සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1620

ශ්‍රී

1. නා.ප්‍ර. උතුම් ස්වභාවය : අලංකාර ස්වභාවය ; ශ්‍රියාව ; ශෝභාව.
2. සැපත සම්පත්තිය ; ඓශ්වර්යය ; සමෘද්ධිය.
3. ගෞරව පිණිස උත්තමයන්ගේ නාමවල මුලට යොදන ශබ්දයක්.
4. සෞභාග්‍යයට අධිපති දෙවඟන ; ශ්‍රී කාන්තාව.

ශ්‍රී දළදාව

නා. දන්තධාතුන් වහන්සේ.

ශ්‍රී දේහය

1. නා. උතුම් සිරුර ; ශෝභා සම්පන්න ශරීරය ; විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය සම්බන්ධයෙන් යෙදේ.
2. පැවිදි හෝ ගිහි උතුමකුගේ මළ සිරුර.

ශ්‍රී නිකේත

වි. ශ්‍රියාවට වාසස්ථාන වූ ; ලක්ෂ්මියට වාසස්ථාන වූ.

ශ්‍රී නිකේතය

1. නා. වාසස්ථානය ; ගෙය.
2. රත් මහනෙල් මල.

ශ්‍රී පාදය

1. නා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල.
2. සමනොල කන්දේ පිහිටා ඇති බුදුරජාණන් වහන්සේගේ සිරිපා ලාඤ්ඡනය ; සිරිපා සටහන.

ශ්‍රී බුද්ධවර්ෂය

නා. බුද්ධ පරිනිර්වාණයෙන් ආරම්භ වූ වර්ෂය.

ශ්‍රී මුද්‍රාව

නා. රාජකීය සලකුණ ; රාජ ලාඤ්ඡනය ; රජුගේ මුද්‍රාව.

ශ්‍රී ලංකාව

නා. ඉන්දියාවට ශ්‍රී දකුණින් පිහිටි ඉන්දියානු සාගරයෙන් වට වූ දිවයින ; සිරිලක ; හෙළබිම.

ශ්‍රී ලාංකික

වි. ශ්‍රී ලංකාව ජන්ම භූමිය කරගත් ; ශ්‍රී ලංකාවේ ජීවත් වන ; ශ්‍රී ලංකාවට අයත්.

ශ්‍රී විභූතිය

නා. මහත් වූ සම්පත ; යස ඉසුරෙන් පිරුණු බව.

ශ්‍රී සන්නස

නා. රජු විසින් දෙන ලද ලේඛනය ; විවිධ කරුණු සඳහා රාජහස්න ලාඤ්ඡනය යොදා ප්‍රදානය කරනු ලබන ලේඛනය.

ශ්‍රී සමෘද්ධිය

නා. සැප සම්පතින් හෙබි දියුණුව ; වැඩි දියුණුව.

ශ්‍රී සෞභාග්‍යය

නා. යස ඉසුරෙන් සම්පන්න බව ; සම්පත්තියෙන් ආඪ්‍ය බව.

ශ්‍රීකර

වි. සෞභාග්‍යය ඇති කරන්නා වූ ; වාසනා ගෙන දෙන.
1. නා.ප්‍ර. ජලජ ශාකයක් ; රත් නෙළුම්.
2. නිල් මානෙල්.
3. විෂ්ණු.

ශ්‍රීඝන

නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේට ව්‍යවහාර වන පර්යාය නාමයක්.

ශ්‍රීමත්

වි. සම්පත් ඇති ; උසස් ; කීර්තිමත් (ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ නමට මුලින් යෙදේ).

ශ්‍රීමහ බෝධිය

1. නා. සිදුහත් බෝසතාණන් වහන්සේ සර්වඥතා ඥානය අවබෝධ කරගත් මොහොතේ දී සෙවන දුන් බුද්ධගයාවෙහි පිහිටි ඇසතු බෝරුක.
2. අනුරාධපුරයේ රෝපිත බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහාබෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව.

ශ්‍රේණි ආකලනය

(පාරිභා.) නා. ගණිත ශ්‍රේණි එකතු කිරීම ; සංඛ්‍යා ශ්‍රේණිවල ඓක්‍යය.

ශ්‍රේණි වර්ණපටය

(පාරිභා.) නා. තුන් පැත්තක් ඇති ප්‍රිස්මයක් මැදින් රශ්මියක් යැවූ විට ඉන් බෙදී යන වර්ණ මාලාව.

ශ්‍රේණිය

1. නා. සමූහය ; පංතිය.
2. යම් ව්‍යාපාරයක් සඳහා ඇති කරන ලද සමාගම ; වෙළඳ සංසදය.
3. පාසැලේ ළමයින් ඉගෙන ගන්නා පන්තිය ; සමූහය ; පෙළ.
4. පාසැලේ පන්තිය.

ශ්‍රේයස

1. නා. සම්පත්තිය ; යසස.
2. මෝක්ෂය.
3. ශුභ සිද්ධිය ; යහපත.

ශ්‍රේෂ්ඨ

වි. ඉතා උසස් ; ඉතා උතුම් ; පැසසිය යුතු ; අග්‍ර.

ශ්‍රේෂ්ඨයා

නා. උතුම් තැනැත්තා ; උත්තමයා.