සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1426
ලෝහ භස්ම
නා.ප්ර. යකඩ ආදී ලෝහ පිළිස්සීමෙන් ලැබෙන අළු ; ලෝහ පිළිස්සූ අළු.
ලෝහ භාණ්ඩය
නා. ලෝහයෙන් කරන ලද භාණ්ඩය ; ලෝහමය භාණ්ඩය.
ලෝහ මාරම් යත්ත
(පාරිභා.) නා. රළු ද්රවවල වැඩිපුර කොටස් ගා දැමීමට භාවිත කරන යත්ත ; ජර්මන් ජැක් යත්ත.
ලෝහ මිශ්රණය
නා. ලෝහ වර්ග දෙකක් හෝ කීපයක් මිශ්ර කොට සෑදූ කලවම් ලෝහය ; රන් රිදී ආදි මහාර්ඝ ලෝහවලට බාල ලෝහ වර්ග මිශ්ර කොට සෑදූ මාත්තු අඩු ලෝහ විශේෂය.
ලෝහ විද්යාව
නා. ලෝපස්වලින් ලෝහය නිස්සාරණය කිරීම, පිරිසිදු කිරීම, මිශ්ර ලෝහ සෑදීම පදම් කිරීම ආදි ලෝහ පිළිබඳ විද්යාව.
ලෝහ විසරණය
(පාරිභා.) නා. ලෝහවල ඇති අණු ඒකාකාර සංයුතියක් ඇති කරන පරිදි අන්යෝන්යව මිශ්රවීම.
ලෝහ ශලාකාව
නා. ලෝහ කූර ; යකඩ කූර.
ලෝහක
නා.ප්ර. උද්භිදයක් වැඩීමට අවශ්ය මූලද්රව්යවලින් එකක් ; මැංගනීස්.
ලෝහකාන්ත
නා.ප්ර. ලෝහ වර්ග ආකර්ෂණය කරන ගල් විශේෂයක් ; කාන්දම් ; අයස්කාන්ත.
ලෝහජ
වි. ලෝහයෙන් හට ගත් යකඩ මල.
ලෝහමය ඛනිජ
නා.ප්ර. පොළොවේ ස්වාභාවික ලෙස පිහිටා ඇති ලෝහ.
ලෝහමල
නා. ඔක්සිජන් සමග වෙනත් ලෝහමය මූල ද්රව්යයක් සංයෝජනයවීමෙන් සෑදෙන සංයෝගය ; ලෝහමය ඔක්සයිඩය.
ලෝහය
නා. ඉතා පහසුවෙන් ධන අයන සාදන මූල ද්රව්යයක් ; පාරාන්ධ බව හා තාප සහ විද්යුත් සන්නායකතාව මේවායෙහි ඇති විශේෂ ලක්ෂණය යි.
ලෝහවර
නා.ප්ර. සියලු ලෝහ වර්ගවලට වඩා උතුම් ලෝහය වන රත්රන්.
ලෝහාලේපනය
ලෝහාලෝහය
ලෝහිත
1. නා.ප්ර. ලෙය ; රුධිරය.
2. ලේ පැහැය ; රක්ත වර්ණය ; ලේ රතුපාට.
3. කුජ ග්රහයා ; අගහරු.
4. ශරිරයෙහි පිහිටි මර්ම ස්ථානවලින් එකක්.
5. ශරිරයෙහි පිහිටි සප්ත චර්මවලින් එකක්.
6. රත්හඳුන්.
7. පණු කුලයක්.
ලෝහිතංක
නා.ප්ර. ලේ රතු පැහැති රත්න වර්ගයක නාමය ; රක්ත මාණික්යය ; පද්මරාග ; පියුම්රාමිණි.
ලෝහිතක
1. නා.ප්ර. ලේ ගලන මළ සිරුර ; ලේ මුසු වූ මෘතශරීරය.
2. දශ අශුභවලින් එකක්.
ලෝහිතුප්පාදක
නා.ප්ර. සර්වඥවරයකුගේ සිරුරින් ලේ සෙල්වීම සංඛ්යාත අකුසල කර්මය ; පංචානන්තරීය කර්මවලින් එකක්.
ලෝහිතුප්පාදකයා
නා. බුදුවරයකුගේ ශරීරයෙන් බිංදුවක් හෝ ලේ සොලවන තැනැත්තා ; පැවිද්දට නුසුදුසු එකොළොස් දෙනාගෙන් එක් තැනැත්තෙක්.
ලෞකික
1. වි. ලෝකයට අයත් හෝ සම්බන්ධ.
2. මෙලොව අභිවෘද්ධිය පමණක් සලසන ; ආධ්යාත්මික නොවන.
3. ශාසනික නොවූ ; ගිහි ජීවිතය හා සම්බන්ධ.
ලෞකික ජීවිතය
නා. පංචකාම සම්පත්තිය අනුභව කරමින් සැපසම්පත් දුක් දොම්නස් අත්දකින්නන් ගෙවන ජීවිතය.
ලෞකික ධ්යානය
නා. මාර්ග ඵලයකට නොපැමිණ උපදවා ගනු ලබන ප්රථම ධ්යාන ආදි ධ්යාන සතර.