සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1492

වාපාළුව

නා. තද සුළං පහර නිසා භෝග වර්ග පාළු වී යාම ; වාත පාළුව.

වාපිය

නා. ජලය රඳවා ගැනීමට කණින ජලාශ විශේෂය ; වැව.

වාපීඩනය

(පාරිභා.) නා. පාලනය කළ හැකි පීඩනය යටතේ උපදවන වායුව.

වාම

වි. දකුණු අත පැත්තට විරුද්ධ පැත්තෙහි වූ ; වම් පැත්තෙහි වූ.

වාම අංසඵලකය

නා. වම් උරපතු ඇටය ; ඌරෝස්ථිය මුදුනේ සිට උරහිස දක්වා විහිද යන (වම් පසෙහි වූ) ත්‍රිකෝණාකාර පැතලි ඇටය.

වාම පාර්ශ්වය

නා. වම් පැත්ත ; වම්පස ; වාමභාගය.

වාම සෙය්‍යාව

නා. වම් අත යටට සිටින සේ වම් ඇලයෙන් සයනය කිරීම ; වම්පසට හැරි නිදා ගැනීම.

වාමකර්ණකය

නා. මැදින් දෙකට බෙදී ගිය කාමර හතරකින් යුත් හෘදය පේශියේ වම්පස කර්ණකය ; වාමහෘත් කර්ණිකාව.

වාමන

වි. මිටි.
1. නා.ප්‍ර. විෂ්ණු දෙවියාගේ දශ අවතාරවලින් එකක්.
2. එනමින් යුතු සංස්කෘත පඬිවරයා.

වාමනයා

නා. ශරීරයෙන් මිටි වූ තැනැත්තා ; මිට්ටා.

වාමනේත්‍ර

වි. ලස්සන ඇස් ඇති.
නා.ප්‍ර. කන්‍යා රාශිය.

වාමලෝචනාව

නා. සුරූපිය ; තරුණ ස්ත්‍රිය ; ලස්සන කාන්තාව.

වාමාංශික

1. වි. වම්පසට අයත් වූ.
2. සමසමාජ, කොමියුනිස්ට් ආදි (විරුද්ධ) දේශපාලන අදහස් දරන.

වාමාභිමුඛ සුළඟ

(පාරිභා.) නා. හැමීමේ දිශාව ආවර්තනය වී නැගෙනහිර සිට ඊසාන ඔස්සේ උතුරට හමන සුළඟ.

වාමාවර්ත

(පාරිභා.) වි. වමට හැරී තිබෙන ; වමට හැරුණු ; වමට ගමන් කරන.

වාමුව

(පාරිභා.) නා. ගිනි කඳු ප්‍රදේශවල ඇති උණුසුම් වායුව එළියට නිකුත් කරන මුඛය ; සිදුර ; විවරය.

වාමුවා පිස්නය

(පාරිභා.) නා. වාහනයක වා ඇවුරුම පිරිසිදු කිරීම සඳහා සවිකොට ඇති 'වයිපර' නම් උපකරණය.

වාමුවාව

(පාරිභා.) නා. වායුව විදිනු වැළැක්වීමට සවි කරන ආවරණය ; වා ඇවුරුම.

වාමුසුව

(පාරිභා.) නා. වායු පීඩනය උපයෝගී කරගෙන මෝටර් වාහන නැවැත්වීමට යොදාගන්නා උපක්‍රමය ; වාතබද්ධ තිරිංගය.

වායංගොතනවා

(කථා) ක්‍රි. මලු පැදුරු ආදියෙහි (මෝවිට) ගැටිය ගොතනවා.

වායව

වි. වාතයේ අඩංගු වූ ; සුළගේ අන්තර්ගත වූ.

වායවමුල්

නා.ප්‍ර. ගසක හෝ පැළෑටියක අතුවලින් හෝ කඳෙන් හටගෙන පහතට එල්ලා වැටෙන මුල්.

වායව්‍ය

1. නා.ප්‍ර. වායුව ; සුළඟ.
2. වයඹ දිශාව.

වායසයා

නා. කපුටා ; කාකයා.