සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1418
ලොඹු කොටනවා
ක්රි. විකා කෑමට දත් නැති හෙයින් වීදුරුමස්වලින් හපනවා ; ලොඹු හපනවා.
ලොඹුව
1. නා. ගෙඩියක ලෙල්ල.
2. මස් ආදිය තබා කැපීමට භාවිත කරන ලී කොටය.
3. වැදැල්ල.
ලොය
නා. ලෝකය ; ලොව
ලොයි බංකුව
නා. ඇන්දක් සහිත බංකුව.
ලොරිය
නා. බඩු බාහිරාදිය ප්රවාහනය කිරිම සඳහා යොදාගන්නා විශාල මෝටර වාහනයක්.
ලොල
වි. කම්පිත වූ ; චංචල වූ.
නා.ප්ර. ආශාව ; ඇලීම ; ගිජුකම.
ලොල්
වි. ආශා ඇති ; ඇලුම් කරන ; ගිජු ; ලෝල.
1. නා.ප්ර. ආශාව ; ගිජුකම.
2. ලෝභය.
3. චංචල දෙය.
ලොල්ල
නා. ආශාව ; ලොල්බව ; ගිජුබව ; ලෞල්යය.
ලොලු
නා.ප්ර. රාගය ; ආශාව.
ලොලුප
නා.ප්ර. අධික ආශාව ; ලෝලුප්පය.
ලොලෙව්දිය
නා. බොහෝ දිය ඇති බිම ; අධික ජලය සහිත භූමිය.
ලොව
1. නා.ප්ර. ලෝකය; විශ්වය.
2. ලෝකවාසී සත්ත්වයා ; මිනිස් සමූහය ; ලෝක ජනතාව.
ලොවග
[ලොව + අග]
නා.ප්ර. ලෝකයට අග්ර වූ තැනැත්තා ; බුදුරජාණන් වහන්සේ.
ලොවට
නා.ප්ර. ලොහො ගුළිය ; ලෝකඩ ගුළිය.
ලොවත්
[ලොව + අත්]
1. නා.ප්ර. ලෝකයෙහි කෙළවර ; ලෝකාන්තය ; නිර්වාණය.
2. ලෝකය නමැති හස්තය.
ලොවතුර
ලොවරුත් සිරිත
නා. ලෝකයාගේ හිතසුව පිණිස හැසිරීම ; ලෝකාර්ථ චර්යාව.
ලොවසත
නා. ලෝවැසියා ; ලෝකයා.
ලොවාදු
වි. අණ්ඩාකාර ; ඩිම්බාකාර.
ලොවාදුව
1. නා. අණ්ඩාකාර වෘත්තය ; ඩිම්බාකාර වෘත්තය ; ඉලිප්සය.
2. දම්වැල් පොටකට අමුණන මාල පෙත්ත ; පෙන්ඩනය.
ලොවාදුවික
(පාරිභා.) වි. අණ්ඩාකාර හැඩයෙන් යුතු ; ඩිම්බාකාර වූ ; ඉලිප්සයක හැඩයෙන් යුත් ; ඉලිප්සාකාර.
ලොවැදුරු
[ලොව + ඇදුරු]
1. නා.ප්ර. ලෝකයාට ආචාර්ය වූ තැනැත්තා ; සර්වඥයන් වහන්සේ සම්බන්ධයෙන් යෙදේ.
2. මහා බ්රහ්මයා.
ලොවි
1. නා.ප්ර. ලොව බ.
2. කුඩා, ඇඹුල් කසට පලතුරු වර්ගයක්.