවය ; සුන්දරත්වය ; මිහිරිබව.
2. ලලිත බවින් යුක්ත බව.
3. කාමුක විලාසය.
ලාලිනී
1. නා.ප්‍ර. පොළඹවන තැනැත්තිය ; සිත් අදින්නිය ; සුලලිත දේහයෙන් යුක්ත තැනැත්තිය.
2. සල්ලාල ස්ත්‍රිය; කාමුක ගැහැණිය ; මායම් දන්නිය.
ලාවණ්‍ය
වි. සිත් ගන්නා වූ ; සිත්කලු ; මන බඳින.
ලාවණ්‍යය
නා. සිත් ඇඳගන්නා බව ; සිත්ගන්නා බව.
ලාවණික
1. නා.ප්‍ර. ලවණ හෙවත් ලුණු මිශ්‍ර ; ලවණ සහිත.
2. ලුණු මිශ්‍ර දියර.
ලාවණික රේචකය
(පාරිභා.) නා. බඩ විරේක කරන ලවණ හෙවත් ලුණු මිශ්‍ර ඖෂධය.
ලාවා
1. නා.ප්‍ර. (ගිනි කඳුවලින් නික්මෙන) ලෝදිය ; ඉන් සෑදෙන පාෂාණය.
2. බොහෝ විට රූප පරිවර්තනයකින් සුහුඹුලා බවට පත්වන කුඩා ජීවියෙක් ; කීටයා ; පිළවා.
3. කූඩැල්ලා ; පූඩාවා.
ලාවා කැට
(පාරිභා.) නා.ප්‍ර. යමහල් පුපුරා යෑමේ දී විසිවන කුඩා ලාවා ගුලි.
ලාවා දෝරය
(පාරිභා.) නා. (ගිනි කන්දකින්) ගලා යන ලෝදිය ධාරාව ; ලාවා ප්‍රවාහය.
ලාස
නා.ප්‍ර. ලාහ ; කුරුණිය.
ලාස්‍ය
1. නා.ප්‍ර. දෙවැදෑරුම් වූ නාට්‍ය ප්‍රභේදවලින් එකක් (අනෙක තාණ්ඩව නමි) විශේෂයෙන් කාන්තා පක්ෂය සඳහා වන අඩු වේගයෙන් ද වැඩි ලාලිත්‍යයෙන් ද යුත් නැටුම් ලක්ෂණය.
1. වි. ලාලිත්‍යයෙන් යුත්.
2. ප්‍රමාද ; පමා ; පරක්කු.
3. ඇල්මෙන් යුක්ත ; ආශා සහිත.
ලාසිකාව
නා. නළඟන.
ලාසිත
නා. බැබළීම ; දීප්තිය.