සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1423
ලෝකපාලක දුක
නා. ලෝකය පාලනය කරන හිරි ඔතප් දෙක ; දේව ධර්ම ; ලජ්ජාව සහ භය.
ලෝකපාලුවා
නා. හැම දෙයක් ම විනාශ කරන තැනැත්තා ; සෑම දෙයක් ම අයහපත් පැත්තට කරන්නා ; කාබාසීනියා කාරයා.
ලෝකමාතා
නා.ප්‍ර. ලෝකයාගේ මව ; ශ්‍රියාකාන්තාව ; ලක්ෂ්මී.
ලෝකය
1. නා. සියලු චක්‍රවාට සහ ආකාශවස්තු සහිත අනන්තාපරිමාණ ලෝක ධාතුව ; විශ්වය.
2. සක්වළ ; චක්‍රවාටය.
3. පෘථිවිය ; පොළොව ; මිහිකත.
4. සත්ව සන්තානය.
5. ස්කන්ධ පහ ; පඤ්චස්කන්ධය.
6. රට ; දේශය.
7. කර්ම, ක්ලේශ විපාක යන ත්‍රිවිධ වෘත්ත.
8. සමූහය.
ලෝකයා
1. නා. ලෝකවාසී ජනතාව ; පොදු ජනයා.
2. (කථා.) සටකපට පුද්ගලයා.
ලෝකරුවා
නා. ලෝහ භාණ්ඩ ලෝක සාදන තැනැත්තා.
ලෝකවද්‍ය
නා.ප්‍ර. ලෝකයා විසින් දෝෂ යැයි සලකනු ලබන වැරදි කිරීමෙන් සිදුවන ඇවැත.
ලෝකාචාරය
නා. ලෝවැසියාගේ පැවැත්ම ; ලෝකයාගේ හැසිරීම.
ලෝකාධිපත්‍යය
නා. සකල ලෝකයෙහි ම අධිපතිභාවය ; සක්විති රජකම.
ලෝකාන්තය
[ලෝක + අන්තය]
නා. ලෝකයෙහි කෙළවර ; සංසාරයෙහි කෙළවර ; නිර්වාණය.
ලෝකානුග්‍රහය
නා. ලෝකයාට උපකාරී වීම ; ලෝවැස්සාට පිහිට වීම.
ලෝකාපවාදය
නා. ලෝවැස්සන් විසින් කරනු ලබන දෝෂාරෝපණය ; ලෝකවාසීන් කරන අපවාදය.
ලෝකාභිවෘද්ධිය
[ලෝක + අභිවෘද්ධිය]
නා. මහජනතාව ගේ ශුභ සිද්ධිය ; ලෝකයාගේ භෞතික ආධ්‍යාත්මික යහපත.
ලෝකාමිෂය
1. නා. ලෝකාස්වාද රතිය ; ලෝකයා විඳින කම්සැප.
2. ලෞකික අවශ්‍යතා ; ආහාරපාන ලාභ සත්කාර ආදිය.
ලෝකායතවාදය
නා. ලෝක නිර්මාණයට මහා භූතයන්ගේ නැත බලය හැර අන් කිසිම බලයක් නැත යන විශ්වාසය ; භෞතිකවාදය.
ලෝකායත්ත
ලෝකාස්වාද රතිය
ලෝක+ආස්වාද රතිය නා. කාම ආස්වාදය ; කම්සැපත ; මෛථුනය.
ලෝකුස
නා.ප්‍ර. ලෝකය ඇතුළත ; ලෝක අභ්‍යන්තරය ; ලෝක කුක්ෂිය.
ලෝකෝත්තර
වි. ලෝකය ඉක්මවා සිටින ; භෞතික තත්ත්වයෙන් ඈත් වූ ; ලෞකික ස්වභාවයෙන් මිදුණු.
ලෝකෝත්තරධර්‍මය
නා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමී සහ අර්හත් යන සතර මාර්ගය හා සතර ඵල කරා ලෝක සත්වයා මෙහෙයවන ධර්මය.
ලෝකෝද්භවය
නා. ලෝකයේ ආරම්භය.
ලෝකෝපකාරය
1. නා. ලෝවැස්සන්ට පිහිට වීම ; ලෝකයාට කරනු ලබන උපකාරය ; ලොවට සලසන යහපත.
2. 18 වන සියවසේ රණස්ගල්ලේ හිමි විසින් රචිත සිංහල පද්‍ය සාහිත්‍ය කෘතියක්.
ලෝගු හැට්ටය
නා. කාන්තා ඇඳුම් විශේෂයක් ; ඉතා ලිහිල් ව මහන ලද හැට්ටය.
ලෝගුව
නා. උරහිසේ සිට පාදාන්තය දක්වා දික්ව මසන ලද කබා විශේෂයක් ; දිග කබාය.