සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1419
ලොවිච්චිය
නා. ඇඳුමකට, කොට්ට උර ආදියට මෝස්තරයක් වසයෙන් අල්ලන රැළි පටිය.
ලොවිදු
නා.ප්‍ර. ලෝක නායක ; ලෝක විදූ ; සර්වඥයන් වහන්සේ.
ලොවිනවා
ක්‍රි. ලෙවකනවා ; දිවෙන් රස උරා බොනවා ; ලෝනවා.
ලොවිසුරු
[ලොව + ඉසුරු]
වි. ලෝකයට ශ්‍රේෂ්ඨ වූ ; ලොවට උතුම් වූ ; ලෝකෝත්තම.
ලොවී
වි. ලෝකය හා සම්බන්ධ ; ලෞකික ; ලෝකයෙහි වසන ; පෘථග්ජන.
ලොවී-ලොවුතුරා
වි. ලෞකික ; ලෝකෝත්තර.
ලොවු
නා.ප්‍ර. ලොව.
ලොවුතුරා දම්
නා.ප්‍ර. ලෝකයෙන් එතෙරවීමට උපකාර වන්නා වූ නව ලෝකෝත්තර ධර්මය.
ලොවුතුරා බුද්ධත්වය
නා. සකල ක්ලේශයන් ප්‍රහීණකොට ලබන ලෝකෝත්තර තත්ත්වය ; බුදුබව.
ලොහො
නා.ප්‍ර. තඹ යකඩ ආදී ලෝහ වර්ග.
ලොහො දපණතල
නා.ප්‍ර. ලෝහමය වූ දර්පණ තලය ; සාරලෝහ නම් වානේවලින් සාදන ලද කැඩපත.
ලොහො සැළි
නා.ප්‍ර. ලෝහයෙන් සාදන ලද වළඳ.
ලොහොකටාරම
නා. ලෝහයෙන් කරන ලද කට ලොකු විශාල භාජනය ; ලෝහමය කල්දේරම.
ලොහොකඩ
නා.ප්‍ර. ලෝහ කැබැල්ල ; ලෝහ ඛණ්ඩය.
ලොහොකත
නා.ප්‍ර. කාන්දම ; චුම්බකය ; ලෝහකාන්ත.
ලොහොකුඹු නරකය
නා. උස්සද නිරයන්ගෙන් එකක් ; ගිනි ගත් ලෝහ කළයක් වන් ලෝහ කුම්භ නම් නිරය.
ලොහොකුරුවා
නා. ලෝහ කර්මාන්ත කරන්නා ; ලෝකුරුවා.
ලොහොගුළා
නා. ලෝහ ගුළ ; යකඩ ගුළි.
ලොහොගෙය
1. නා. ලෝහයෙන් නිම වූ ගෘහය.
2. ලෝකුඹු නරකාදිය.
ලොහොටනවා
(කථා.) ක්‍රි. ලිස්සනවා ; ලුහුටනවා.
ලොහොතලිය
නා. ලෝහයෙන් කරන ලද තැටිය ; ලොහොතල්ල.
ලොහොත්තම
නා.ප්‍ර. රත්රන්.
ලොහොදක
ලොහොනිල්
1. නා.ප්‍ර. භාජන ආදියෙහි සෑදෙන නිල් පැහැති ලෝහමල.
2. ලොහො මලින් සෑදූ නීල වර්ණය.