සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1497
වාල්
වි. වහල්.
වාල්දන
1. නා. වහල්කමට කෙනකු දීම.
2. වහල් ජනයා.
වාල්මික
නා.ප්‍ර. වේ තුඹස ; හුඹහ.
වාල්වෙට්ටුව
(කථා.) නා. හිසේ පළඳින නැමි පනාව.
වාලාග්රතලය
(පාරිභා.) නා. පක්ෂීන්ගේ ත්රිකාස්ථියේ කෙළවර.
වාලි
1. නා.ප්‍ර. කාන්තාවකගේ විවාහක භාරකරු ; හිමියා.
2. දාසිය ; වහළිය ; වැඩකාරිය.
වාලිකාංගණය
නා. දාගැබ වටා ඇති වැලි මළුව.
වාලිමූණ
නා. භූත ශාන්ති කර්මවලදී පළඳින වෙස් මුහුණ.
වාලුක
වි. වැලි සහිත.
වාලුකා
නා.ප්‍ර. වැලි ; වැල්ල.
වාලුකා ප්රසාවණය
නා. වැලි අඟුරු හා ගල් බොරලු පාදක කොට ගෙන වතුර පෙරීම.
වාලුකායන්ත්රය
නා. බෙහෙත්, කල්ක ආදිය කකාරා ගන්නා පිණිස වැලි දමා ගිනියම් කරන යන්ත්‍රය.
වාලුකාවර්ෂ
නා.ප්‍ර. ඇතුළත වැලි ඇති සේ පෙනෙන, වැළඳීමෙන් පිරිහීමට පත් වෙතැයි විශ්වාස කරන මැණික් වර්ගය.
වාලුමය
(පාරිභා.) වි. වැලි පසෙහි හොඳින් වැඩෙන ; වාලුරුහ.
වාවදූකයා
නා. නීතිය හා සම්බන්ධ නිලධාරියෙක් ; පෙරකදෝරුවා.
වාවනවා
ක්‍රි. චිත්ත වේගයක් උසුලනවා ; (දුකක්) විඳ දරා ගන්නවා.
වාෂ්පමානය
(පාරිභා.) නා. වාතයේ අඩංගු වාෂ්ප ප්‍රමාණය මනින උපකරණය ; වාෂ්ප මානක යන්ත්‍රය.
වාෂ්පය
නා. වායුමය අවස්ථාවක් තිබෙන ද්‍රව්‍යයක් ; උෂ්ණත්වය වෙනස් නොකර ද්‍රව බවට (සුදු) පත් කළ හැකි වායුවක්.
වාෂ්පශීල
වි. පහසුවෙන් වාෂ්ප වන ; ඉක්මණින් වාෂ්ප වන.
වාෂ්පීකරණය
නා. වාෂ්ප බවට පත්වීම.
වාස
1. නා.ප්‍ර. සුවඳවත් දේ; සුවඳ කැවූ දෙය.
2. වසන තැන ; වාසස්ථානය ; පදිංචිය.
3. ජීවත්වීම ; විසීම.
4. වස්ත්‍රය ; රෙද්ද ; ඇඳුම.
වාසගම
1. නා. වගන්තිය ; වැකිය ; උක්ත ආඛ්‍යාත සම්බන්ධයක් ඇති වචන සමූහය.
2. පෙළපත් නාමය ; කුල නාමය ; ගෝත්‍ර නාමය.
වාසගම්පොත
නා. ගද්‍යයෙන් ලියැවුණු පොත ; ගද්‍ය ග්‍රන්ථය.
වාසධුරය
නා. විදර්ශනා භාවනා ක්‍රමය ; විදර්ශනාධූරය.