සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1417

ලොදුළු

වි. බබලන ; උජ්ජලිත වූ.

ලොධා

නා.ප්‍ර. ලෝක ධාතුව ; චක්‍රවාටය.

ලොඳ

1. නා.ප්‍ර. කුරුම්බා තල් ගෙඩි ආදියෙහි ළපටි මදය ; නොමේරූ මදය.
2. ඇටවල මදය.
3. කෝමාරිකා කොළයෙහි මදය.
4. නොමේරූ ගෙඩිය හෝ කරල ; ළපටි ගෙඩිය ; ලා ඵලය.

ලොපනවා

ක්‍රි. අකුරු මකනවා ; පදයක අක්ෂර ශබ්දයක් උච්චාරණයෙන් තොර කරනවා ; අකුරක් කපා හරිනවා ; ලොප් කරනවා.

ලොපල්

නා.ප්‍ර. ලෝක පාලකයා.

ලොපල්නා

නා.ප්‍ර. ලෝක පාලක නායකයා.

ලොප්

1. නා.ප්‍ර. ලෝපය බ.
2. ලෝභය ; ලොල්බව : ගිජුබව.

ලොප් කරනවා

1. ක්‍රි. (ව්‍යාක.) වර්ණයක් නොකියා හරිනවා ; සුදුසු අකුරු අක්ෂර ඉවත් කරනවා.
2. නැති කරනවා ; ඉවත් කරනවා.

ලොබ

නා.ප්‍ර. ආශාව ; ලෝභය.

ලොබනවා

ක්‍රි. ලෝභ කරනවා ; ආශා කරනවා.

ලොම්

1. නා.ප්‍ර. ශරීරය පුරා සම මතුපිට ඇති සිහින් කෙස් හෙවත් කුඩා ලෝම.
2. බැටළු ආදී සතුන්ගේ හම වසා පවතින සිහින් ලෝම.
3. උඩු රැවුල.

ලොම් කර්මාන්තය

නා. බැටළු ආදීන්ගේ ලෝම සකස් කිරීමේ හා එයින් ඇඳුම් ආදිය නිපදවීමේ කර්මාන්තය.

ලොම් කූව

නා.ප්‍ර. රෝම කූපය.

ලොම් කොළය

නා. කෙස් ගස; ලොම් කෙන්ද.

ලොම් රෙදි

නා.ප්‍ර. බැටළු ආදි සතුන්ගේ ලෝමයෙන් කළ රෙදි.

ලොම් වැළ

නා.ප්‍ර. ආවලියක් මෙන් ඇති ලොම් පෙළ ; ඌර්ණවලිය.

ලොම් සළා

නා.ප්‍ර. ලොම් කරකැවී සෑදුණු සුළිය.

ලොම් සුඹුළුව

නා. ලෝමමය බුරුසුව.

ලොම්බ

නා. දත් වැටුණු කට.

ලොම්බිස්ස

නා.ප්‍ර. සිහින් රෝම සමූහය.

ලොමියනවා

ක්‍රි. සපනවා ; කනවා.

ලොමු

1. නා.ප්‍ර. ලෝම.
2. වමාරා කෑම.

ලොමු කෙළවන්නා

නා. ලොමු කොටන තැනැත්තා ; වමාරා කන්නා ; වමාරා ගිලින්නා.

ලොමුදහැ ගන්නවා

ක්‍රි. ලොම් කෙළින් සිටිනවා ; රෝමෝද්ගමනය වෙනවා.