සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1493
වායසවිද්යා
නා.ප්ර. කාක ශාස්ත්රය ; කපුටු ශාස්ත්රය.
වායා
නා. ක්ෂුද්ර ප්රාණි විශේෂයක් ; වෑයා ; කන්වෑයා.
වායිල්ලනවා
(කථා.) ක්රි. අලුත් නිවසක පදිංචි වෙනවා ; නව නිවසකට ගෙවදිනවා.
වායු
1. නා.ප්ර. වාතය ; සුළඟ ; මාරුතය.
2. වයඹ දිසාව ; වයඹ ප්රදේශය.
3. ධාතුවක් ලෙස සලකනු ලබන වායුව ; වායෝ ධාතුව.
4. සුළඟට අධිපති දෙවි.
5. ඛනිජ තෙල් හෝ ගල් අඟුරුවලින් ලබා ගන්නා ගෑස් වර්ගයක්.
6. වාත රෝග විශේෂයක්.
වායු ගුරුත්වමාපක යන්ත්රය
නා. වායු පීඩනය මැනීමේ උපකරණ විශේෂයක් ; වාතයේ බරෙහි හෙවත් පීඩනයේ වෙනස්කම් පෙන්නුම් කරන උපකරණය ; වායු පීඩනමානය.
වායු ජීවියා
නා. ජීවීන් විශේෂයක්; වාතයේ ඔක්සිජන් ඇසුරෙහි පමණක් ජීවත්විය හැකි ක්ෂුද්රජීවියා.
වායු පීඩනමානය
නා. වායු ගෝලීය පීඩනය මැනීම සඳහා යොදන උපකරණය ; බැරෝමීටරය.
වායු පීඩනය
නා. වාතයේ බර හේතුකොටගෙන වායුගෝලය විසින් පෘථිවි පෘෂ්ඨය කෙරෙහි යොදන ලබන පීඩනය ; වායු ගෝලීය පීඩනය.
වායු පූරණය
නා. සුළං පිරවීම ; ගොඩනැගිලි, නැව්, ආකර ආදියට වාතය වැද්දීම.
වායු මණ්ඩලය
නා. පෘථිවි මණ්ඩල විශේෂයක් ; පෘථිවිය බෙදිය හැකි ශිලා, වායු, ජල යන ප්රධාන මණ්ඩල තුනෙන් දෙවැන්න.
වායු සංවර්තය
නා. පුරාණ විශ්වාසය අනුව පෘථිවිය විශාල වාත වේගයක් (කුණාටුවක්) මඟින් විනාශ වන අවස්ථාව.
වායුගෙඩිය
නා. බෙල්ල මහත් වී මතුපිටට නෙරා එන ගෙඩි විශේෂය ; වායු ගෙඩිය ; ගල ගණ්ඩය ; උගුරේ ගෙඩිය.
වායුගෝලය
නා. පෘථිවිය අවට පැතිර පවත්නා වායු මණ්ඩලය.
වායුඡත්රය
නා. අහසේ සිට ගුවන් යානයකින් බසින පුද්ගලයකු හෝ බස්සවන දෙයක් හෝ පොළොව මතුපිටට එවීම සඳහා රැහැන්වලින් යුක්තව රෙදි හෝ වෙනත් දෙයකින් කුඩයක ආකාරයෙන් සාදාගත් උපකරණය ; පැටචුටය.
වායුයාත්රා
නා.ප්ර. සුළගේ බලයෙන් ක්රියාත්මක වන යාත්රාව ; වාතයේ පාවෙන යාත්රා.
වායුරෝදක
වි. වාතය හෝ වායුවක් කාන්දු නොවන.
වායුශෝධකය
නා. මෝටර් වාහන ආදියේ ඇන්ජිමට පිරිසිදු වාතය ලබා දෙන උපකරණය.
වායුසමනය
නා. කෘත්රිමව වාතය ඇතුළුකර තැබීම ; වායුව පිවිසවා සුව පහසුව සැලසීම.
වාර සුළං
නා.ප්ර. වාරයට හමන සුළං ; ගොඩ සුළං, මුහුදු සුළං හා මෝසම් සුළං.
වාරං
(කථා.) නා.ප්ර. 1. ඔන්චිලි පදින විට කියන සිවුපද.
2. අංකෙළි ක්රීඩාවෙන් පසු ජයගත් පක්ෂය වහසි බස් කියමින් නටමින් සෙත් වඩමින් කියන කවි.
3. පොල් ගැසීමෙන් පසු කියන ආශිර්වාදාත්මක කවි.
වාරං කියනවා
(කථා.) ක්රි. 1. වාරම් කවි කියනවා.
2. කෙනෙකුට අන්තරාය කරන බවට වහසිබස් දොඩනවා ; විරුද්ධව දොස් කියනවා.
වාරංගය
1. නා. හිස ; ශීර්ෂය.
2. ස්ත්රී පුරුෂයන්ගේ රහසඟ.
වාරකන්
නා.ප්ර. වාරයට හමන සුළඟ ; නිරිතදිග මෝසම්සුළං හමන කාලය ; මුහුදු දිය කුණාටුවලින් සහ දියවැල්වලින් චණ්ඩව පවතින කාලය.
වාරකබත
නා. කලින් බෙදාගත් පරිදි දින හෝ වාර වසයෙන් ගම්වැසියන් එකිනෙකා විසින් භික්ෂූන් උදෙසා දෙන දානය ; වාර භක්තය.