සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1415

ලේඛ්‍ය යන්ත්‍රය

නා. ලිවීම සඳහා උපයෝගී කරගන්නා උපකරණයක් ; ටයිප්රයිටරය.

ලේඛ්‍යාරූඪ

නා.ප්‍ර. ලියවිල්ලකට ඇතුළත් කිරීම ; ලියාපදිංචි කිරීම.

ලේඛාව

1. නා. රේඛාව ; ඉර.
2. වයිරම.
3. ලිවීම ; ලේඛනය.
4. අක්ෂරය ; අකුර.

ලේගරය

1. නා. පීප්පය ; කල්දේරම ; බැරලය.
2. ගැලුම් 150ක් වූ අරක්කු ප්‍රමාණය.

ලේටෙක්ස්

(පාරිභා.) නා.ප්‍ර. රබර් ආදී ගස්වලින් වෑහෙන කිරි වැනි උකු දියරය.

ලේඩන්සරාව

නා. ඇතුළු පැත්තත් පිටි පැත්තත් ටින් වැනි සන්නායක ද්‍රව්‍යකින් වසා තිබෙන විද්‍යුත් කොන්ඩෙන්සරයක් ; ලේඩන් කළය.

ලේඩිත්තක

නා. ලේඩියකුගේ ප්‍රමාණය ; ඉතා ස්වල්පය ; ඩිංගිත්ත.

ලේඬිත්තා

නා. උකුණු ඉණිකුණු ආදින්ගේ බිජුව ; ලේඬියා.

ලේඬිබරුව

නා. ලේඬින් පීරා අස් කිරීමට ලීවලින් සාදා ඇති උපකරණය ; ලේඬිපනාව ; ලේඬිති මාරුව.

ලේඬියා

1. නා. උකුණු ඉනිකුණු ආදින්ගේ බිත්තරය ; ලෙහෙඬියා ; ලේඬිත්තා.
2. අවගාරය ; ගොතන කටුව වැනි උපකරණවල තුඩ සහිත කෙළවර.
3. ඉදිකටුමල.
4. උළුකැටය රිප්පයට වැදෙන කට්ටය.
5. බැටරි කැබෙල්ලක මුදුනේ ඇති පිත්තල වැස්මේ තුඩ.

ලේදලු

නා.ප්‍ර. කැටි ගැසුණු ලේ කුට්ටි ; ලේකැටි.

ලේනහතු

නා.ප්‍ර. දිරාගිය ලී කඳන්වල සෑදෙන (ලේන අතක් වැනි) කුඩා හතු වර්ගයක්.

ලේනහර

නා.ප්‍ර. ශරීරයෙහි රුධිරය ගමන් කරන නාල ; රුධිර නාල, නාඩි, ශිරා, ඌර්ණනාලිකා ආදි වශයෙන් බෙදෙන ඕනෑම ආකාරයක රුධිරවාහිනී නාලිකා ; ලේ නළ.

ලේන්සුව

නා. ඩහදිය පිස දැමීමාදිය සඳහා විශේෂයෙන් සාක්කුවේ ලා ගෙන යා හැකි පරිදි වාටි මසා සකස් කළ සතරැස් රෙදිකඩ.

ලේනා

1. නා. ගස්වල හැසිරෙමින් පලතුරු ආදිය අනුභව කරන රෝදන්ත ගණයට අයත් කුඩා ක්ෂීරපායි සතෙක් ; ලෙහෙනා ; කලන්දකයා.
2. සිංහල රජු සමයෙහි අමාත්‍ය මණ්ඩලයෙහි සිටි නිලධාරියෙක්.

ලේපය

1. නා. ගෑම ; තැවරීම; ගැල්වීම ; ආලේපනය.
2. ආලේපය ; ගානා බෙහෙත හෝ ද්‍රව්‍ය ; අංජනය.
3. හුනු බදාමය ; බිත්ති ආදිය බැඳීමේදී ගනු ලබන හුනු ආදි මිශ්‍රණය.

ලේපායෝජනය

(පාරිභා.) නා. අඟුරු තට්ටුවක් හෝ හිමටයිට් හෝ මත සිද්ධ යකඩ රත් කිරීමෙන් එය වානේ බවට පෙරළීම ; වෙනත් ලෝහයක් සමග ස්පර්ශ වෙමින් තිබියදී ලෝහයක් රත් කිරීමෙන් පළමු ලෝහයේ ආලේපයක් දෙවැන්න මත ඇති කිරීම.

ලේමාලය

නා. ස්ත්‍රීන්ට සෑදෙන රෝග විශේෂයක් ; ඔසප්වීමේදී අධික ලෙස ලේ යෑමේ රෝගය.

ලේවක

නා.ප්‍ර. යටි පතුලෙහි නැමී ගිය කොටස ; අඩිය තැබූ විට බිම නොගෑවෙන කොටස.

ලේවා කර්මාන්තය

නා. ලුණු සෑදීමේ කර්මාන්තය ; ලුණු මිදවීමේ කර්මාන්තය.

ලේවාය

නා. ලුණු මිදවීම සඳහා අවශ්‍ය මුහුදු ජලය එක්රැස් වන නොහොත් කරනු ලබන නොගැඹුරු විලක් වැනි පෙදෙස.

ලේශය

1. නා. ඉතා ස්වල්පය ; යන්තම්දෙය ; ඇබිත්ත.
2. ආකාරය ; විලාසය.
3. ව්‍යාජය.

ලේසර් කිරණ

නා.ප්‍ර. තද දියමන්ති පවා සිදුරු කළහැකි විකිරණ වර්ගයක්.

ලේහය

1. නා. දිව ගා රස බැලීම ; දිවෙන් ලෙවකෑම ; ලෙවීම.
2. දිව ගා කනු ලබන බෙහෙත.