සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1424
ලෝගුළා
නා.ප්‍ර. ලෝහ ගුළි ; යකඩ උණුකර සාදන යකඩ ගුළි ; ලෝගුළි.
ලෝචකය
නා. ඇසෙහි කළු ඉංගිරියාව ; ඇසේ බබා.
ලෝචනය
1. නා. ඇස ; අක්ෂිය.
2. දර්ශනය ; පෙනීම.
ලෝච්චෝරු
(කථා.) වි. කිසිවක් කර ගැනීමට හැකියාවක් නැති ; කිසිදේකට ඉදිරිපත් නොවන ; නිවට ; දුර්වල.
ලෝඩර්
නා.ප්‍ර. ගල්බෝර දමන්නා ; ගල් බෝරකාරයා.
ලෝණ
නා.ප්‍ර. ලුණු ; ලවණ.
ලෝණික
වි. ලුණු රස ඇති.
ලෝදහම
නා. ලෝක ධර්මය ; අට ලෝ දහම.
ලෝදැල
නා.ප්‍ර. ලෝහ ජාලය ; යකඩ දැල.
ලෝනවා
ක්‍රි. දිවෙන් යමක රස විඳිනවා ; ලෙව කනවා ; ලොවිනවා.
ලෝනා
නා.ප්‍ර. ලෝක නායක බුදුරජාණන් වහන්සේ.
ලෝපත්
(පාරිභා.) නා.ප්‍ර. ඇලුමිනියම්, රන්, ප්ලැටිනම් ආදි කවර හෝ ලෝහයකින් සාදන ලද තුනී තහඩුව.
ලෝපන සාධනය
(පාරිභා.) නා. ගණිතයේ දී නැති කිරීම, කපා හැරීම පිළිබඳ ඔප්පු කිරීම.
ලෝපනය
නා. ලොප් කිරීම ; අහෝසි කිරීම ; හිස් කිරීම ; නැති කිරීම ; අවසන් කිරීම.
ලෝපනීය
(පාරිභා.) වි. අහෝසි කළ හැකි ; නිෂ්ප්‍රභ කළ හැකි ; ඉවත් කළ හැකි.
ලෝපනීය මුක්තිය
(පාරිභා.) නා. නිෂ්ප්‍රභ කිරීමේ හැකියාවෙන් මිදීම.
ලෝපය
නා. (අක්ෂරයක්) මැකීම ; නොකියා හැරීම හෝ නැති කිරීම.
ලෝපස
නා. ඛනිජ වර්ග රාශිභූත ව පවතින පස.
ලෝපස් නිධි
නා.ප්‍ර. ගසාගෙන ඇවිත් තැන්පත් ව ඇති ලෝ පස් තට්ටු.
ලෝපාශකයා
නා. කැළිකසල කා ජීවත් වන්නා ; මළකුණු බුදින්නා ; නරියා.
ලෝභ
1. වි. අධික ආශා ඇති ; දැඩි ගිජුකමක් ඇති ; ලොල් ; සොඬ.
2. මසුරු ; තණ්හාධික ; කිසිවක් කිසිවකුට නොදෙන ; ලෙටි.
ලෝභය
1. නා. අරමුණෙහි ඇලෙන ස්වභාවය.
2. තණ්හාව ; මසුරුකම ; වස්තු දේපොළ ආදියට ඇති ආශාව ; ලොල් බව ; ලෙටිකම.
ලෝම
නා.ප්‍ර. මනුෂ්‍යයා ඇතුළු ක්ෂීරපායී සත්වයන් ගේ සිරුරෙහි හට ගැනෙන සිහින් කෙඳි ; රෝම ; මයිල් ; කෙසුරු.
ලෝම කූපය
නා. සම මතුපිට ලොම්, රෝම හටගන්නා ඉතා කුඩා සිදුර ; ඩහදිය සිදුර.