සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1496

වාරුකණුව

(කථා.) නා. ආධාර කණුව.

වාරුගානවා

(කථා.) ක්‍රි. 1. ළං කරනවා ; කිට්ටු කරනවා.
2. ඉතා අමාරුවෙන් (සැරයටියක් වැනි දෙයක ආධාරයෙන්) ගමන් කරනවා.
3. (කමත්.) කමතේදී කොළ පාගනවා ; මඩිනවා.

වාරුණ

වි. වැස්ස පිළිබඳ වූ ; වර්ෂාව පිළිබඳ.

වාරුණි

1. නා.ප්‍ර. වරුණදේවයාට අයත් දිශාව ; බටහිර දිශාව.
2. සුරාව.
වි. උණුකොට පෙරාගත්.

වාරුණීකෘත

වි. වාෂ්පී කරණයෙන් පෙරන ලද.

වාරුදණ්ඩ

1. නා. ඒදඬුවල අත්වැලට බඳින ලීය.
2. ගොයම් පෑගීමේදී නොවැටී අල්ලාගැනීමට රුකුලක් සේ භාවිත කරන ලීය ; වාරුලීය.

වාරුදෙනවා

ක්‍රි. උදවුවෙනවා ; ආධාර දෙනවා ; රුකුල් දෙනවා.

වාරුව

1. නා. උදවුව.
2. වීර්යය ; වැර ; ශක්තිය ; හයිය.

වාරෙය්‍ය

නා.ප්‍ර. ආවාහ - විවාහ සඳහා දෙමව්පියන් හා කරන සම්මන්ත්‍රණය.

වාරේ

නා. වහර බ.

වාරෝග

නා.ප්‍ර. වාතරෝග ; වාතය නිසා ඇතිවන රෝග.

වාල

1. නා.ප්‍ර. කෙස්රොද ; ලෝම.
2. වලිගය ; වල්පත.
3. වග ; ව්‍යාඝ්‍ර, කොටි, වලස් ආදි සත්තු.
4. වහල්බව.

වාලක්කඩියා

නා. මිරිදිය ජලාශවල හැසිරෙන විස කටු සහිත සර්ප විශේෂයක් ; දිය නයා.

වාලකීලය

(පාරිභා.) නා. මැඩියාගේ පෞච්ඡ කශේරුකා ඒකාබද්ධවීමෙන් සෑදී ඇති දණ්ඩක් වැනි ඇටය ; උරාසටයිලය.

වාලදෛහය

(පාරිභා.) නා. මත්ස්‍යයන්ගේ හා කවචයන්ගේ වලිගය.

වාලධිය

නා. වලිගය ; නගුට.

වාලපාදිකාව

(පාරිභා.) නා. ඉස්සන් හා එවැනි සතුන්ගේ අන්තයට පෙරවූ දේහ පිණ්ඩයේ පිහිටි උපාංගයක්.

වාලයික මෘද්වංගී

(පාරිභා.) නා.ප්‍ර. ප්ලටිහෙල්මින් මගින් පරිණාමය වීමෙන් හටගන්නා සත්ව වර්ගයක නාමය.

වාලයිකයා

(පාරිභා.) නා. වළලු බවට බෙදුණු ශරීර ඇති ගැඩවිල් වැනි පණුවා ; වාලයික පණුවා.

වාලරජ්ජුකයා

නා. (සත්ව.) සරජ්ජුකයන්ගේ උපවංශයක්.

වාලරජ්ජුව

නා. ලොම්වලින් අඹරන ලද යොත ; ලොම් රැහැන.

වාලවිජනිය

නා. පවන් සැලීම සඳහා සෙමර මුවන්ගේ වලිගයෙන් සාදන ලද අවාන ; වල් විදුනාව ; චාමරය.

වාලවේදියා

නා. දක්ෂ ධනුර්ධරයා ; දුන්නෙන් විදීමෙහි අතිදක්ෂයා.

වාලසනය

නා. බැත හෙවත් වීකන්ද ගොඩගැසූ අයට දෙන වී කොටස.