සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1408
ලුද්ද
වි. ලෝභී ; ආශාවෙන් යුත්; ගිජු ; ලුබ්ධ.
ලුද්දකයා
නා. වැද්දා ; සතුන් දඩයම් කරමින් වනයේ ජීවත්වන්නා.
ලුද්ධතර
වි. වඩා ලෝභී වූ ; වැඩි ආශාවන් සහිත.
ලුදු
වි. රෞද්‍ර ; නපුරු.
1. නා.ප්‍ර. රෞද්‍ර තැනැත්තා ; නපුරු පුද්ගලයා.
2. වැද්දා ; ලුද්දකයා.
ලුප
නා.ප්‍ර. ඇල්ම ; ප්‍රේමය.
ලුප්
1. නා.ප්‍ර. ලේපය ; ස්වල්පය.
2. ලිප ; උදුන.
ලුප් දොර
නා.ප්‍ර. ලිපෙහි අද්දර ; ලිප් අසල ; ලිප මුල ; ලිප් බොක්ක.
ලුප්ත
1. වි. ලොප් කළ ; ලොප් වූ ; නැති වූ.
2. කැඩූ ; කපන ලද.
3. ගෙවුණු ; කැඩී ගිය ; ගිලුණු.
4. සොරකම් කළ.
ලුප්ත කේතුව
නා. ඈත සමයක කේතුවක හැඩයට නැගී පැවතුණු කන්දක මුඳුන කැඩීයාමෙන් ශේෂ වන කොටස.
ලුප්ත හරණය
නා. කොල්ලකෑම ; පැහැර ගැනීම.
ලුප්පු ගැසීම
නා. ගම්බද ළමා ක්‍රීඩාවක් ; කොළ පන්දු ගැසීම ; කොළ බුහු ගැසීම.
ලුබ්ධ
වි. ගිජු ; ලොල් ; ආශා සහිත.
ලුබ්ධයා
නා. ගිජු තැනැත්තා ; ලෝලයා ; ඇලුම්කරන්නා.
ලුබ්රිකේටින් තෙල්
නා.ප්‍ර. වාහන ඇන්ජිම ආරක්ෂා වන පරිදි ක්‍රියා කරවීමටත් යන්ත්‍ර සඳහා ස්නේහක වශයෙන් යෙදීමටත් ගනු ලබන ලිහිස්සි තෙල්.
ලුම්බිනි
නා.ප්‍ර. දඹදිව සිදුහත් කුමාරයාණන්ගේ උපත සිදු වූ ස්ථානයේ පිහිටි උයන.
ලුල්හබ
නා.ප්‍ර. උගුල් විශේෂයක් ; හබක.
ලුලිත
1. වි. සෙලවෙන ; ලෙලදෙන ; කම්පිත.
2. අවුල් වූ.
ලුලූ
වි. චංචල ; සෙලවෙන ; සසල.
ලුව
වි. මහත් වූ ; මේරු ; ඝන.
නා.ප්‍ර. භාජනයක ඇති යමක්, පිටතට ගැනීමට භාවිත කරන උපකරණය ; හැන්ද ; කෙණෙස්ස.
ලුවර
නා.ප්‍ර. යාත්‍රාවක් සුළඟින් ඇදී යාම සඳහා ඝන රෙදිවලින් මසා නොහොත් පන් කොළ ආදියෙන් වියා කුඩයක් මත සවි කරනු ලබන උපකරණය ; රුවල.
ලුහිත
1. වි. රැවටුණු.
2. ආකුළ වූ.
ලුහු
1. වි. සැහැල්ලු ; බර නැති.
2. සුළු ; කුඩා ; සාමාන්‍ය ; අල්ප ; වඩා වැදගත් නොවූ.
3. කොට ; දික් නොවූ ; ලුහුඩු.
4. කුසෙන් සැහැල්ලු වූ ; වැදූ ; ප්‍රසූත කළ.
1. නා.ප්‍ර. ඉක්මන; කඩිනම.
2. ලඝු අක්ෂරය.
ලුහු අකුරු
නා.ප්‍ර. (ව්‍යාක.) ලඝු අක්ෂර ; දීර්ඝ නොවූ අක්ෂර ; කෙටි ශබ්ද ඇති අක්ෂර ; හ්‍රස්ව අක්ෂර.
ලුහු ඇවත
නා. (විනය.) සුළු වරද ; ලහුකාපත්තිය.