සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1619
ශ්රවණ සීමාව
(පාරිභා.) නා. ඇසෙන දුර ප්රමාණය.
ශ්රවණය
1. නා. ඇසීම ; කන්දීම.
2. කර්ණය ; කන.
ශ්රවණිකාව
(පාරිභා.) නා. මයික්රෝෆෝනය ; සූක්ෂ්ම ධ්වනි උපකරණය.
ශ්රවණීය
වි. ඇසිය යුතු ; ඇසීමට ප්රිය.
ශ්රව්ය
වි. අසන ; අසනසුලු.
ශ්රව්ය ගෝචර
වි. කනට ගොදුරු වන ; කනට යොමු වන ; ඇසීමට අරමුණු වන.
ශ්රව්යතාව
නා. ඇසෙන්නට පුළුවන්කම ; ශ්රවණය කිරීමට හැකි බව.
ශ්රාද්ධ
වි. ශ්රද්ධා ඇති ; සැදැහැවත්.
ශ්රාද්ධය
1. නා. ශ්රද්ධාව.
2. මුතුන් මිත්තන් සිහි කොට පිදීමේ චාරිත්රය.
ශ්රාන්ත
වි. වෙහෙස වූ ; විඩාපත්.
ශ්රාන්තිය
නා. වෙහෙස ; විඩාව.
ශ්රාමණේර
සාමණේර බ.
ශ්රාවකයා
1. නා. බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව පිළිපදින අනුගාමිකයා.
2. යම් ශාස්තෘවරයකුගේ දහම් පිළිපදින්නා.
3. කන්දෙන්නා ; අනුගාමිකයා ; ශිෂ්යයා ; ගෝලයා.
ශ්රාවය
1. නා. වැගිරෙන දෙය ; කන්, නාසා ආදියෙන් වැගිරෙන දියරය.
2. ශරීරයෙහි ඇතැම් ග්රන්ථිවලින් පිට වී රුධිරයට එක් වන රසායනික දියර.
ශ්රැත
වි. අසන ලද ; ශ්රවණය කළ.
ශ්රැත බුද්ධ
නා.ප්ර. බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයා ; බොහෝ ධර්මය උගත් පුද්ගලයා ; බහුශ්රැතයා.
ශ්රැතමය ඥානය
නා. ධර්ම ශාස්ත්රාදිය ඇසීමෙන් ඇතිවන නුවණ.
ශ්රැති පථය
නා. සවන් මඟ ; ශ්රවණේන්ද්රිය.
ශ්රැති සූචක
වි. ඇසූ දෙය කියන.
ශ්රැතිය
1. නා. ඇසීම ; ශ්රවණය කිරීම.
2. ඇසුණු දෙය ; අසා දැනගත් දෙය.
3. මුඛ පරම්පරාවෙන් ගෙන ආ ධර්මය වන වේදය ; භාරතීය සංගීතයෙහි සප්තස්වර පිළිබඳ හඬ විශේෂ දෙවිස්ස.
ශ්රිත
වි. යමක ක්රියාකාරිත්වය පිළිබඳ වූ ; හැසිරීම සම්බන්ධ වූ.
ශ්රිතය
(පාරිභා.) නා. යමක ක්රියාකාරිත්වය ; හැසිරීම.
ශ්රියා කාන්තාව
නා. සෞභාග්යය පිළිබඳ දෙව්දුව ; ලක්ෂ්මිය.
ශ්රියාව
නා. සිරියාව ; ශෝභාව ; සෞභාග්යය.