සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1495
වාර්ධක්යය
නා. මහලු බව ; වෘද්ධ බව.
වාර්නිස්
1. නා.ප්‍ර. දැව ආදි භාණ්ඩ ඔපවත් කිරීමට හා ආරක්ෂා කිරීමට ආලේප කරන ද්‍රවය.
2. කඩදාසි විශේෂයක්.
වාර්ෂික
වි. අවුරුද්දකට වරක් ; අවුරුදුපතා.
1. නා.ප්‍ර. ජීවත්ව සිටිනාතුරු යමෙකුට අවුරුදු පතා ගෙවන මුදල්.
2. (පාරිභා.) ඇටයෙන් වැඩි සෘතු අනුව මල් හා ගෙඩි හටගෙන මැරීයන ශාක.
වාර්ෂික වලය
(පාරිභා.) නා. (උද්භි.) කඳක් හෝ අත්තක් හරහට කැපූ විට පෙනෙන්නට තිබෙන එක සෘතුවකදී එකතුවූ ද්වීතියික කාෂ්ඨ සිලින්ඩරයේ හරස්කඩක් වන වළලුවලින් එකක්.
වාර්ෂික විචලන
නා.ප්‍ර. වර්ෂයක දී සිදුවන වෙනස්වීම්.
වාරා
වි. විරුද්ධ ; බාධා කරන ; වළක්වන.
වාරාන්ත
වි. වාරයේ අවසානය හා සම්බන්ධ ; වාරාවසාන.
වාරාර්ථය
නා. විරුද්ධ අර්ථය.
වාරාව
1. නා. විරෝධය ; විරුද්ධත්වය.
2. පංගු පේරුව ; (වැඩ ආදිය) වෙන් වෙන්ව බෙදා ගැනීම ; යම් වැඩක් වෙනත් අයකු විසින් කළ යුත්තකැයි සිතා නොකර සිටීම.
3. වැරදීම ; (කුරුමානම් ආදිය) හරි නොයාම.
වාරි
1. නා.ප්‍ර. ජලය ; වතුර ; දිය.
2. සරස්වතී දේවිය.
3. පාරුවල දෙපසට නෙරා සිටින සේ හරහට බඳින ශක්තිමත් පොලු.
වාරික
1. වි. වාර වශයෙන් ; මුරයක් ලෙසින්.
2. කොටස් වශයෙන් ; වාර ගණනක් ලෙසින්.
වාරික ණය
නා. කොටස් වශයෙන් ලබාගන්නා ණය ; ණයමුදල කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත බැංකු හෝ ලියාපදිංචි මූල්‍ය ආයතන විසින් දෙනු ලබන ණය.
වාරිකන්ද
නා.ප්‍ර. නිවසක බිත්තියට ජලය නොවදින ලෙස ගෙය වටා බඳින බැම්ම.
වාරිකය
1. නා. නියමිත කොටස් ගණනකින් පියවීමට නියමවූ ණය මුදලකින් එක්වරකට පියවීමට නියමිත මුදල.
2. රක්ෂණය සඳහා ගෙවනු ලබන මුදල.
වාරිකයා
නා. පුරාණයේ සිටි නිලධාරි කොට්ඨාසයක් හැඳින් වූ නාමය ; පුරාණයේ පැවති විහාර දේවාලගම් පාලක තනතුරුවලින් එකක්.
වාරිකර්මාන්තය
නා. ගොවිතැන් කටයුතූ සඳහා ජලය සම්පාදනය කිරීමේ කාර්යය ; වැව් අමුණු සෑදීම පිළිබඳ කර්මාන්තය.
වාරිජ
වි. ජලයෙහි උපන් ; දියෙහි හටගත්.
1. නා.ප්‍ර. කිඹුලා.
2. සක්බෙල්ලා.
3. නෙළුම්.
වාරිත
වි. වළක්වන ලද ; වැළැක්වූ.
වාරිධාරා
නා.ප්‍ර. දිය දහර ; ජලධාරාව.
වාරිධිය
නා. සාගරය ; මහමුහුද.
වාරිපූරිත
වි. ජලයෙන් පිරුණු ; දියපිරුණු.
වාරිමාර්ගය
1. නා. ජලය තැනකින් තවත් තැනකට ගෙන යන මාර්ගය ; දිය නික්මෙන මග.
2. ජල සම්පාදන පිළිවෙත ; ඇල, දොල ගංගා හරස්කොට වේලි බැඳීමේ ක්‍රමය.
වාරියන්ත්රය
නා. (පුරාණයේ) වතුර ඉසීම සඳහා භාවිත කරන ලද යන්ත්‍ර විශේෂයක්.
වාරු කරනවා
ක්‍රි. (අතපය වලංගු නොවූ විට) යම් අයෙකුගේ හෝ යම් දෙයක උදවුවෙන් වීරිය ලබාගන්නවා ; වත්තම් කරනවා.