සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1410
ලෙක
1. නා.ප්ර. බැලීම ; නැරඹීම ; අවලෝකනය ; දැකීම ; දර්ශනය.
2. එල්ල කරන ලද ස්ථානය ; ඉලක්කය ; ලක්ෂ්යය.
ලෙක්කිය
නා. තැන ; ස්ථානය ; පෙදෙස.
ලෙක්ලාන්ච් කෝෂය
(පාරිභා.) නා. විද්යුත් රසායනික ප්රාථමික කෝෂයක්.
ලෙගසිය
නා. අන්තිම කැමැත්තකින් ලැබුණු දේපල ත්යාගය.
ලෙගසිලාභියා
නා. අන්තිම කැමැත්තකින් දේපල ත්යාගයක් ලබන්නා ; තෙස්තමේන්තු දායාද ලබන පුද්ගලයා.
ලෙගියුම්නෝසි
(පාරිභා.) නා.ප්ර. පෙළට සිටින ඇට සහිත දෙපියන් කරල්වලින් සහ බැක්ටීරියා අඩංගු ගැටිති සහිත මුල්වලින් ද යුක්ත ශාක ගණය ; රනිල කුලය.
ලෙජරය
නා. සියලු ම ගණුදෙනු සහ අයවැය පැහැදිලි ව හා සංක්ෂේප වශයෙන් දක්වන ප්රධාන ගණන් පොත ; ලෙජර් පොත.
ලෙටි
වි. මසුරු ; ලෝභී.
නා.ප්ර. මසුරා ; දැඩි වස්තු ලෝභයෙන් යුතු පුද්ගලයා ; ලෝභියා.
ලෙඩ
වි. සාමාන්ය ශාරීරික හෝ මානසික සුවයෙන් තොර ; රෝගාතුර ; රෝගී ; ගිලන්.
1. නා.ප්ර. ශාරීරික හෝ මානසික සුවයෙන් තොරබව; රෝගය ; ව්යාධිය ; ආබාධය.
2. අවුල් වියවුල් සහිත කටයුත්ත ; පටලැවිලි සහිත වැඩය ; කරදරය.
ලෙඩ ගසනවා
ක්රි. අසනීපයක් ඇති බව පෙන්වනවා ; බොරුවට ලෙඩ බව අඟවනවා ; හොර ලෙඩ ගන්නවා.
ලෙඩ දමනවා
ක්රි. කරදරයක් සිදු කරනවා ; කිසියම් කරදරයකට පමුණුවනවා ; අමාරුවකට පත් කරනවා.
ලෙඩ බලනවා
1. ක්රි. රෝගියෙකුගේ දුක සැප සොයා බලනවා ; ලෙඩකු වෙත ගොස් ඔහුගේ තොරතුරු විමසනවා ; ලෙඩ විචාරනවා.
2. රෝගියකුට ඇප උපස්ථාන කරනවා ; රෝගී උපස්ථානයෙහි යෙදෙනවා.
3. (වෛද්යවරයෙකු) රෝගියා පරීක්ෂා කරනවා ; රෝග පරික්ෂාවෙහි යෙදෙනවා.
ලෙඩ වැටෙනවා
ක්රි. කරදරයක් ඇති වෙනවා ; ආරාවුලකට පැටලෙනවා.
ලෙඩ් අයන
නා.ප්ර. ලෙඩ් (ඊයම්) පරමාණුවකින් ඉලෙක්ට්රෝන ඉවත් කිරීමෙන් ඇති වන ධන ආරෝපිත පරමාණුව.
ලෙඩ් ඇසිටේට්
(පාරිභා.) නා.ප්ර. ලෙඩ් ඔක්සයිඩ් ඇසිටික් අම්ලය සමඟ රත් කිරීමෙන් ලැබෙන ලවණය.
ලෙඩ් ඔක්සයිඩ්
(පාරිභා.) නා.ප්ර. ඊයම් ඔක්සිජන් සමඟ සම්බන්ධවීමෙන් ඇති වන සංයෝගය.
ලෙඩ් ක්ලෝරයිඩ්
(පාරිභා.) නා.ප්ර. ලෙඩ් ඔක්සයිඩ් හයිඩ්රොක්ලෝරික් අම්ලය සමඟ ප්රතික්රියා කිරීමෙන් සෑදෙන සුදුපාට ලවණය.
ලෙඩ් ක්රෝමේට්
(පාරිභා.) නා.ප්ර. ඊයම් ලවණයක් ක්රෝමේටයක් සමඟ ප්රතික්රියා කිරීමෙන් සෑදෙන සංයෝගය.
ලෙඩ් කාබනේට්
(පාරිභා.) නා.ප්ර. ලෙඩ් ලවණ ද්රාවණයක් කාබනේටයක් සමඟ ප්රතික්රියා කිරීමෙන් ඇතිවන සංයෝගය.
ලෙඩ් ඩයොක්සයිඩ්
(පාරිභා.) නා.ප්ර. ලෙඩ් පරමාණුවක් ඔක්සිජන් පරමාණු දෙකක් සමග සම්බන්ධවීමෙන් සෑදෙන ලෙඩ් ඔක්සයිඩ් සංයෝගය.
ලෙඩ් නයිට්රේට්
(පාරිභා.) නා.ප්ර. ලෙඩ් නයිට්රික් අම්ලය සමඟ ප්රතික්රියා කිරීමෙන් සෑදෙන ලවණයක් ; සංකේත සූත්රය.
ලෙඩ් මොනොක්සයිඩ්
(පාරිභා.) නා.ප්ර. ලෙඩ් (ඊයම්) ඔක්සිජන් සමඟ සමානුපාතිකව සම්බන්ධවීමෙන් සෑදෙන ලෙඩ් ඔක්සයිඩ් සංයෝගය.
ලෙඩ් ලවණ
(පාරිභා.) නා.ප්ර. ඊයම් අම්ල හෝ භස්ම ප්රතික්රියා කිරීමෙන් සෑදෙන සංයෝග විශේෂය ; ආම්ලික හෝ භාස්මික නොවන ලෙඩ් සංයෝග පෙළ.
ලෙඩ් සල්පයිඩ්
(පාරිභා.) නා.ප්ර. ලෙඩ් සහ ගෙන්දගම් එකට රත් කිරීමෙන් නොහොත්, ලෙඩ් ලවණ ද්රාවණයක් තුළින් හයිඩ්රජන් සල්පයිඩ් යැවීමෙන් ලැබෙන සංයෝගය.