සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1431

වක්‍රීය

(පාරිභා.) වි. වලයාකාර.

වක්‍රීලීය

(පාරිභා.) වි. විටප වටා වලයාකාරව පිහිටි ; කේන්ද්‍රය වටා කවාකාරව පිහිටා ඇති.

වක්‍රෝක්තිය

නා. අර්ථය සඟවා වෙනත් ආකාරයකින් කීම.

වක්‍රෝදය

නා.ප්‍ර. ඉදිරියට ගමන් කරමින් සිටි ග්‍රහයා ආපසු ගමන් කොට සූර්යයාට මුවා වී තිබී එම තත්වයෙන් මිදීම.

වකාරෙට

(කථා.) ක්‍රි.වි. බොහෝ ; අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ; හුඟක්.

වකැටි

වි. නැවුණු ; කුදු ; ඇද.

වකැත්ත

(කථා.) නා. වක් වූ කැත්ත ; දෑකැත්ත.

වකිටි

වි. ලෝභ ; මසුරු.

වකු

1. නා.ප්‍ර. වකුගඩුව.
2. වංකකම ; රැවිටිලිකාරකම.

වකුගඩු අශ්මරි

නා.ප්‍ර. වකුගඩුවේ ගල් සෑදිමේ රෝගය.

වකුගඩු නලය

නා. වකුගඩුවෙන් මුත්‍රාශයට මුත්‍ර වහනය කරන නාලය ; මුත්‍ර නලය.

වකුගඩු නාලිකාව

(පාරිභා.) නා. වකුගඩුවේ කොටසක් වූ වෘක්ක මිදුලුව නිර්මිතවී ඇති අතිසූක්ෂ්ම නාලවලින් එකක් ; වෘක්ක නාලිකාව.

වකුගඩුව

නා. ශරීරාභ්‍යන්තරයෙහි පිහිටි බහිස්ස්‍රාවීය පද්ධතියට අයත් ප්‍රධාන ඉන්ද්‍රිය ; වෘක්කය.

වකුටු

1. වි. ඇද ; වක්‍ර ; නැමුණු.
2. රැවටිලි ; වංචාකාර.

වකේ

නා. ඇදය ; නැම්ම.

වග

1. නා.ප්‍ර. සමූහය ; පන්තිය.
2. ජාතිය ; ගෝත්‍රය ; වර්ගය ; කාණ්ඩය.
3. වර්ගාක්ෂර.
4. ව්‍යාඝ්‍රයා.
5. නෝක්කඩුව.
6. කාරණය ; තොරතුර.
7. යුවළ.- නි. භාවාර්ථයෙහි යෙදේ.

වග කියනවා

1. ක්‍රි. රාජකාරියක් පිළිබඳ බර තමා වෙතට සම්පූර්ණයෙන්ම පවරා ගන්නවා.
2. ගැලවීමට කරුණු කියනවා.
3. දෝෂාරෝපණය කරනවා.

වග පොල්ල

නා.ප්‍ර. සටන් සඳහා පිළියෙළ කරන ලද විශාල පොල්ලක් ; වගකීම් භාර ඇතැම් නිලධාරින්ට සංකේතයක් වශයෙන් දෙනු ලබන පොල්ල ; සෝදු ලීය.

වග බඳිනවා

ක්‍රි. සමූහයක් වශයෙන් එකට එකතු වෙනවා ; රංචු ගැසෙනවා.

වගඋත්තරකාරයා

නා. උත්තර දෙන හෝ විරෝධය පාන හෝ තැනැත්තා.

වගතුග

නා.ප්‍ර. විස්තර ; තොරතුරු ; වංහුං.

වගන්තිය

නා. යම්කිසි අදහසක් ප්‍රකාශ කරන වචන සමූහය ; නීතිමය කොන්දේසිය.

වගපල

නා.ප්‍ර. නෝක්කඩු ; ආඩපාලි.

වගබලාගන්නවා

ක්‍රි. රාජකාරිය හෝ යුතුකමක් හෝ හරිහැටි ඉටු කිරීමේ බර තමන් වෙත පවරා ගන්නවා.