සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1421
ලෝක ධාතුව
නා. භූමි එක් තිසක් ඇති සක්වළ ; චාතුර්මහා රාජිකය, තාවතිංසය, අසුර භවනය, අවීචිමහ නරකය. මහාමේරුව, සප්තකුල පර්වතය, මහාද්වීප, කොදෙව් ආදිය, ඉර හා හඳ ඇතුළත් චක්‍රවාටය.
ලෝක නිර්මාණය
නා. ලෝකය මැවීම ; ලෝකය ඇති කිරීම.
ලෝක නිරෝධය
නා. (අභි.) ලෝක නම් වූ පංචස්කන්ධයෙහි විනාශය ; නිර්වාණය.
ලෝක නිස්සරණය
නා. දුකින් මිදීම ; දුකින් මිදීමෙන් ලබාගන්නා වූ මෝක්ෂය ; නිවන.
ලෝක නීතිය
නා. සමාජය විසින් යහපත් යැයි සම්මත කොට පිළිගෙන ඇති නීති පද්ධතිය.
ලෝක පරියාපන්න
වි. ලෝකයට ඇතුළත් ; ලෝකයට අන්තර්ගත.
ලෝක ප්‍රකට
වි. ලෝකයෙහි ප්‍රසිද්ධ වූ ; ලොව පුරා ඉතා ප්‍රසිද්ධ ; ලෝක ජනතාව අතර ප්‍රකට.
ලෝක ප්‍රකෘතිය
නා. ලෝකයෙහි ස්වභාවය ; ජරාමරණ ආදි ලෝක ස්වභාවය.
ලෝක ප්‍රලය
නා. ලෝක විනාශය ; සත්ව සන්තතියේ විනාශය.
ලෝක ප්රවෘත්ති
1. නා.ප්‍ර. ලෝකයෙහි පැවැත්ම ; ලෝකයාගේ පැවැත්ම.
2. ලෝකයෙහි සිදුවන දෑ පිළිබඳ ය. පුවත් ; තොරතුරු ; ලෝකය පිළිබඳ ආරංචි.
ලෝක පූජිත
1. වි. ලෝකය විසින් ගරු බුහුමන් කරන.
2. ඉතා ප්‍රසිද්ධ.
ලෝක බැංකුව
නා. ජාත්‍යන්තර බැංකුවක් ; ලෝකයේ නොදියුණු රටවල ආර්ථික සංවර්ධනය පිණිස ආධාර දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයීමෙන් පිහිටුවන ලද අන්තර්ජාතික බැංකුව.
ලෝක භාෂාව
නා. ලෝකයේ වැඩි වශයෙන් ව්‍යවහාර වන භාෂාව ; ජාතීන් අතරින් වැඩියෙන්ම භාවිතා වන බස.
ලෝක මර්යාදාව
නා. ලෝකයේ සීමාව ; ලෝක මායිම ; ලෝක සම්මතය.
ලෝක මහා සංග්‍රාමය
නා. ලෝකයේ රටවල් ගණනාවක් දෙපිළකට බෙදී කරන යුද්ධය.
ලෝක යාත්‍රාව
නා. ලොවෙහි පැවැත්ම ; සංසාරයෙහි පැවැත්ම ; ලෝක සත්වයා සසර සැරි සැරීම.
ලෝක ලෝචන
නා.ප්‍ර. ලෝකයට ඇසක් වැනි තැනැත්තා ; බුදුරජාණන් වහන්සේ.
ලෝක ව්‍යවහාරය
නා. ලෝකය විසින් භාවිත කරන දෙය ; ලෝක බැවහර.
ලෝක ව්‍යාප්ත
වි. මුළු ලොවෙහි ම පැතිරීගිය ; සමස්ත ලෝකයෙහි ම පැතිරුණ.
ලෝක වාර්තාව
නා. යම්කිසි කාර්යයකින් හෝ ක්‍රීඩා ආදි තරගයකින් එතෙක් පැවති ලෝක මට්ටමේ සියලු ජයග්‍රාහී වාර්තා බිඳ හෙළා නව වාර්තාවක් පිහිටුවීම.
ලෝක විජය
නා.ප්‍ර. ලෝකය ජයගැන්ම ; මුළු ලොව දිනීම.
ලෝක විදූ
නා.ප්‍ර. මුළු මහත් විශ්වයේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කලටම අයත් සියලු දතයුතු දෙයක් ම පිරිසිඳ දත් උතුමා ; බුදුරජාණන් වහන්සේ.
ලෝක විරෝධිය
නා. ලෝකයා විසින් මෙසේ යැයි සම්මත කොට පිළිගත් කරුණට ප්රතිපක්ෂ යමක් පැවැසීමේ කාව්යදෝෂය ; නොපවතින්නක් පවතී යැයි පැවසීම.
ලෝක විරෝධී
වි. ලෝක සම්මතයට පටහැනි වූ ; සම්මත සමාජ ධර්මයට විරුද්ධ.