සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1552
විවෘතභංගය
නා. සමෙන් එළියට පිවිස ඇති ඇට බිඳුම ; විවෘත භග්නය.
විවෘතරක්තපාතය
නා. ශරීරයේ ස්වාභාවික විවරයකින් ලේ ගැලීම ; ස්වාභාවික රක්තපාතය.
විවෘතාක්ෂ
වි. ඇරුණු ඇස් ඇති.
විවෘතාශ
(පාරිභා.) වි. අන්ධාශයත් ආහාර මාර්ගයත් සම්බන්ධ කරන නාලයකින් යුක්ත වූ.
විවෘතිය
1. නා. විස්තරය විවරණය.
2. විවෘත වීම ; පෙරළීම ; වෙනස් වීම.
විවෘද්ධිය
නා. වැඩීම ; දියුණු වීම.
විවේක
1. වි. නිස්කලංක ; කරදර රහිත ; ශබ්දයෙන් තොර.
2. වෙන් වූ ; අමිශ්‍ර ; මුසු නොවන.
3. නිරවුල් ; නිශ්චිත
විවේක කාලය
නා. වැඩපල, සේවා කටයුතු ආදියෙන් තොර වේලාව.
විවේකකාමී
වි. විවේකයට කැමැති ; විවේක සුවයෙන් සිටිනු කැමැති.
විවේකචාරි
වි. විවේකයෙන් හැසිරෙන ; විවේකීව කාලය ගෙවන.
විවේකඥානය
නා. නිරවුල් නුවණ ; විවේක බුද්ධිය.
විවේකබුද්ධිය
නා. කරුණු නිවැරැදිව අවබෝධ කිරීමේ දැනුම ; නොසැලෙන බුද්ධිය ; නිරවුල් මනස.
විවේකය
1. නා. කායික හා මානසික වශයෙන් ලබන නිදහස ; නිවාඩුව.
2. ඵල සමාපත්තිය ; නිර්වාණය.
3. වෙන් වීම ; තනිවීම.
4. කරුණු යථා පරිදි නිශ්චය කිරීම ; යථාවබෝධය.
5. සංගීත රාගයක නාමය.
විවේකාගාරය
නා. වෙහෙස නිවාගන්නා ස්ථානය ; ගිමන්හල ; විශ්‍රාම ශාලාව.
විවේකාර්ථ
නා.ප්‍ර. සියලු සංස්කාරයන්ගෙන් ඈත් වුණු බව.
විවේකාර්ථි
නා.ප්‍ර. විවේකය කැමති පුද්ගලයා ; සංස්කාරයන්ගෙන් වෙන් වුණු පුද්ගලයා.
විවේකාර්හ
වි. විවේකී ජීවිතයට යෝග්‍ය.
විවේචක
වි. ගුණ දොස් පැවැසෙන ; විවේචනය වන ; විචාරයෙහි යෙදෙන.
විවේචකයා
නා. හොඳ, නරක පෙන්වා දෙන පුද්ගලයා.
විවේචනය
නා. ගුණ දොස් දැක්වීම.
විවේචනාත්මක
වි. විවේචනයට ලක් කෙරෙන ; විවේචන ලක්ෂණ අඩංගු.
විවේතනය
නා. වේතනයට අමතරව දෙන දීමනාව.
විවේද්ය
වි. විමසා බැලිය යුතු.
විශකලිත
වි. විශේෂයෙන් කැබලි කළ ; විශේෂයෙන් බිඳින ලද.