සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1658

සංචල

වි. සෙලවෙන ; චංචල ; වෙනස් වන.

සංචලක

වි. එහා මෙහා යනසුලු ; ජංගම.

සංචලතාව

(පාරිභා.) නා. එහා මෙහා යෑමේ හැකියාව ; ජංගම හැකියාව.

සංචලන

වි. අඩු වැඩි වන ; විචල්‍ය ; වෙනස් වන.

සංචල්

වි. සෙලවෙන ; චංචල.
1. නා.ප්‍ර. චලිතය ; චංචලබව.
2. කරදර සහිත බව.

සංචලිත

වි. සෙලවුණු ; සෙලවෙන.

සංචායක

(පාරිභා.) වි. ගබඩා කරන.

සංචායක අවයව

(පාරිභා.) නා.ප්‍ර. (ශාක) රැස් කරන අංගය.

සංචායක ඉන්ද්‍රිය

(පාරිභා.) නා.ප්‍ර. (ශාක ආහාර) රැස් කරන ඉන්ද්‍රිය.

සංචායක කෝෂය

(පාරිභා.) නා. 1. රැස් කරන කෝෂය.
2. විද්යුත් රසායනික කෝෂය ; ද්විතීය කෝෂය.

සංචායක බැටරිය

(පාරිභා.) නා. සංචායක කෝෂය.

සංචායක වෘක්කය

(පාරිභා.) නා. එක්රැස් කිරීමේ වෘක්කය.

සංචායකය

නා. රැස් කරන ලද දැයින් පුරවන ලද අවයවය ; විද්යුත් ශක්තිය රැස් කරන ලද කෝෂය ; කොන්ඩෙන්සරය.

සංචාර

1. වි. හැසිරීම පිළිබඳ වූ.
2. තැනින් තැන යන ; සැරිසරන.
1. නා.ප්‍ර. හැසිරීම.
2. යෑමඊම ; ඇවිදීම.

සංචාර ස්නායුව

(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ දහවැනි කපාල ස්නායුව.

සංචාරක

1. වි. හැසිරෙන.
2. (සේවය සඳහා) තැනින් තැනට යන ; ජංගම.
3. චාරිකාවල යෙදෙන.
4. ස්ථිර වාසස්ථානයක් නැති ව තැනින් තැන යන.
5. සංචාරක කටයුතු සම්බන්ධ වූ.

සංචාරක උසාවිය

නා. නඩු විසඳීම සඳහා නියමිත ස්ථානවලට ගෙන යනු ලබන උසාවිය.

සංචාරක චෙක්පත

නා. විදේශ ගමන්වල දී මුදල් බවට හරවා ගත හැකි චෙක්පත.

සංචාරක නිලධාරියා

නා. සේවා කටයුතු සඳහා තැනින් තැනට යන නිලධාරියා.

සංචාරක බංගලාව

නා. සංචාරකයන්ගේ ප්‍රයෝජනය සඳහා සපයා ඇති නිවාසය.

සංචාරක වයිරසය

නා. පරිගණක ගත දත්තවලට හානි පැමිණවීමට හා සොරකම් කිරීමට පරිගණකයෙන් පරිගණකයට ගමන් කරවිය හැකි පරිදි සකසන ලද මෘදුකාංග.

සංචාරක ව්‍යාපාරය

නා. විශේෂයෙන් විදේශිකයින් මෙරටට පැමිණ සංචාරය කිරීම සම්බන්ධව ආදායම් මාර්ගයක් වශයෙන් පවත්වාගෙන යන ව්‍යාපාරය.

සංචාරක විනිශ්චයකාරයා

(පාරිභා.) නා. සංචාරක උසාවියේ නඩුකාරයා.

සංචාරක වෙළෙන්දා

නා. තැනින් තැන යමින් වෙළඳාම් කරන්නා.