සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1427

ලෞකික වස්තු

නා.ප්‍ර. ලෞකික ජීවිතය හා සම්බන්ධ දේ.

ලෞතාහ මාතෘව

(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ මොළයත් සුෂුම්නාවත් වටේ තිබෙන පටල තුනෙන් එකක්.

ලෞල්‍ය

වි. ලොල්වූ ; ආශාවෙන් යුතු වූ ; තණ්හාවෙන් යුතු වූ ; ගිජු වූ.

ලෞල්‍යය

නා. ලෝලබව ; දඩි ආශා බව ; අධික තෘෂ්ණාවෙන් යුතුබව.

ව

මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටිය අනුව පණස්පස් වන අක්ෂරය ; ව්‍යඤ්ජනක්ෂර අතර තිස් තිස් පස් අක්ෂරය ; ඝෝෂාක්ෂරයකි ; අල්ප ප්‍රාණාක්ෂරයකි.

ව කාරය

1. නා. ‘ව’ අකුර ; ව යන්න.
2. කැළිකසල ; අනවශ්‍ය දෙය.
3. අංකෙළි ක්‍රීඩාවේදී භාවිත කරන හොඳට නැමුණු අඟ.

වං

1. නා.ප්‍ර. වර්ණය ; පාට ; පැහැය.
2. වම ; දකුණු පැත්තට විරුද්ධ පැත්ත.
3. වී ආදී ධාන්‍ය, කුළුබඩු, බෙහෙත් ආදිය කොටා ගැනීම සඳහා භාවිත කරන උපකරණය ; වංගෙඩිය.

වංක

1. වි. නැමුණු, ; ඇද ; වක් වූ.
2. කපටි ; වචාසහගත.
1. නා.ප්‍ර. නැම්ම; ඇදය ; වක.
2. වඤ්චාසහගත බව ; අවංක නැති බව.

වංක කලත්‍රය

(පාරිභා.) නා. කලවා ඇටයේ කඳ සහ කර එකිනෙකට වඩා ළං වීම නිසා ඇති වන අංග විකෘතිය.

වංක ගිරිය

1. නා. වෙස්සන්තර ජාතකයෙහි සඳහන් වන දඹදිව කඳුකර තපෝවනයක්.
2. සොයා ගැනීමට ඉතා අසීරු මාර්ගය.

වංක දශකය

නා. මනුෂ්‍ය ජීවිතයෙහි අවුරුදු 80-90 කාලය.

වංක්ෂණ

වි. ඉකිළිය හා සම්බන්ධ.
නා.ප්‍ර. ඉකිළි ප්‍රදේශය ; ඉකිළිය.

වංක්ෂණ මාර්ගය

නා. ශරීර කුහරය වෘෂණ/කුහරය අණ්ඩ කෝෂය හා සම්බන්ධ කරන නාලය.

වංක්‍රීය

(පාරිභා.) නා. පෙණහළු ආවරණය ව ඇති මස්තුමය පටකය ; ප්ලුරාව.

වංකුව

1. නා. වංගුව ; නැම්ම.
2. ඔරුවක පත්තාර කූඩුවට ශක්තිය දෙන වක්‍ර වූ හරස් පොල්ල.

වංකොං

නා.ප්‍ර. කුලෑටි ගතිය ; මැළිබව.

වංග

නා. පුරාණ කාලයේ දඹදිව භාරතයේ හෙවත් ඉන්දියාවේ නැගෙනහිර පාර්ශ්වයේ පිහිටි ප්‍රාන්තයක් ; වගුරට ; බෙංගාලය.

වංග කඩු

නා.ප්‍ර. පුරාණ ලංකාවෙහි භාවිත වුණු කඩු වර්ගයක්.

වංගනාව

නා. රන් රිදී වැඩ සඳහා භාවිත වන ගිනි කබලට පිඹින උපකරණය.

වංගලම

නා. යමක් සාදන ආකාරය ; මෝස්තරය.

වංගි

1. නා.ප්‍ර. සුෂිර වර්ගයට අයත් පුරාණ සංගීත භාණ්ඩයක්.
2. තේ ගසේ තනි දල්ල.
3. (කථා.) තැනින් තැනට ගමන් කිරීම.
4. වතාව ; වාරය.

වංගිපුටාව

නා. (කථා.) තොවිල්වල දී අඩුක්කු තැන්පත් කිරීම සඳහා තනන ගොටු විශේෂය.

වංගිලාව

(කථා., උඩ.) නා. ලොහොකරුවන් මයින හමට පිඹින මැටි නලය.

වංගුව

1. නා. නැම්ම ; ඇදය ; නැමී ඇති තැන.
2. කරත්ත රෝදයේ වක් අත්ත.