සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1416
ලේළි
1. නා.ප්‍ර. පුතා ගේ බිරිය.
2. භාර්යාවගේ සහෝදරයාගේ හෝ සැමියාගේ සහෝදරියගේ හෝ දුව ; පිරිමියකුට නම් සෝයුරියගේ හෝ ගැහැණියකුට නම් සෝවුරාගේ දුව.
ලො
1. නා.ප්‍ර. ලෝකය.
2. ලෝභය.
ලො අග
නා. ලෝකයෙහි කෙළවර ; ලෝකයෙහි අන්තය.
වි. ලෝකයට ශ්‍රේෂ්ඨ වූ.
ලො ඇඳිරි නරකය
නා. චක්‍රවාට අතුරෙහි වූ නරකය ; ලෝකාන්තරික මහා නිරය.
ලො ඉකුත්
වි. ලොව ඉක්ම සිටි ; ලෝකෝත්තර.
ලොකැට්ටුව
නා. කරේ පලඳින මාලයකට එල්ලා පවතින කුඩා කොපුව.
ලොකු
1. නා. ප්‍රමාණයෙන් විශාල ; මහත් ; කුඩා නොවූ.
2. වැඩිමහල්.
ලොකු අප්පච්චි
නා.ප්‍ර. තාත්තාගේ වැඩිමහල් සොහොයුරා හෝ වැඩිමහල් ඥාති සොහොයුරා; මවගේ වැඩිමහල් සොහොවුරියගේ ස්වාමිපුරුෂයා ; මහප්පා.
ලොකු අප්පල්ල
නා. ආහාර පිසීමට ගන්නා කට පළල් ලොකු මැටි බඳුන් විශේෂය ; ලොකු ඇතිළිය.
ලොකු අම්මා
නා.ප්‍ර. මවගේ වැඩිමල් සොහොයුරිය ; පියාගේ වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ ; මහම්මා.
ලොකු අඹයා
(කථා.) නා. ගොවීන්ගේ ප්‍රධානයා ; මහ ගොවියා.
ලොකු කරනවා
1. ක්‍රි. විශාල කරනවා ; මහත් කරනවා.
2. ඇති දැඩි කරනවා ; හදා වඩනවා.
ලොකු තුට්ටුව
1. නා. ලංකාවේ භාවිත වූ මුදල් ප්‍රමාණයක් ; සත තුන.
2. සතදෙක.
ලොකු පුල්ලෝරම
නා. ලොකු දැති පීර.
ලොකු මහත්වෙනවා
ක්‍රි. ගැහැණු දරුවකු වැඩිවියට පත් වෙනවා ; මල්වර වෙනවා ; ලොකුවෙනවා.
ලොකුගුලු ඇණය
(පාරිභා.) නා. පට්ටල් කඳෙහි බර කොටසට සෘජුකෝණාකාරව සවි කොට ඇති ඇණය.
ලොගමන්
නා.ප්‍ර. හෙමින් යාම ; ශීඝ්‍ර නොවූ හෝ කඩිසර නොවූ ගමන.
ලොග් පොත
නා. පාසැලක හෝ කාර්යාලයක රාජකාරි කටයුතු සම්බන්ධයෙන් (කල් පැවතිය යුතු) සටහන් ලියා තබන පොත.
ලොට
වි. පිරුණු ස්වභාවයක් නැති ; හැකිලුණු.
ලොට්ට
1. වි. මුවහත ගෙවී ගිය ; පරණවීමෙන් හෝ පාවිච්චි නොකිරීමෙන් වැඩකට ගත නොහැකි ; කබල්; මොට්ට.
2. දුර්වල වූ (වයසට පැමිණීමෙන්).
3. මෝඩ ; නිවට.
ලොටෝ
1. නා.ප්‍ර. අංක සටහන් අනුව ජය ලැබිය හැකි ලොතරැයි විශේෂයක්.
2. අංක සටහන් කාඩ්පතක් අනුසාරයෙන් වාසනාව උරගා බලන ක්‍රීඩාවක්.
ලොඩය
නා. ලොකුම ගෙඩිය.
ලොඩි
1. නා.ප්‍ර. ගොරක ගෙඩියෙහි මදය ; ගොරක මදය.
2. ඇසෙහි වැනි වූ සුදුපාට.
3. මුහුදෙහි පාවෙන විෂ සහිත වූ කුඩා බුබුළු වැනි සෙවෙලින් යුතු ද්‍රව්‍යයක්.
ලොතරැයිය
නා. කුසපත් ඇදීමෙන් ජයග්‍රාහකයන් තෝරා ගැනීමේ ක්‍රමය.
ලොදුරනවා
ක්‍රි. ලියලනවා ; අභිනවයෙන් දලු හට ගන්නවා.