සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1621

ශ්‍රේෂ්ඨාධිකරණය

නා. උසස් අධිකරණ සභාව ; සුප්‍රීම් උසාවිය.

ශ්‍රොතාපත්ති

නා.ප්‍ර. සෝතාපත්ති මාර්ගය ; සෝවාන් මග.

ශ්‍රෝණ රක්තක

නා.ප්‍ර. පද්මරාග මාණික්‍ය ; පියුම්මිණි.

ශ්‍රෝණි

නා.ප්‍ර. උකුල ; තුනටිය.

ශ්‍රෝණි කුහරය

(පාරිභා.) නා. උකුල හා සම්බන්ධ කුහරය ; උකුළු සන්ධිය සඳහා වූ කුහරය ; ශ්‍රෝණි කෝටරය.

ශ්‍රෝණි ඡිද්‍රය

(පාරිභා.) නා. ශ්‍රෝණි මේඛලාවේ තිබෙන මහා කුහරය ; ජාදක ඡිද්‍රය.

ශ්‍රෝණි ඵලකය

(පාරිභා.) නා. උකුළු ඇටය.

ශ්‍රෝණි මේඛලාව

(පාරිභා.) නා. කශේරුව පහළ කෙළවරේ වූ අස්ථි වළල්ල ; පෘෂ්ඨවංශීන්ගේ පස්සා ගාත් හෝ පස්සා වරල් හෝ සන්ධානය වන කංකාල සැකිල්ල.

ශ්‍රෝත

1. නා.ප්‍ර. කන ; කර්ණය.
2. සැඩ දිය පහර ; මහෝඝය ; ජල ප්‍රවාහය.

ශ්‍රෝතස

1. නා. කර්ණය ; කන.
2. වේගයෙන් ගලන දිය පහර.
3. සිතෙහි ගලා යන කෙලෙස්.
4. සිරුරේ ලේ ගමන් කරන නාල.

ශ්‍රෝත්‍රය

නා. කන ; කර්ණය.

ශ්‍රෝත්‍රිය

නා.ප්‍ර. බමුණා ; බ්‍රාහ්මණයා.

ශ්‍රෝතාපත්ති මාර්ගය

නා. නිවන කරා ගමන් කළ යුතු මග ; සෝවාන් මග.

ශ්‍රෝතෘ

වි. අසන ; සවන්දෙන.

ශාක ගහණය

(පාරිභා.) නා. එක් විශේෂයකට අයත් වන ශාක හෝ සත්ව ගණය.

ශාක ජනනය

(පාරිභා.) නා. සංවෘත බීජ බෝවීම සිදුවන දෙවිධියෙන් එකක්.

ශාක පටකය

(පාරිභා.) නා. ශාකයේ එකම වර්ගයේ සෛලවලින් සෑදුණු ප්‍රදේශය.

ශාක ප්ලවාංගය

(පාරිභා.) නා. ගැඹුරු මුහුදේ හා දිය මතු පිට ඉබේ පාවී යන ශාක ජීවියා.

ශාක බන්ධනය

(පාරිභා.) නා. අංකුර මඟින් හෝ රිකිලි මඟින් හෝ කරන ශාක බද්ධය.

ශාක භක්ෂක

වි. ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා වූ.

ශාක සදෘශ

(පාරිභා.) වි. හරිත ශාකයක් ආහාර ලබාගන්නා ආකාරයට ආහාර ගන්නා වූ.

ශාකමය

(පාරිභා.) වි. පැළෑටි පිළිබඳ වූ ; උද්භිද ගණයට අයත්.

ශාක්ත

වි. සත්ව, රජස්, තමස් යන ශක්ති තුන ගුරුකොට ගන්නා ; ශක්ති වාදයට අයත්.

ශාක්‍ය

වි. එනම් රජකුලයට අයත් ; ශාක්‍යවංශික.
නා.ප්‍ර. දඹදිව පැවති රාජවංශයක නාමය.