සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1491

වානජය

නා. (ජ්‍යෝති.) රාශි චක්‍රයේ ස්ථාන දොළහෙන් අටවැන්න ; වෘශ්චික රාශිය.

වානත

(කථා.) නා. රෙදි ; වස්ත්‍ර.

වානප්‍රස්ථයා

නා. වනයෙහි තවුස්දම් රකින්නා.

වානර

වි. වඳුරු වර්ගයට අයත් ; වඳුරන් පිළිබඳ වූ.

වානර නියාය

නා. දුටු දේ ඒ ආකාරයට ම කිරීම ; අනුකරණය ; හොඳ නරක නො සොයා අනුන් අනුගමනය කිරීම.

වානවා

(කථා.) ක්‍රි. වාවනවා ; සිතින් දරා ගන්නවා ; ඉවසනවා.

වානහම

(කථා.) නා.ප්‍ර. කැලෑ හේන් ආදියේ වැඩ කරන විට දමන පාවහන්.

වානළය

නා. මනුෂ්‍ය ශරීරයේ ඇති ප්‍රධාන නාළයක් ; ශ්වාස නාලය.

වාන් සගල

නා. පාවහන් යුගල.

වාන්කට

(කථා.) නා.ප්‍ර. හුණු පෝරණුවේ ගිනි දැමීමට හදන ලද කට.

වාන්කොක්ක

නා. පාවහන් එල්ලා තබන කොකු සහිත උපකරණයක්.

වාන්ත

වි. බැහැර කළ ; දුරු කළා වූ ; ඉවත් කළා වූ.

වාන්දමනවා

ක්‍රි. වැවක් සම්පූර්ණයෙන් පිරී වැඩි වතුර පිටවාන මතින් බැහැර වෙනවා ; පිටවානෙන් වතුර උතුරායනවා.

වාන්දු කරනවා

ක්‍රි. (පැළුෑ වේවැල් පුස්කොළ ආදියේ) දාර ගා පිළියෙල කරනවා ; ඔපදමනවා.

වානිය

නා. වැවක වැඩි ජලය පිට කරන ස්ථානය ; පිටවාන.

වානියා

(කථා.) නා. තෙල් වෙළඳාම් කරන ඉන්දියානු ජාතිකයා ; තලතෙල් විකුණන්නා.

වානුව

1. නා. ඉවසීම ; දරාගැනීම ; විඳගැනීම.
2. ස්ත්‍රී මායම.

වාප

1. වි. වැපිරීම හා සම්බන්ධ.
2. රෙදිවිවීම හා සම්බන්ධ.
3. කෙහෙ රැවුල් බෑම හා සම්බන්ධ.
1. නා.ප්‍ර. වපුරන බිජුවට.
2. වපුරන තැන.

වාපත

(පාරිභා.) නා. ගුවන් යානයක පියාපත.

වාපදණ්ඩ

නා. විවීමේ උපකරණය හා සම්බන්ධ කඳ ; වියන දණ්ඩ.

වාපනය

1. නා. වැපිරීම ; ඉසීම.
2. උසාවිය වැනි ස්ථානවල ආරච්චි, තෝල්කමුදලි ආදි නිල ඇඳුමට උඩින් උරය හරහා පළඳින රතු පටිය.

වාප්පු

1. වි. වරායක රේගු පොළ සම්බන්ධ ; බඩු බෑම හා පැටවීම පිණිස වරායේ ඇති වේදිකාව පිළිබඳ.
2. තොටමුණක රේගුපොළ හා සම්බන්ධ ; තොටමුණක ආනයන අපනයන භාණ්ඩ ගොඩබෑම හා පැටවීම හා සම්බන්ධ.

වාප්පුව

නා. බඩු බෑම හා පැටවීම පිණිස නැව් නවත්වන තැන තිබෙන වේදිකාව ; රේගුව.

වාප්‍යවරණය

නා. වැව් බැම්ම ශක්තිමත් වීම සඳහා කරන ලද ඇවුරුම.