සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1420
ලොහොපට
නා.ප්‍ර. ලෝහයෙන් කරන ලද පටිය ; ලෝ මුවා පටිය.
ලොහොපැණ
නා.ප්‍ර. ලෝහයෙන් කරන ලද විශාල කටක් ඇති භාජනය ; මහත් මුව විටක් සහිත ලෝහමය කටාරම.
ලොහොපැස
නා.ප්‍ර. ලෝ දිය පිරි භාජනය ; උණුකර ද්‍රව බවට පත් වූ ලෝහ දමා ඇති භාජනය.
ලොහොපෙත
නා. ලෝහ පත්‍රය ; තඹ පිත්තල ආදි ලෝහමය පත.
ලොහොමඩ
1. නා.ප්‍ර. යකඩ තලිය.
2. (ගිනියම් වූ) ලෝහ ගුළි ; ලෝහ කැටි.
ලොහොමය සෙවිනි
නා.ප්‍ර. ලෝහයෙන් කරන ලද වහල ; ලොහොමුවා පියස්ස.
ලොහොමල
නා.ප්‍ර. යකඩවල බැඳෙන මලකඩ ; ලෝකඩ මල.
ලොහොමුගුරු
නා.ප්‍ර. යකඩ පොල්ල ; ලෝහයෙන් සෑදූ දණ්ඩ.
ලොහොලනවා
ක්‍රි. (සම හෝ සිවිය) ගලවනවා ; උගුල්වනවා ; ගලවා ඉවත් කරනවා.
ලොහොවැට
නා.ප්‍ර. යකඩින් තැනූ පහන ; ලෝහමය පහන.
ලොහොවැහැය
නා. යකඩ වෑය ; ලෝහමය වෑය.
ලොහොළුව
නා. ලෝහයෙන් කරන ලද හැන්ද.
ලෝ
1. නා.ප්‍ර. ලෝකය ; ලොව ; විශ්වය.
2. ලෝකවැසියා ; ලෝවැසි ජනයා ; ජනතාව.
3. පෘථිවිය ; පොළොව.
4. සමූහය ; රංචුව ; වර්ගය.
5. ලෝහ ; යකඩ.
6. බෙහෙත් ලුණු වර්ගවලින් එකක් ; බළල් ලුණු.
ලෝ ඇජර
නා.ප්‍ර. මහා බ්‍රහ්මයා.
ලෝ ඉසුරු
නා.ප්‍ර. මහා බ්‍රහ්මයා ; මහාබඹු.
ලෝ තලිය
නා. ලෝහවලින් සාදන ලද තැටිය ; ලෝකඩ තැටිය.
ලෝ පහුර
නා. (විශේෂයෙන් යකඩ වැනි) ලෝහ වර්ගයකින් තැනූ ආරක්ෂක බැම්ම ; ලෝහමය ප්‍රාකාරය ; ලෝ පවුර.
ලෝ බඳන
නා.ප්‍ර. ලෝහයෙන් කළ භාජනය ; ලෝහ භාජනය.
ලෝ බොර
නා.ප්‍ර. ද්‍රව කළ ලෝහයක් මත පාවෙන ඝන ද්‍රව්‍ය ; යබොර.
ලෝක
වි. ලෝකයට අයත්; ලෝකය හා සම්බන්ධ.
ලෝක චාරිත්‍ර
නා.ප්‍ර. ලෝකයේ සම්මත වූ සිරිත් ; ලොව පිළිගත් සිරිත්.
ලෝක තලය
නා. පොළොව ; පෘථිවිය ; ධරණි තලය.
ලෝක දිවාකර
නා.ප්‍ර. මුළු විශ්වයටම එළිය වන උතුම් බුදුරජාණන් වහන්සේ.
ලෝක ධර්ම
1. නා.ප්‍ර. ලෝකයාගේ පැවැත්මෙහි නොනැසී පවත්නා ස්වභාව ධර්ම ; ලාභ, අලාභ, යස-අයස, නින්දා, ප්‍රශංසා, සුඛ දුක්ඛ යන අෂ්ලෝකධර්ම.
2. මෙවුන්දම ; මෛථුනය ; සංවාසය.