සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1429
වක්කන්න
නා. (තල්) කොළය ; තල් අත්ත.
වක්කඳ
නා. මෝටර් එන්ජිමක හෝ ඕනෑම යන්ත්රයක ප්රධාන කඳ ; වක්ර දඟර යෂ්ටිය ; දඟර කඳ.
වක්කම
1. නා. හකුරු සෑදීම සඳහා පැණි උණු කොට බහා ලන අඟ.
2. ශරීරයෙන් ලේ ඉවත් කිරීමට භාවිත කරන ලද උපකරණය.
3. බෙහෙත් පෙවීමට අපහසු ලෙඩුන්ට බෙහෙත් පෙවීමට භාවිතා කරන උපකරණය.
වක්කමාව
(පාරිභා.) නා. වකුගඩුවේ හටගන්නා ගෙඩිය.
වක්කලම
1. නා. ගංගා මාර්ගයක ඇති වන නැම්ම ; දඟරය.
2. ගං නැම්මක සෑදෙන ගැඹුරු වළ.
වක්කලම් මානය
නා. ගංගාවක නැමි දෙකක් අතර කොටස.
වක්කලු
වි. නැමුණු ; වක ගැසුණු.
වක්කවළංචි වෙනවා
(කථා.) ක්රි. කොර වෙනවා ; ඇද වෙනවා.
වක්කාරි
නා.ප්ර. හණ පට්ටා ආදියෙන් තනන ලද රළු රෙදි.
වක්කැට
(කථා.) නා.ප්ර. වක්කඩ ඇහිරීම සඳහා නියර මත දමන පස් කුට්ටිය.
වක්කොටය
නා. නගුල් සැදීමට ගන්නා ලී කොටය.
වක්ගොනැස
නා. පැරණි ගෘහ නිර්මාණ ශිල්පය අනුව වහලට යොදන කෙළවර හෝ මැද හෝ වක් වූ පරාලය.
වක්තව්ය
වි. කිව යුතු ; වචනයෙන් ප්රකාශ කළ යුතු.
වක්ත්ර
වි. මුහුණ හා සම්බන්ධ; මුහුණේ පිහිටි.
වක්ත්ර සීවනය
(පාරිභා.) නා. මාන මුහුණෙහි ඇටවල නිශ්චල සන්ධිය.
වක්ත්රය
1. නා. මුහුණ ; වුවන.
2. කට ; මුඛය.
වක්තෘ
නා.ප්ර. යමක් කියන්නා: ප්රකාශ කරන්නා ; ව්යක්තව කථා කරන්නා.
වක්දණ්ඩ
(පාරිභා.) නා. මෝටර් වාහන ආදියෙහි යන්ත්රවල සවි කර ඇති සෘජු කෝණික නැමි සහිත දණ්ඩ ; ක්රැන්කය.
වක්පත
(කථා.) නා. වැපුරූ කුඹුර ; වප්පත.
වක්ෂය
නා. පපුව ; ළපැත්ත.
වක්ෂ්යමාන
වි. කියනු ලබන ; මතු දක්වනු ලබන.
වක්ෂීය මේඛලාව
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ උර ප්රදේශය දරා සිටින ළපටි අස්ථි තන්තු පෙළ ; උරමේඛලාව.
වක්ෂෝග්රහ ද්රවය
නා. පුප්ඵුසාවරණය හෝ පෙනහැල්ලේ බාහිර සිවිය හා අභ්යන්තර සිවිය.
වක්සරණය
නා. වක්රාකාරව ගමන් කිරීම ; පරිභ්රමණය.