සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1430
වක්සීරුම් කටුව
නා. ලෝහයක හැඩ තලා ඔපමට්ටම් කිරීම සඳහා යොදා ගැනෙන නැමුණු කපන කටුව.
වක්හතිය
(කථා.) නා. කුඹුරු වපුරන කාලය.
වක්හඳ
(පාරිභා.) නා.ප්ර. අඩ සඳක හැඩය ඇති සලකුණ.
වක්හීය
(කථා.) නා. එක් කන්නයක අන්තිම හීය ; වැපුරුම් හීය.
වක්ර
1. වි. ඇද වූ ; නැමුණු.
2. කෙළින් නොකියන.
3. කපටි ; වංචා සහගත.
1. නා.ප්ර. නැම්ම ; ඇදය.
2. සිරුර ඇතුළේ පිහිටි නැමුණු කංකාලමය කොටස.
3. කුජ ග්රහයා.
4. ප්රස්තාර රේඛාව.
වක්ර චලනය
(පාරිභා.) නා. වක්ර මාර්ගයක ගමන් කිරීම.
වක්ර පෘෂ්ටය
(පාරිභා.) නා. වක් වූ වස්තුවක ස්පර්ශයට වන හසු පිටත හෝ ඇතුළත තලය.
වක්ර බුද්ධිය
නා. වංචා සහගත කපටි නුවණ ; වංක බුද්ධිය.
වක්ර රේඛාව
(පාරිභා.) නා. නැමි ඉර ; ඇද ඉර.
වක්ර විනිමය
(පාරිභා.) නා.ප්ර. රටකින් තවත් රටකට මුදල් යැවීමේදී කෙළින්ම නොයවා වෙනත් රටක මාර්ගයෙන් යැවීම ; අන් රටක් මඟින් ගනුදෙනු කිරීම.
වක්රකුලය
(පාරිභා.) නා. එක් වර්ගයකට අයත් නැමි රේඛා.
වක්රගතිය
1. නා. ඇදව යන ස්වභාවය ; ඇදව ගමන් කිරීම.
2. ග්රහයන්ගේ ආපසු ගමන.
වක්රගලස්තම්භය
නා. බෙල්ලේ පේශී තද වී හිස හැරවීමට අපහසු වීම නිසා ඇතිවන රෝගාබාධයක්.
වක්රතා කෝණය
(පාරිභා.) නා. වෘත්ත ඛණ්ඩයක ජ්යාකාවෙහි දෙකෙළවර සිට එම වෘත්ත ඛණ්ඩය මත පිහිටි කිසියම් ලක්ෂ්යයකට අඳිනු ලබන රේඛාවලින් සෑදෙන කෝණය.
වක්රතාඅරය
(පාරිභා.) නා. වක්රයෙන් සෑදුණු වෘත්තයේ කේන්ද්රයේ සිට එම වක්රය මත ඇති ලක්ෂ්යයකට ඇඳි අභිලම්බය.
වක්රතාකේන්ද්රය
(පාරිභා.) නා. වක්රය මත පිහිටි ඕනෑම ලක්ෂ්ය දෙකකදී එම චක්රයට ඇඳි අභිලම්බ දෙක මුණ ගැසෙන ලක්ෂ්යය.
වක්රතාව
1. නා. නැමුණු ස්වභාවය ; ඇද ගතිය.
2. ස්වභාවිකත්වයට වෙනස්ව වක්ර ආකාරයකින් නිර්මාණය වූව ; වාච්යාර්ථය ඉක්මවා තිබීම.
වක්රදර්පණය
නා. වක්රයක හැඩය ගත් කණ්ණාඩිය ; කවාකාර කැටපත.
වක්රදල වින්යාසය
නා. මලෙහි නැමුණු පෙති රවුම පිහිටා තිබෙන ආකාරය.
වක්රනාලිකාව
(පාරිභා.) නා. රසදිය වායු පීඩනමානය ; නාලිකා යන්ත්රය ; එක් භාජනයකින් තවෙකකට දිය ඇද ගන්නා වක් වූ නළය.
වක්රබද්ද
නා. භාණ්ඩ හා පුද්ගලික සේවා හැර අන් සියලු සේවා විකිණීමේ දී හෝ මිලදී ගැනීමේදී අය කරන බද්ද.
වක්රමානය
නා. නැමි රේඛා මැනීමට භාවිතා කරනු ලබන රෝදයක් සහිත උපකරණය.
වක්රාකාර
1. වි. වක් වූ ; සෘජු නොවූ.
2. කවාකාර ; වක්රයක හැඩය ඇති.
වක්රාස්ත
නා.ප්ර. (ජ්යෝති.) ස්වාභාවික ගමනින් යුත් ග්රහයා වක්ර වී සූර්යයාට මුවාවීමෙන් සිය ආලෝකය නැතිව යාම.