සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1425

ලෝමශතාව

නා. ලෝම සහිත බව.

ලෝමශාවා

නා. නරියා.

ලෝමහර්ෂණය

නා. අධික සතුටෙන් හෙවත් ප්‍රහර්ෂයෙන් සිරුරු ලොම් නැගී සිටීම ; සතුට නිසා ඇතිවන ; රෝමොද්ගමනය.

ලෝමහු

නා.ප්‍ර. ලෝහයකින් සෑදූ කාසිය ; ලෝහමය කාසිය.

ලෝම්පස

නා. පස් වර්ගවලින් එකක් ; වැඩි රොන් මඩ ප්‍රමාණයක් ඇති පස.

ලෝල

1. වි. ආශා වූ ; ඇල්ම ඇති ; ගිජු ; ලෝභී.
2. වැනෙන ; චපල.

ලෝලකය

නා. ලොකැට්ටුව ; පෙන්ඩනය ; මාලයක එල්ලෙන පෙත්ත.

ලෝලය

1. නා. ආශාව ; ගිජුකම ; අධික තණ්හාව.
2. චපලත්වය.

ලෝලාව

1. නා. ශ්‍රී කාන්තාව ; සිරිකත ; ලක්ෂ්මී දෙව්දුව.
2. දිව ; ජිහ්වාහ.
3. රසදිව.

ලෝලුප

වි. ඉතා ලෝභී ; තණ්හා ; ගිජු.

ලෝවට

නා.ප්‍ර. යකඩ ගුළිය ; ලෝහ ගුළිය.

ලෝවරුවා

නා. ලෝකඩ කර්මාන්තයේ නියැලුණු තැනැත්තා.

ලෝවහර

නා. ලෝක ව්‍යවහාරය; ජනතාවගේ සිතුම් පැතුම් සමාජ සම්මතය.

ලෝවැඩ

නා.ප්‍ර. ලෝකයාගේ යහපත ; ලෝකාභිවෘද්ධිය : ලෝකාර්ථ චර්යාව.

ලෝෂණය

නා. තරමක් උකු වූ ඖෂධීය දියරය.

ලෝස්

වි. ලෝභ ; මසුරු.

ලෝහ කර්මාන්තය

නා. ලෝහ වලින් භාණ්ඩ නිපදවීමේ කර්මාන්තය.

ලෝහ කාබනික

(පාරිභා.) වි. ලෝහ පරමාණුවකට ඇල්කිල් ඛණ්ඩක එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ සම්බන්ධ වුණු.

ලෝහ කියත

නා. ලෝහ කැපීම හෝ ඉරීම සඳහා උපකාරි වන අත් කියත.

ලෝහ චුම්බක

නා.ප්‍ර. යකඩ අඩංගු කාන්දම.

ලෝහ දණ්ඩ

(පාරිභා.) නා. යකඩ පොල්ල ; වානේ පොල්ල.

ලෝහ පරිෂ්කාර

නා.ප්‍ර. ප්‍රයෝජනයට ගනු ලබන ලෝහමය භාණ්ඩ ; ලෝ මුවා බඩු.

ලෝහ පිස්ටනය

නා. හොඳට වැහෙන කුහර සිලින්ඩරයක් ඇතුලෙහි පීඩනයක් යටතේ එහාට මෙහාට චලනය විය හැකි ලෝහ වර්ගයකින් සාදන ලද ඝන සිලින්ඩරය.

ලෝහ පුඤ්ජය

නා. ලෝහ කැටිය ; ලෝහ කුට්ටිය.