සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1494
වාරකය
1. නා. වතුර ඉසින භාජනය.
2. යමක් වළක්වන හෝ නවත්වන උපකරණය.
වාරක්කුඩි
1. නා.ප්‍ර. ගොවිතැන් කරන්නා ; වගා කරන්නා.
2. සේවකයා ; මෙහෙකරුවා.
වාරකොටස
නා. වරින්වර කොටස් වශයෙන් ගෙවිය යුතු මුදලින් එක් කොටසක් ; වාරිකය.
වාරඟන
නා. වෙසගන ; වේශ්‍යා ස්ත්‍රිය ; වාරංගනාව.
වාරණ
1. නා.ප්‍ර. බාධාව ; මුවාව.
2. ඇතා ; හස්තියා.
වි. අත්හරිත ; වළක්වන.
වාරණාරූඪ
වි. ඇතා පිට නැගුණු ; හස්තියා පිට නැගි.
වාරදොළ
නා.ප්‍ර. කුඩා දොළ පාර.
වාරනිස්
නා.ප්‍ර. දැව යකඩ ආදියේ ආරක්ෂාව හා ඔපය ලබාදෙන ආලේපයක්.
වාරපති
නා.ප්‍ර. සූර්යයා ; දිනපති.
වාරමාරු ක්‍රමය
නා. වාරයෙන් වාරයට මාරු වෙමින් හෝ වෙනස් වෙමින් යම් යම් කාර්ය කිරීම.
වාරය
1. නා. යම් කාර්යයක් සඳහා නියමිත කාල පරිච්ඡේදය ; (පල හා මල් හටගැනීම් වැනි) ස්වාභාවික සිද්ධි සාමාන්‍යයෙන් සිදුවන කාලපරිච්ඡේදය.
2. වතාව.
3. සුදුසු වේලාව හෝ අවස්ථාව.
4. නියමිත අවස්ථාව.
වාරවිපර්යාසය
නා. කලින් කල විය හැකි වෙනස්කම් ; වාර වෙනස්කම්.
වාරවිභාගය
නා. පාසැල් වාරයක් තුළ කරන ලද අධ්‍යයන කටයුතු ඇගැයීම සඳහා වාරය අවසානයේ පවත්වන පරීක්ෂණය.
වාර්ගික
වි. වර්ගික බ.
වාර්ගීකරණය
නා. කොටස්වලට බෙදා දැක්වීම ; වර්ගවලට බෙදා දැක්වීම.
වාර්ණාව
නා. භාණ්ඩවල මිල ගණන් ආදිය සහිත වට්ටෝරුව ; භාණ්ඩ එවන බවත් එහි සංඛ්‍යාවත් මිලත් දක්වා එවන ලියවිල්ල.
වාර්තකකාර
වි. අටුවාචාරි.
වාර්තාක්රමය
1. නා. මනෝවිද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමවලින් එකක් ; සත්වයන් හා පුද්ගලයන් යම් යම් අවස්ථාවලදී හැසිරෙන පිළිවෙල බාහිරව පරීක්ෂා කොට කරුණු එකතු කිරීම.
2. අදාළ පරිදි පුද්ගල, ස්ථාන ආදිය කරා ගොස් කරුණු එක්රැස් කිරීමේ ගවේෂණ ක්‍රමය.
වාර්තාගත
වි. සටහන් කරන ලද ; වාර්තා කරන ලද.
වාර්තාගාරය
නා. සටහන් ආරක්ෂා කර තබන ස්ථානය.
වාර්තාරුඪ
වි. වාර්තාවක් ලෙසටපත් ; වාර්තාවක ආකාරයට පත්.
වාර්තාව
නා. යම්කිසි කාර්යයක් හෝ අවස්ථාවක් පිළිබඳ තොරතුරු දැක්වෙන ලිඛිත සටහන ; විධිමත් විස්තර සටහන.
වාර්තාහරයා
නා. තොරතුරු ගෙනයන්නා ; වාර්තාකාරයා.
වාර්තික
වි. අර්ථ විවරණ සහිත ; අර්ථ පැහැදිලි වූ.