සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1428
වංගෙඩිය
නා. ධාන්ය, කුළුබඩු ආදිය කෙටීම සඳහා භාවිතා කරන උපකරණයක්.
වංශ
1. නා.ප්ර. මව් පිය පරම්පරාව ; පවුල් පරම්පරාව.
2. ඓතිහාසික වශයෙන් වැදගත් පුද්ගලයින් හා සිද්ධි පිළිබඳ විස්තරාත්මක ලේඛනය.
3. කොඳුඇටය ; කශේරුව.
4. බටනළාව ; වස්දඬුව.
5. දස රියන.
වංශ කථාව
නා. ඓතිහාසික වශයෙන් වැදගත් පුද්ගලයන් හා වැදගත් සිදුවීම් පිළිබඳ පරම්පරා කථාව ; ඉතිහාස කථාව.
වංශ ස්ථිතිය
නා. වංශයාගේ පැවැත්ම ; කුල පරපුරේ චිරස්ථිතිය.
වංශක්කාරයා
නා. උසස් යයි සම්මත පරපුරකින් පැවත එන්නා.
වංශකාලීකාව
නා. පෙළපත, පරපුර, ගෝත්රය පිළිබඳ අනුපිළිවෙළ දක්වන සටහන.
වංශදණ්ඩ
නා.ප්ර. බටනළාව ; වස් දණ්ඩ.
වංශවත්
වි. කුලවත් ; කුලීන ; කුලයෙන් උසස්.
වංශික
වි. කුලයට අයත් ; පරපුර පිළිබඳ.
වංස කළීර
නා.ප්ර. උණ කිළිල ; ළපටි උණගොබය.
වංසනය
නා. ඉකිළිය.
වක
1. වි. නැමුණු ; වකුටු.
2. කුටිල ; වංචාකාර.
1. නා.ප්ර. වකුටුබව ; නැම්ම.
2. වක්රය; වක්රරේඛාව.
3. වක්කඩ.
4. චන්ද්ර මාස භාගය.
5. කාලය ; වකවානුව.
6. වප්මාසය.
7. කොකා.
වකඟ
නා.ප්ර. උණහපුළුවා.
වකටි ගහනවා
1. ක්රි. දෙකට නමනවා ; වකුටු කරනවා.
2. වංක ලෙස හැසිරෙනවා.
වකනවා
1. ක්රි. ආලේප කරනවා ; අතුල්ලනවා.
2. ඔතනවා ; රඳවනවා.
වකවානුව
නා. කාලපරිච්ඡේදය ; අවස්ථාව.
වකවාරුව
(කථා.) නා. සවි ශක්තිය ; ශක්ති සම්පන්න කම.
වක්
1. වි. නැමුණු ; කුදු.
වක් කරනවා
ක්රි. ජලය වැනි ද්රව්යයක් යම් භාජනයකට හෝ යම් තැනකට හෙලනවා.
වක්ක
1. නා. වකුගඩුව.
2. වකුගඩුවේ ක්රියාකාරී ඒකකය.
3. ඇදය ; කුද.
වක්කං අල්ලනවා
ක්රි. ශරීරගත විෂ ලේ ආදිය ඉවත් කිරීම සඳහා ස්ථානය සිදුරු කොට වක් වූ අඟක් තබා තද කර උරවනවා.
වක්කඩ
නා. කුඹුරක වැඩි ජලය බැස යාමට නියරෙහි කපන කපොල්ල.
වක්කත්ත
1. නා. රථ වක්රයේ නිම් වළල්ල ලඟ තිබෙන දැව රවුම.
2. නගුල සෑදීමට ගන්නා නැමි ලීය.
3. ඔරුවේ ලෑලී වඩාත් ශක්තිමත් වීම පිණිස ඇතුළු පැත්තෙන් අල්ලන ලෑලි පළු දෙක.
වක්කදාහය
(පාරිභා.) නා. වකුගඩු ඉදිමීමේ රෝගය.