සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1409

ලුහු කර්මාන්තය

නා. සුළු කර්මාන්තය ; මහා පරිමාණයේ නොවන කර්මාන්තය.

ලුහු බඳිනවා

ක්‍රි. පසු පස්සේ එළවා යනවා ; හඹා යනවා ; අනු බඳිනවා.

ලුහු යමහල් පාෂාණ

නා.ප්‍ර. යමහල්වලින් විසිරෙන සැහැල්ලු යමහල් කැබලි.

ලුහුටනවා

ක්‍රි. ලිස්සනවා ; ඇදී යනවා ; රූටනවා.

ලුහුටොන්

නා.ප්‍ර. බර මනින මිනුම් ඒකකයක් ; රාත්තල් 2,000ක බර ඒකකය.

ලුහුණ

නා.ප්‍ර. වැලක පුරුක් දෙකක් අතර කොටස ; පුරුක.

ලුහුඬු

1. වි. කෙටි ; දික් නොවූ ; කොට ; මිටි ; සංක්ෂිප්ත ; උස් නොවූ.
2. අඩු ; මඳ.

ලුහුදන

නා.ප්‍ර. දිළිඳු අය.

ලුහුනා

නා.ප්‍ර. සොරා ; සොර පුද්ගලයා ; චෞරයා.

ලුහුල්

නා.ප්‍ර. සතුන් මරණයට පත් කිරිම සඳහා යොදාගනු ලබන උපක්‍රමයක් ; උගුල ; හබක.

ලුහුලා

නා. මිරිදිය මත්ස්‍යයෙක් ; ලූලා.

ලූ

ලනවා යන්නෙහි අතී.කෘද. 1. දැමූ ; බහාලන ලද ; තැබූ.
2. කැපූ ; කපන ලද.
3. හෙලූ ; පහතට යොමන ලද.
වි. දැල් වූ ; ආලෝක කළ ; ජ්වලිත.

ලූ ගස්

නා.ප්‍ර. තුනී ලෙල්ලකින් ද ඝනකම මදයකින් ද යුත් ලොකු ගෙඩි සෑදෙන පොල් ගස්.

ලූඛ

වි. රූක්ෂ ; රළු ; කර්කශ ; ලුඛ්‍ය.

ලූඩෝ

නා.ප්‍ර. පෙතක් උපයෝගි කරගෙන කරනු ලබන ළමා ක්‍රීඩාවක් ; කැටය වැටෙන ආකාරයට ලැබෙන ලකුණු ගණන අනුව ඉත්තන් එහා මෙහා කරමින් කරන පංච කෙළිය වැනි ක්‍රීඩාව.

ලූනු බද්ද

නා. පුරාණයෙහි රාජකීය මුළුතැන්ගෙට ලූනු සැපයූ කුලයට අයත් පවුල් කිහිපයකින් යුත් කාර්යාංශය.

ලූපය

1. නා. පුඩුව ; දරණය ; වළල්ල ; තොණ්ඩුව ; කම්බියෙන් හෝ ප්ලාස්ටික්වලින් තැනූ වට කීපයකින් යුත් මුද්ද.
2. ටැලිපෝනයක් ප්‍රධාන ටැලිෆෝන් හුවමාරු ස්ථානයේ සිට ඝන කම්බි දෙකකින් හුවමාරු ස්ථානය සමග සම්බන්ධ කෙරෙන ඇමුණුම් ස්ථානය ; පිරිද්දුම.

ලූම්

නා.ප්‍ර. රෙදි වියන යන්ත්‍රය ; අලුව.

ලූමිංකෝඩ්

නා.ප්‍ර. සෙල්ගාර ලණු වර්ගයක් ; නූල් හැදයක් වියන යන්ත්‍රයෙහි සවි කිරීමේ දී යොදන ඇදුම් නොදෙන ශක්තිමත් ලණු විශේෂයක්.

ලූල

නා. උගුල් විශේෂයක්; කැලෑ සතුන් මත වැටෙන සේ සලසා ඇති ඉතා බර උගුල.

ලූලඟ

නා.ප්‍ර. හත් අවුරුදු ලූණු ; අවුරුදු හතක් කල්ගිය ලූණු.

ලූව

වි. මහත් වූ මඳය සහිත ; ඝනකමින් යුත් මඳයකින් යුක්ත.

ලූස්හීල්ඩ්ස්

නා.බහු. පේෂ කර්මාන්තයෙහි දී භාවිත පුඩුවැල් විශේෂයක්.

ලූසි පෙරින්

නා.ප්‍ර. ආලෝක බිඳක් දල්වා ගැනීම සඳහා කලාමැදිරි, රෑ බදුලු ආදි ජෛව සන්දීප්තික ජීවින් වෙත පවතින ශක්තියට අවශ්‍ය සංයෝගයක්.